Education Menu

 

Features Menu

 

Additional Menu

 

Now Online

We have 115 guests online
 

@edulanka

 

Follow US

Twitter You Tube Google Plus
Pinterest Facebook EduLanka Blog

 

Information Zone

eduLanka Sinhala

Welcome to eduLanka.LK, Largest online education web site in Sri Lanka & most popular educational web site among Sri Lankan students. EduLanka, Best nonprofit & educational website is provided large numbers of online lessons, education related course information, teachers information, E books, examination result alerts, goverment job alerts, tuition class information, career guide for school leavers and more resources related to education in Sri Lanka. Edulanka provides education related resources from primary education, O-Level & A-Level education, University & Postgraduate education and vocational training education.

EduLanka IDN Domains http://එඩියුලංකා.ලංකා http://எடியுலங்கா.இலங்கை


jobs Mathematics SLAS Exam Dharma Education Results



 

Inside Online School

Share Us

Home Page Other Education PALI - පාලි පාඨමාලාව

2 පාඩම - බ්‍යඤ්ජනා
Friday, 07 January 2011 11:11

Pali Education Lesson for Pirivena and Religious institutes of Sri Lanka

2 පාඩම - බ්‍යඤ්ජනා

කානි ඉමානි? ඉමානි - මේවා, කානි - මොනවා ද?
ඉමෙ බ්‍යඤ්ජනා. ඉමෙ - මේවා , බ්‍යඤ්ජනා - ව්‍යඤ්ජන ය.
කෙ සරා? සරා - ස්වර යනු , කෙ - කවර ඒවා ද?
අක්‍ඛරෙසු අකාරදයො ඔකාරන්තා අට්ඨ සරා නාම. අක්‍ඛරෙසු - අකුරු අතුරින්, අකාරදයො -
අ යන්න මුල් කොට ඇති,  ඔකාරන්තා - ඕ යන්න අන්ත කොට ඇති, අට්ඨ - අකුරු අට, සරා නාම - ස්වර නම් වේ.
කෙ බ්‍යඤ්ජනා ? බ්‍යඤ්ජනා - ව්‍යඤ්ජන , කෙ - කවර ඒවා ද?
සරෙ ඨපෙත්වා සෙසා බ්‍යඤ්ජනා. සරෙ ඨපෙත්වා - ස්වර හැර, සෙසා - සෙසු ඒවා, බ්‍යඤ්ජනා - ව්‍යඤ්ජනයි. කෙ තෙ? තෙ - ඒවා, කෙ - කවර ඒවා ද?
තෙ කිර කාදයො නිග්ගහීතන්තා තෙත්තිංසති අක්‍ඛරා. තෙ කිර - ඒවා වනාහී, කාදයො - කයන්න මුල් කොට ඇති,  නිග්ගහීතන්තා - නිග්ගහීතය අන්ත කොට ඇති, තෙත්තිංසති අක්‍ඛරා - අකුරු තිස් තුන ය.
කකාරතො ඞකාරන්තා කති අක්‍ඛරා හොන්ති?
කකාරතො - කයන්නේ පටන්, ඞකාරන්තා - කති අක්‍ඛරා හොන්ති? - අකුරු කියක් වෙත් ද?
පඤ්ච අක්‍ඛරා හොන්ති. පඤ්ච අක්‍ඛරා - අකුරු පහක්,  හොන්ති - වෙත්.
කෙ නාම තෙ? තෙ - ඒවා, කෙ නාම - කවර නම් වෙත් ද?
තෙ කවග්ගා නාම. තෙ - ඒවා, කවග්ගා නාම - කවර්ග නම් වෙත්. කෙ තෙ? තෙ - ඒවා, කෙ - කවර ඒවා ද?
තෙ කිර ක ඛ ග ඝ ඞ ඉති පඤ්ච අක්‍ඛරා.  තෙ කිර - ඒවා වනාහී, ක ඛ ග ඝ ඞ ඉති - ක ඛ ග ඝ ඞ - යන, පඤ්ච අක්‍ඛරා - අකුරු පහයි.
කෙ ච වග්ගා? ච වග්ගා - ච වර්ගයේ අකුරු - කෙ - කවර ඒවා ද?
චකාරතො ඤකාරන්තා පඤ්ච

අක්ඛරා.   චකාරතො -  ච යන්නේ සිට, ඤකාරන්තා - ඤ යන්නෙන් අවසන් වන,  පඤ්ච අක්ඛරා - අකුරු පහයි. තෙ කිර ච ඡ  ජ ඣ ඤ ඉති පඤ්චක්‍ඛරා.   තෙ කිර - ඒවා වනාහී, ච ඡ  ජ ඣ ඤ ඉති - ච ඡ  ජ ඣ ඤ යන, පඤ්චක්‍ඛරා (පඤ්ච අක්‍ඛරා) - අකුරු පහයි.
ටකාරතො ණකාරන්තා කති? ටකාරතො - ට යන්නේ සිට, ණකාරන්තා - ණ යන්නෙන් අවසන් වන අකුරු,  කති - කීය ද?
එත්‍ථන්තරෙ අපි පඤ්ච. එත්‍ථ අන්තරෙ අපි - මේ අතර ද, පඤ්ච - පහකි. කෙ නාම තෙ? - ඒවා මොනවා ද? තෙ ට වග්ගා. - ඒවා ටවර්ගයි. කෙ තෙ - ඒ කවර ඒවා ද?
තෙ කිර ට ඨ ඩ ඪ ණා. තෙ කිර - ඒවා වනාහී, ට ඨ ඩ ඪ ණා - ට ඨ ඩ ඪ ණ යන ඒවායි.
කෙ  තවග්ගා ? තවර්ග අකුරු කවර ඒවා ද?
තෙ කිර ත ථ ද ධ නා. තෙ කිර - ඒවා වනාහී,  ත ථ ද ධ නා - ත ථ ද ධ න යන ඒවායි.
එත්‍ථ කති අක්‍ඛරා? - මෙහි අකුරු කීය ද?
එත්‍ථාපි පඤ්ච. එත්‍ථ අපි - මෙහි ද,  පඤ්ච - පහකි.
තෙ කිර තකාරතො නකාරන්තා. තෙ කිර - ඒවා වනාහී, තකාරතො - ත යන්නේ සිට, නකාරන්තා - න යන්න අන්ත කොට ඇති අකුරුයි.
ප ඵ බ භ මා කෙ නාම ?  ප ඵ බ භ මා - ප ඵ බ භ ම යන ඒවා, කෙ නාම - කවර නම් වේ ද? තෙ පන ප වග්ගා. තෙ පන - ඒවා වනාහී,   ප වග්ගා - පවර්ගයි.
එත්‍ථ කති ? - මෙහි අකුරු කීය ද?
එත්‍ථාපි පඤ්ච එව. එත්‍ථ අපි - මෙහි ද, පඤ්ච එව - පහක් ම ය.
තෙ කුතො කෙන අන්තා? තෙ - ඒවා, කුතො - කොතැනින් පටන්ගෙන, කෙන අන්තා - කුමකින් අවසන් වන්නෝ ද?   තෙ පකාරතො මකාරන්තා. තෙ  - ඒවා, පකාරතො - ප යන්නෙන් පටන්ගෙන, මකාරන්තා - ම යන්නෙන් අවසන් වන ඒවායි.
එවං බ්‍යඤ්ජනානං කාදයො මකාරන්තා පඤ්ච පඤ්චසො අක්‍ඛරවන්තො වග්ගා නාම. එවං - මෙසේ,
බ්‍යඤ්ජනානං - බ්‍යඤ්ජන අකුරුවලින්, ක ආදයො - ක යන්නෙන් පටන්ගෙන, මකාර අන්තා - ම යන්නෙන්
අවසන් වන,  පඤ්ච පඤ්චසො - පහක් පහක් බැගින් වූ , අක්‍ඛරවන්තො - අකුරු ඇත්තේ,  වග්ගා නාම - වර්ග අකුරු නම් වෙත්.
තෙන වුත්තං බාලාවතාරෙ වග්ගා පඤ්ච පඤ්චසො මන්තා ඉති. තෙන - ඒ නිසා,  බාලාවතාරෙ - බාලාවතාරයෙහි, වග්ගා පඤ්ච පඤ්චසො මන්තා ඉති - වග්ගා පඤ්ච පඤ්චසො මන්තා යයි, වුත්තං - කියන ලදී.
කෙ වග්ගානං පඨම අක්‍ඛරා? වග්ගානං - වර්ගයන්ගේ, පඨම අක්‍ඛරා - පළමු අකුරු, කෙ - කවර ඒවා ද? තෙ කිර ක ච ට ත ප ඉති පඤ්ච අක්‍ඛරා. තෙ කිර - ඒවා වනාහී, ක ච ට ත ප ඉති - ක ච ට ත ප  යන,  පඤ්ච අක්‍ඛරා - අකුරු පහයි. කෙ වග්ගානං දුතිය අක්‍ඛරා ? වග්ගානං - වර්ගවල, දුතිය අක්‍ඛරා - දෙවැනි අකුරු, කෙ - කවර ඒවා ද?  තෙ කිර ඛ ඡ ඨ ථ ඵ ඉති පඤ්ච අක්‍ඛරා. තෙ කිර - ඒවා වනාහී,  ඛ ඡ ඨ ථ ඵ ඉති - ඛ ඡ ඨ ථ ඵ යන,  පඤ්ච අක්‍ඛරා - අකුරු පහයි. වග්ගානං ඉමෙ  පඨම දුතියා දස අක්‍ඛරා  ච ස කාරො ච අඝොසා නාම භවන්ති. වග්ගානං - වර්ගයන්ගේ, ඉමෙ - මේ,  පඨම දුතියා - පළමුවැනි දෙවැනි, දස අක්‍ඛරා ච - අකුරු දහය ද,   ස කාරො ච - ස යන්න ද, අඝොසා නාම භවන්ති - අඝෝෂ නම් වෙති. එවං ක ඛ, ච ඡ, ට ඨ, ත ථ, ප ඵ, ස ඉති එකාදස අක්‍ඛරා අඝොසා හොන්ති. එවං මෙසේ, ක ඛ, ච ඡ, ට ඨ, ත ථ, ප ඵ, ස ඉති - ක ඛ, ච ඡ, ට ඨ, ත ථ, ප ඵ, ස යන, එකාදස අක්‍ඛරා - අකුරු එකොළහ, අඝොසා හොන්ති - අඝෝෂ වෙත්.
කෙ ඝොසා? - ඝෝෂ අකුරු කවර ඒවා ද? ළන්තා අඤ්ඤෙ ඝොසා? ළන්තා - ළ කාරයෙන් අන්ත වන, අඤ්ඤෙ - අනිත් අකුරු, ඝොසා - ඝෝෂ  ය. තෙ කිර ග ඝ ඞ, ජ ඣ ඤ, ඩ ඪ ණ, ද ධ න, බ භ ම, ය
ර ල ව හ ළ ඉති එකවීසති අක්‍ඛරා හොන්ති. තෙ කිර -
ඒවා වනාහී, ග ඝ ඞ, ජ ඣ ඤ, ඩ ඪ ණ, ද ධ න, බ භ ම, ය ර ල ව හ ළ ඉති - ග ඝ ඞ, ජ ඣ ඤ, ඩ ඪ ණ, ද ධ න, බ භ ම, ය ර ල ව හ ළ යන, එකවීසති අක්‍ඛරා හොන්ති - අකුරු විසි එකක් වෙත්.

 

Last Updated on Friday, 07 January 2011 11:26
 

Add comment

Add comments relevant to this Article. මෙම ලිපියට අදාලව පමණක් අදහස් එකතු කරන්න.


Security code
Refresh

3.jpg

Download Toolbar

 
 

Most Popular Articles

Latest Articles

Copyright © 2005 - 2016 (ඉස්කෝලේ) eduLanka Online Education School of Sri Lanka