Education Menu

 

Features Menu

 

Additional Menu

 

Now Online

We have 134 guests online
 

@edulanka

 

Follow US

Twitter You Tube Google Plus
Pinterest Facebook EduLanka Blog

 

Information Zone

eduLanka Sinhala

Welcome to eduLanka.LK, Largest online education web site in Sri Lanka & most popular educational web site among Sri Lankan students. EduLanka, Best nonprofit & educational website is provided large numbers of online lessons, education related course information, teachers information, E books, examination result alerts, goverment job alerts, tuition class information, career guide for school leavers and more resources related to education in Sri Lanka. Edulanka provides education related resources from primary education, O-Level & A-Level education, University & Postgraduate education and vocational training education.

EduLanka IDN Domains http://එඩියුලංකා.ලංකා http://எடியுலங்கா.இலங்கை


jobs Mathematics SLAS Exam Dharma Education Results



 

Inside Online School

Share Us

Home Page Other Education PALI - පාලි පාඨමාලාව

6 පාඩම - ධම්මරාජා
Friday, 07 January 2011 11:11

Pali Education Lesson for Pirivena and Religious institutes of Sri Lanka

 

6 පාඩම - ධම්මරාජා


බුද්ධො - බුදුරජාණන් වහන්සේ, අම්හාකං - අපේ. රාජා භවති - රජ වන සේක. සො කිර - උන්වහන්සේ වනාහී, ධම්මරාජා හෝති - ධර්මරාජ වෙති. ධම්මරාජා කිර - ධර්මරාජයන් වහන්සේ වනාහී, ධම්මෙන - ධර්මයෙන්, චක්කං වත්තෙති - රාජ්‍යය පවත්වති. සාරිපුත්තමෙග්ගල්ලානා - සැරියුත් මුගලන් දෙදෙනා, තස්ස රඤ්ඤො - ඒ රජුගේ, සෙනාපතයො අහෙසුං - සෙන්පතියෝ වූහ. ධම්මරාජානො - ධර්මරාජවරු, නිච්චං - නිතර, මනුස්සෙ - මිනිසුන්ට, ඔවදන්ති - අවවාද කරත්.

සබ්බ පාපස්ස අකරණං - සියලු පව් නොකිරීම, කුසලස්ස උපසම්පදා - කුසලයෙහි යෙදීම, සචිත්ත පරියොදපනං ඉති - තම සිත පිරිසිදු කිරීම යන, එතං  මෙය, තෙසං ධම්මරාජානං සම්මා සම්බුද්ධානං - ඒ ධර්මරාජ සම්මා සම්බදුවරුන්ගේ, අනුසාසනං - අනුශාසනය, භවති - වේ.  අම්හාකං - අපගේ, ධම්මරාජා කිර - ධර්මරාජයන් වහන්සේ වන, ගොතමො නාම - ගෞතම නම්. සම්මාසම්බුද්ධො - සම්මා සම්බුදුරජාණන් වහන්සේ, (එවමාහ - එවං ආහ) එවං - මෙසේ, ආහ - ප්‍රකාශ කළ සේක.

අත්තනො නාථො - තමන්ට පිහිට, අත්තා හි - තමා ම ය. පරො  කො හි - වෙනත් කවරෙක් නම්,  නාථො සියා - පිහිටක් වන්නේ ද? සුදන්තෙන - මනාව දැමුණු (හික්මුණු) තැනැත්තා විසින්, (අත්තනා‛ව - අත්තනා එව) අත්තනා එව - තමන් විසින් ම, දුල්ලභං - දුර්ලභ වූ, නාථං - පිහිට, ලභති ඉති - ලබන්නේ ය යනුවෙනි.
බහවො රාජානො - බොහෝ රජවරු, ආගන්ත්වා - පැමිණ, සුගතස්ස ධම්මරාජිනො - සුගත වූ ධර්මරාජයන් වහන්සේට, අත්තානං - තමන්ගේ, සෙතච්ඡත්තෙ - සුදු කුඩය, (සයමෙව - සයං එව) සයං එව  - තමන් ම, ධාරෙසුං - දැරූහ. සො කිර - උන් වහන්සේ වනාහී, රාජූහි පූජිතො - රජවරුන් විසින් පුදන ලද්දේ ද, සම්මානිතො ච - ගරු කරන ලද්දේ ද, අහොසි - විය.

අත්තනො - තමන්ගේ, දායජ්ජං - දායාදය යාචිතස්ස - ඉල්වූ,  අත්තනො පුත්තස්ස - තමන්ගේ පුත්‍රයා වූ, රාහුලකුමාරස්ස - රාහුල කුමාරයාට, අත්තනො පත්තං - තමන්ගේ පාත්‍රය, දත්වා - දී, අත්තනා සද්ධිං - තමා සමඟ, ආගතං - පැමිණි,    තං කුමාරං - ඒ කුමාරයා, අත්තනො - තමන්ගේ, සාසනෙ - සසුනෙහි, පබ්බාජෙත්වා - පැවිදි කරවා, සුගතො කිර ධම්මරාජා - සුගත වු ධර්මරාජයන් වහන්සේ, (තම්පි - තං අපි) තං අපි - ඔහුත්, සංසාරකන්තාරා - සංසාර කාන්තාරයෙන්, තාරෙසි - එතෙර කරවී ය.

Last Updated on Friday, 07 January 2011 11:33
 

Add comment

Add comments relevant to this Article. මෙම ලිපියට අදාලව පමණක් අදහස් එකතු කරන්න.


Security code
Refresh

29.jpg

Download Toolbar

 
 

Most Popular Articles

Latest Articles

Copyright © 2005 - 2016 (ඉස්කෝලේ) eduLanka Online Education School of Sri Lanka