Education Menu

 

Features Menu

 

Additional Menu

 

Now Online

We have 54 guests online
 

@edulanka

 

Follow US

Twitter You Tube Google Plus
Pinterest Facebook EduLanka Blog

 

Information Zone

eduLanka Sinhala

Welcome to eduLanka.LK, Largest online education web site in Sri Lanka & most popular educational web site among Sri Lankan students. EduLanka, Best nonprofit & educational website is provided large numbers of online lessons, education related course information, teachers information, E books, examination result alerts, goverment job alerts, tuition class information, career guide for school leavers and more resources related to education in Sri Lanka. Edulanka provides education related resources from primary education, O-Level & A-Level education, University & Postgraduate education and vocational training education.

EduLanka IDN Domains http://එඩියුලංකා.ලංකා http://எடியுலங்கா.இலங்கை


jobs Mathematics SLAS Exam Dharma Education Results



 

Inside Online School

Share Us

Home Page Ordinary Level (O/L) Mathematics (ගණිතය)

Mathematics LAB - ගණිතාගාරය - BOOK
Wednesday, 22 December 2010 10:45

බ/බෝගහකුඹුර මහා විද්‍යාලයේ 2003 ඇරඹුණ ගණිතාගාරය පිළිබද තොරතුරු ඇතුලත් ගණිතාගාර සංග්‍රහය

Maths LAB for Students and Teachers -  SCHOOL MATHS LAB PROJECT

වැලිමඩ බ/බෝගහකුඹුර මහා විද්‍යාලයේ දී 2003 වර්ෂයේ විවෘත කරන ලද
ගණිතාගාරය පිළිබඳ විස්තර අඩංගු
ගණිතමය සංග්‍රහය.


DOWNLOAD NOW - Mathematics LAB for Teachers

PDF මාදිලියෙන් නිමවුන සම්පූර්ණ පොත මෙතනින් බාගන්න.




DOWNLOD FULL BOOK - FROM above LINK


සංස්කාරකගෙන්.....................

ගණිතාගාර සංකල්පය අද අලුත් දෙයක් නොවේ.එහෙත් ගණිතාගාරය යන වචනය මා අසා ඇත්තේ මීට බොහෝ කලකට පෙරය.යම් ගණිත උපකරණයක් ගැන දැන ගැනීමට මාගේ ගුරු පියාණන් කෙනෙකු මුණ ගැසුණු අවස්ථාවක මහනුවර ශාන්ත අන්තෝනි විද්‍යාලයේ ලංකාවේ ප්‍රථම ගණිත විද්‍යාගාරය 1974 වර්ෂයේ දී පිහිටුවන ලද බවත් එහි ඇති උපකරණ සාර්ථකව ගණිත විෂය ඉගැන්වීම සඳහා යොදාගන්නා බවත් ප්‍රකාශ කළ එතුමා එම ගණිතාගාරයට අයත් පත්‍රිකාවකින් මට අවශ්‍ය වූ උපකරණයද පැහැදිලි කර දෙන ලදී.
ගණිතාගාරය අධ්‍යයන කටයුතු සඳහා අතිශයින්ම සාර්ථක අංගයක් බව මට අවබෝධ වූයේ එදාය.පසු කාලයේ විෂය නිර්දේෂ තුලින් හා සේවස්ථ සැසි වලින්ද ගණිතාගාර සංකල්පය මා සිත තුල තවතවත් තහවුරු විය.විදුහලක ගණිතාගාරයක් පිහිටුවීම කළ යුතුම දෙයක් බව මට වැටහී තිබුණත් මා සේවය කළ කිසිම විදුහලක ගණිතාගාරයක් සකස් කර ගැනීමට අවශ්‍ය කුඩා කාමරයක් තබා ගණිත පාඩම් වලදී සිසුන් නිර්මාණය කරන උපකරණයක්වත් සුරක්ෂිතව තබාගත හැකි අල්මාරියක් ලබා ගැනීමට වත් පහසු කමක් නොවීය.
ගණිතාගාරය පිළිඹඳ මා සිත තුල පහල වූ අදහස මල්ඵල ගැන්වූයේ 1999 දී බෝගහකුඹුර මහා විද්‍යාලයට පැමිණීමෙන් පසුවය.මෙම විද්‍යාලයේ ඉඩකඩ සහිත කාමරයක් වෙන්කරගත හැකි බව වටහාගත් මම එයට පසුබිමක් ලෙස සිසු නිර්මාණ හා දෘෂ්‍යාධාර රැස්කර ගැනීමට උත්සුක වීමි.ගණිත අංශයේ ආචාර්ය ඊ.ඇම්.අබේරත්න මහතාද මගේඅදහස සර්ථකව ක්‍රියාත්මක කිරීමට තම උපරීම සහය ලබා දෙන ලදී.අපගේ අදහස ක්‍රියාත්මක කිරීමට විදුහල්පතිතුමාගෙන් ලැබුණු නොමද සහාය අගය කළ යුතුය.එතුමා සුදුසු කාමරයක් අපට ලබා දීමත් සමගම දිනෙන් දින අලුත් කොටස් එක් කරමින් ගණිතාගාරය පෝෂණය කිරීමට අපට හැකිවිය.
2003 වර්ෂයේ විද්‍යාලයේ ස්වර්ණ ජයන්ති උළෙල හා සම්බන්ධව පැවති ප්‍රදර්ශණයේදී ගණීත අංශය ඉදිරිපත් කළ ප්‍රදර්ශණ කුටිය ඉතා සාර්ථක බව ප්‍රදර්ශණය නැරඹූ බොහෝ දෙනාගේ පිළිගැනීම විය. ඒ නිසාම එම ප්‍රදර්ශණ කුටිය වඩාත් සාර්ථක ගණිතාගාරයක් බවට පත්කර ගැනීමට ඉඩකඩ සැලසුනි. එම අරමුණ ඉටුකර ගැනීමට ගණිත අංශයේ ආචාර්ය මණ්ඩලය තුල පැවති උනන්දුවට නොදෙවෙනි උනන්දුවක් දැක්වූ විදුහල්පතිතුමා වඩාත් ඉඩකඩ ඇති කාමරයක් පමණක් නොව සියලු පහසුකම් ලබා දීම ප්‍රශංසා කට යුතුය.
2004 වර්ෂයේ ගණිත අංශයේ ආචාර්ය මණ්ඩලයේ සහායෙන් ගණිතාගාර ප්‍රදර්ශණයක් සහ ගණිත දිනයක් ද පැවැත්වීමට හැකිවිය. ගණිතමය නාට්‍ය සංදර්ශණ ගණිත ක්‍රීඩා ගීතමය වැඩසටහන් දැනුම මිනුම ආදියෙන් යුක්ත වූ එම ගණිත දිනය නිසාම ඌව පලාත් ප්‍රධාන අමාත්‍ය කාර්‍යාලයේ ගණිතාගාර ව්‍යාපෘති නියාමක එච්.පී.ධර්මසිරි මහතා සංවිධානය කළ ගණිතාගාර වැඩ මුලුවටද අපට ආරාධනා ලැබුණු අතර ඒ තුලින්ද ගණිතාගාර සංවර්ධනය සඳහා අද්දැකීම් ලබාගැනීමට අපට හැකි වූ බව දක්වන්නේ ධර්මසිරි මහතාගේ මෙහෙයද අගය කරමිනි.
2006 වන විටත් වැලිමඩ කලාපයේ එකම ගණිතාගාරය වූයේ බෝගහකුඹුර මහා විද්‍යාලයේ ගණිතාගාරය බව අසන්නට ලැබීම අපට අභිමානයක් වුවද අපටද ආදර්ශ ගත හැකි ගණිතාගාර කලාපයේ සෑම විදුහලකම ඇතිවනු දැකීම අපගේ එකම පැතුමයි.
මේ නිසාම කලාපය තුල ගණිත විෂය සංවර්ධනය කිරීම සඳහා ගණිත ගුරුවරුනට ගණිතාගාර සංකල්පය හදුන්වාදීම සඳහා අප විද්‍යාලය තෝරා ගැනීම ගැනත් ඒ සඳහා ගුරුභවතුන් යොමුකිරීමට උනන්දු වූ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂතුමාටත් විද්‍යා ගණිත ස.අ. එස්.ආර්.සමරවීර මහතාටත් ස්තුතිවන්ත විය යුතුය.
ගණිතාගාරයක් සකස්කළයුත්තේ කෙසේදැයි අද්දැකීමක් අපට නැත. අපට ඇති පහසුකම් අනුව හැකි අයුරින් නිර්මාණය කර ඇති අපගේ පුංචි ගණිතාගාරය සිසු දරු දැරියන්ගේ නිර්මාණ වලින් පෝෂිතව ඇත. ඔවුන්ගේ නිර්මාණශීලී බව තව තවත් ඔප මට්ටම් කර ගැනීම සඳහා මෙම පොත එම සිසු දරු දැරියන් වෙත පිදෙන උපහාරයක් වේවා.
ක්‍රියාවෙන් අවබෝධය ශිෂ්‍ය කේන්ද්‍රිය අධ්‍යාපනය වැනි කුමන අදහසකින් ඉගෙනුම්,ඉගැන්ව්ම් ක්‍රියාවලිය විස්තර කළද මෙයින් අදහස් වන්නේ ප්‍රායෝගික ක්‍රියාකාරකම් අධ්‍යාපනයේදී පුලුල්ව යොදාගත යුතු බවයි. අධ්‍යාපනයේ ජාතික පොදු අරමුණු සහ පොදු නිපුණතා සාක්සාත් කර ගැනීමට උච්ත වන ආකාරයට පාසල් විෂය නිර්දේශයට අමතරව ඉගැන්වීමේ ක්‍රමෝපාය පාසල් ප්‍රතිපත්ති සහ වැඩසටහන්ද සකස්විය යුතුය.
පොදු පාසල් විෂය මාලාව තුල ගණිතය විෂය කෙරෙහි වැඩ් අවධානයක් යොමු කල යුතු යයි තර්කයක් ඇතිවී ඇත්තේ ගණිතය ඉගෙනීමෙන් සිසුනට පැහැදිලිව හා තර්කානුකූලව සිතීමට හැකියාව ලැබේය යන පදනම නිසාය. අධ්‍යාපනඥයන් ඉදිරිපත් කරන කරුණු අනුව විශේෂයෙන් 6 සිට 9 තෙක් ශ්‍රේණිවල සිසුන් වියුක්ත ච්න්තන අවධ්යට අනුවර්තනය වන කාලයක් නිසා මේ කාලයේදී කුතුහලය,රංචු ලැදියාව,නිර්මාණශීලී බව,අනාවරණ හැකියාව යන සහජ ශක්තීන් ඔවුන් ඉදිරියට මෙහෙය වන බලවේග වනු ඇත.එබැවින් ගණිතය ඉගෙනුම් ඉගැන්ව්ම් ක්‍රමෝපාය තීරණය කිරීමේදී මෙම සහජ ලක්ෂණ සැලකිල්ලට ගත යුතුය.එමෙන්ම ක්‍රමෝපාය තෝරා ගැනීමේදී උගැන්වීම ශිෂ්‍ය කේන්ද්‍රීය වීම කෙරෙහි වැඩ් නැඹුරුවක් දැක්විය යුතුය.
ඒ අනුව ගුරුවරයාගේ කාර්‍යභාරය මග පෙන්වන්නකුගේ තත්වයට පරිවර්තනය විය යුතු බව අධ්‍යාපනඥයන් පෙන්වා දීඇත. එනම් ගුරුවරයා දැනුම සම්ප්‍රේෂණය කරන්නකුගේ තත්වයෙන් මීදී ශිෂ්‍ය කේන්ද්‍රීය ඉගෙනුමකට මග පෑදෙන පරිදි උගැන්වීම් ක්‍රමෝපායන් නවීකරණය කරගත යුතු බවයි. ජාතික අධ්‍යාපන ආයතනයෙන් දක්වා ඇති උපදෙස් අනුව පංතියේ සිසුන් වැඩ් පිරිසක් අපේක්ෂිත මටිටමට ලගා කර ගැනීම සදහා පහත සදහන් ක්‍රමෝපායන් යෝජනා කර ඇත.

මෙම විෂය සමගාමී ක්‍රියා වලින් චාරිකා හැර අනෙක් සියල්ලම මනාව සංවිධානය කරනු ලබන ගණිත දිනයකින් සහ ගණිතාගාරයකින් කල හැකිය. සත්‍ය තත්වය වටහාගතහොත් තවමත් ඉතාම අඩුවෙන් ප්‍රායෝගික වැඩ යෙදාගන්නා විෂයයක් ලෙස ගණිතය හැඳින්විය හැකිය.බොහෝ ශිෂ්‍යයනට ගණිතය නීරස විෂයක් ලෙස හැගී යන අවස්ථා ඇත. නව අධ්‍යාපන විෂයමාලාව යටතේ ගණිත විෂයද ප්‍රායෝගික ක්‍රියාකාරකම් වැඩි වැඩියෙන් යොදාගත යුතු විෂයයක් බවට පත්ව ඇත.ගණිත විද්‍යාගාරයක් තුලින් මෙම අරමුණු ඉටු කර ගැනීමට පහසුවක් වනු ඇත. මේ අනුව ගණිත විද්‍යාගාරය යනු ගණිත විෂය සාර්ථකව ඉගැන්විය හැකි උපකරණ හා දෘෂ්‍යාධාර රාශියක් රැස්කර තබාගතයුතු ස්ථානයක් බවට පත්ව ඇත.
බොහෝවිට මේ දක්වා ගණිතය ඉගැන්වීමේදී උපකරණ ලෙස යොදා ගත්තේ රජයෙන් පාසලට සපයන ලද සීමිත මෙවලම් කීපයක් පමණි. ගණිත කට්ටල කීපයක් කවකටු පෙට්ටියක් මිනුම් රෝදයක් වැනි දෑ ඒ අතර විය. ඒ නිසාම බොහෝ පාඩම් කලු ලෑල්ලට පමණක් සීමා විය. ශිෂ්‍ය නිර්මාණ බොහෝ ගණිත ඒකක වලදී සිදු වුවද එම නිර්මාණ එක්රැස් කිරීමට විධිමත් ස්ථානයක් නොවන්නේ නම් වසර අවසාන වන විට ඒවා විනාශයට පත්වීම නොවැලැක්විය හැකිය.ගණිතාගාරයක අවශ්‍යතාවය පැනනගින්නේ මෙහිදීය.
ගණිත විද්‍යාගාරය ගණිතමය ප්‍රායෝගික කටයුතු හා පරීක්ෂණාත්මක වැඩ කරන ස්ථානයක්ද උපකරණ රැස්කර තබන ස්ථානයක්ද ලෙස සැලකිය හැක. ගණිතය විෂය ගණිතාගාරය තුලදීම ඉගැන්විය හැකිනම් වඩාත් සුදුසුය. එසේ නොමැති නම් ශිෂ්‍යයනට එහි ඇති උපකරණ අතපතගෑමට මෙන්ම ස්වයං අධ්‍යයනයක් ලෙස ඒවායින් යම් යම් කරුණු ඉගෙන ගැනීමට හැකියාව සැලසිය යුතුය. පංති කාමරයේ හෝ එලිමහනේ පැවැත්වෙන ගණිත කඳවුරු සඳහා මෙහි ඇති උපකරණ එම ගණිතාගාරයෙන් පිටතට ගෙනයාමට වුවද හැකියාව ඇත. ගුරුවරයාටද නව පර්යේෂණයන් තුලින් ඇතැම් ගණිත සංකල්ප ඉගැන්වීමට හැකි වාතාවරණයක් ගොඩ නැගීමට ගණිතාගාරය සමත් විය යුතුය.
බොහෝ විට පාසල තුලදී සිසුන් ගණිත විෂයට පසු බසින්නේත් රජයේ විභාග වලදීද වැඩිදෙනෙකු ගණිත විෂය අසමත් වන්නේත් එය පංති කාමරයට පමණක් සීමා වීම නිසාය. ගණිතය යන විෂය සිසුන් හට නීරස විෂයක් නොවී ප්‍රියජනක විෂයක් කිරීමට ගණිතාගාරයට හැකියාව ලැබේ. ඊට හේතුව ඇතැම් ගණිත සංකල්ප ගණිතාගාරය තුලදී ක්‍රීඩා ඇැසුරෙන් විනෝදාත්මකව ඉගෙන ගැනීමට සිසුනට හැකි වීමයි. බොහෝ ගණිතමය ක්‍රීඩා වලට සිසුන් කොතරම් ඇල්මක් දක්වන්නේද යත් තමන්ට විවේකයක් ලැබුණු වහාම ගණිතාගාරයට පැමිණ ක්‍රීඩාවල යෙදෙන ආකාරයෙන් මා හට අද්දැකීමෙන්ම ප්‍රත්‍යක්ෂව තිබේ. මෙයින් පැහැදිලි වන්නේ සිසුන් තුල ගණිතයට ඇති බිය දුරු කිරීමට පමණක් නොව ගණිතයට ඇල්මක් ඇති කිරීමටද ගණිතාගාරය යොදාගතහැකි ආකාරයයි. ගණිතමය වාතාවරණයක් :ප්එයැප්එසජ්ක ්එපදිචයැරු* ගණිතාගාරය තුල තිබීම අත්‍යවශ්‍යය. එම වාතාවරණය ඇතිකළ හැක්කේ ගුරුවරයාගේ කැපවීම තුලිනි.
ශිෂ්‍යයා නිර්මාණය කරන ගණිත උපකරණ මෙන්ම ගණිත සගරා ලිපිගොනු ආදී දේ ගණිතාගාරයතුල එක්රැස්වන විට ශිෂ්‍යයා තුල මහත් අභිමානයක් ඇතිවේ. ඒ තුලින් ඇතිවන පෙළඹීම ශිෂ්‍යයාගේ නිර්මාණ හැකියාව තව තවත් ඔපවත් කිරීමට උදවීවක් වේ. පංති කාමරය තුලදී ලබන දැනීම මෙන්ම තම දක්ෂතාවය වර්ධනය කර ගැනීමට හැකි වාතාවරණයක් ගණිතාගාරය තුලින් ලබා දිය හැකිය. ශිෂ්‍යයා නිතර දකින පෙළපොත් වලට අමතරව ගණිතාගාරයතුල වෙනත් ගණිතමය පොත්පත් නිසිපරිදි අසුරා ඇත්නම් ඒවායින්ද ප්‍රයෝජන ගැනීමට ශිෂ්‍යයාට හැකියාව ලැබේ.
පංතිය තුලදී කරන සෑම ක්‍රියාකාරකමකටම ගණිතාගාරය කේන්ද්‍රස්ථානය විය යුතුය. ඇතැම් ක්‍රියාකාරකමක් ඉතා සරලව ඉදිරිපත් කළ හැකිය. උදාහරණයක් ලෙස ගණිතාගාරය තුල ත්‍රිකෝණ රාශියක් ආශ්‍රයෙන් සතකුගේ හෝ මිනිසෙකුගේ රූපයක් ඇඳිය හැකිය. පලමු පියවරේදී එම රූපයේ ඇති ත්‍රිකෝණ සංඛ්‍යාව ගණන් කිරීමට සැලැස්විය හැකිය. දෙවන පියවරේදී එම ත්‍රිකෝණ වලට අගයක් ලබා දී ඒවායේ වර්ගඵලය සෙවීමට පැවරිය හැකිය. නිතරම දැක හුරුපුරුදු පෙළපොතේ ඇති
ත්‍රිකෝණයේ වර්ගඵලය තනිවම සොයන ශිෂ්‍යයාට ගණිතාගාරය තුලදී කණ්ඩායමක් වශයෙන් සාකච්ඡා කරමින් මෙවැනි පිංතූරයකින් ප්‍රායෝගිකව එය කිරීම වඩාත් ප්‍රතිඵලදායී වනු ඇත. තනි තනිව වැඩ කිරීමට වඩා ගණිතාගාරය තුල දී කණ්ඩායම් වැඩ වලට ප්‍රමුඛත්වය දිය යුතුය.
වඩාත් උනන්දුවක් ඇති සිසුන්ගේ ප්‍රයෝජනය සඳහා ගණිතාගාරය තුල ගණිත පූස්තකාලයක්ද තිබීම වැදගත්ය.මේ යටතේ විවිධ කාලවලට අයත් පොත්පත් ගණිත සගරා පුවත්පත් විෂය නිර්දෙශ ප්‍රශ්ණ පත්‍ර වැනි දේ එහි අඩංගු විය යුතුය. එසේම ආදර්ශ ප්‍රශ්ණ එකතුවක් තිබීමද අතිශයින් වැදගත්ය. මේ තුලින් ශිෂ්‍යයාට පමණක් නොව ගණිතය උගන්වන ගුරුවරයාටද අදාල කරුණු මෙන්ම උදාහරණ රැස්කිරීමටද මහත් පිටුබලයක් වනු ඇත.
ගණිත විද්‍යාගාරය තුල තවත් වැදගත් අංගයක් වන්නේ ගණිත ක්‍රීඩාය. අප විද්‍යාලයේ ගණිතාගාරය තුලද විවිධ ක්‍රීඩා රාශියක් එක් රැස් කිරීමට අපට හැකියාව ලැබුණි. මෙම ක්‍රීඩා උපකරණ යොදාගෙන විවිධ ගණිත ගැටලු විසදීම සදහා සිසුන් යොමු කිරීමට ගණිත ගුරුවරයාට අවස්ථාව සැලසේ. එසේම අලුත් ගණිත ඒකක සදහා නව ක්‍රීඩා නිර්මාණය කිරීමටද අවස්ථාව සැලසේ. කාඩි සෙල්ලම් කිරීම ළමුන් ඕනෑ තරම් දැක ඇත. වැඩිහිටියන් කාඩි සෙල්ලම් කරන විට ළමුන් ඒ දෙස බලා සිටින්නේ ආසාවකිනි. ළමුන් තුල පවතින එම සහජ ආශාව ප්‍රයෝජනයට ගනිමින් කඩදාසි කුට්ටමක් තුලින් ගණිත සංකල්ප අඩංගු ක්‍රීඩාවක් කරන්නේ නම් ළමුන් බොහෝ කැමැත්තෙන් එය වැළදගනු ඇත. මෙසේ ශිෂ්‍යයාගේ අද්දැකීම් තුලින්ම ගණිත විෂය ජනප්‍රිය කළහැකි වනු ඇත.
මෙතෙක් අපවිසින් සාකච්ඡා කළේ ගණිතාගාරයක වැදගත්කම සහ එය නිර්මාණය විය යුතු ආකාරයයි.

මෙම කරුණු කැටි කරගත් විට ගණිතාගාරය ,

ගණිතමය පසුබ්මක් ඇති එකක් විය යුතුය
විවිධ ගණිතමය හැඩතල වලින් එය සරසා තිබ්ය යුතුය
ගණිත උපකරණ එක් රැස්කර තැබ්ය යුතුය
ශිෂ්‍ය නිර්මාණ ඒ තුල එක් රැස් විය යුතුය.
ගුරු නිර්මාණ විය යුතුය.
ගණිත පුස්තකාලයක් තිබ්ය යුතුය.
ගණිතය සදහා ප්‍රයෝජනයට ගත හැකි ප්‍රශ්ණ පත්‍ර සගරා විෂය නිර්දේශ අසුරා තැබ්ය යුතුය.
ගණිත ක්‍රීඩා ආදිය තුලින් ස්වයං අධ්‍යයනයකට මග හෙලි කරන ස්ථානයක් විය යුතුය.
වැඩි වැඩියෙන් කරුණු සොයන සිසුනට ඒ සදහා පහසුකම් ඇති තැනක් විය යුතුය.
ගුරුවරුන්ගේ දැනුම පෝෂණය කරන තැනක් විය යුතුය.

මෙතෙක් අප දැක්වූ උපකරණ වලට අමතරව විද්‍යාලයෙන් පහසුකම් සැලසෙන්නේනම් නවීන තාක්ෂණික උපකරණද ගණිත විද්‍යාගාරයට එක් කළ හැකිය. පරිගණක ප්‍රොජෙක්ටර් සී.ඩී. ,වී.සී.ඩී තැටි, රූපවාහිනී යන්ත්‍ර, ගුවන් විදුලි යන්ත්‍ර ආදිය මේ අතර ප්‍රධාන තැනක් ගනී.

බී.එම්.සෝමා ගුණතිලක
ගණිත විෂය භාර ආචාරිණී
වැලිමඩ බ/බෝගහකුඹුර මහා විද්‍යාලය

Last Updated on Wednesday, 22 December 2010 12:12
 

Add comment

Add comments relevant to this Article. මෙම ලිපියට අදාලව පමණක් අදහස් එකතු කරන්න.


Security code
Refresh

16.jpg

Download Toolbar

 
 

Most Popular Articles

Latest Articles

Copyright © 2005 - 2016 (ඉස්කෝලේ) eduLanka Online Education School of Sri Lanka