Education Menu

 

Features Menu

 

Additional Menu

 

Now Online

We have 107 guests online
 

@edulanka

 

Follow US

Twitter You Tube Google Plus
Pinterest Facebook EduLanka Blog

 

Information Zone

eduLanka Sinhala

Welcome to eduLanka.LK, Largest online education web site in Sri Lanka & most popular educational web site among Sri Lankan students. EduLanka, Best nonprofit & educational website is provided large numbers of online lessons, education related course information, teachers information, E books, examination result alerts, goverment job alerts, tuition class information, career guide for school leavers and more resources related to education in Sri Lanka. Edulanka provides education related resources from primary education, O-Level & A-Level education, University & Postgraduate education and vocational training education.

EduLanka IDN Domains http://එඩියුලංකා.ලංකා http://எடியுலங்கா.இலங்கை


jobs Mathematics SLAS Exam Dharma Education Results



 

Inside Online School

Share Us

Home Page Digital Library - පුස්තකාලය Sandesha - සිංහල සන්දේශ කාව්‍යයයන්

ගිරා සංදේශය 2 කොටස
Monday, 04 July 2011 22:48


66. බි තු සිතුවමට ඇඳි පෙලෙනදුල අඹ තුරු - අ තු අත රැඳි ගිරවුන් සැටි දැක සොඳුරු

ත තු නොම දැන ලොබ බැඳ වැද නොව නිසරු - සි තු තුටු කර දැක එහි නොයෙක විසිතුරු


67. වසවතු දප් බිඳ බුදු වූ ගුණ නදන - අප දිය බප් මුනි දා ගැබ කර නදන

කල මුළුකප් පවතින ලෙස කළ නඳන - වඳු දහ ගැප් වඳිනා සඳ ‍දින නදන


68. නි ස ග පවග දෙන මුනි උපදිනා දිනේ - ස ම ග ඉපිද පිහිටව පැවත නොමඳිනේ

ලොවග පුදද ලද දුම රදුට සබඳිනේ - ස ස ග සැපත් සිදු වන ලෙසට නමඳිනේ


69. එවෙහෙරතුර රඳන - මනහර මහරු සඟ ගුණ - මෙතින් සොඳුරු පිරිසුදු හිය මගෙහි යොදා

නි ති න් ති-ලෝගුරු හට පිළිවෙතින් පුදා - හර දළ නෙතග වන් - හිවි තව තෙදින් බබලන


අ මා කර සුතුරු විනය බිදහම් පෙළ - ත මා නැණ තරිඳු කිරණින් උදම් කළ

නොමඳ වි ය ත් ගඟ රළ වැළ සේ පුබුදූ - නි බ ඳ දි මු ත් සිවු පිරිසුදු සිල් පුරුදු

පැ හැ ද ම හත් මුනි බණ දෙසුමෙහි පසිඳු - නැ ම ඳ සුනෙත් මහදෙව් පිරුවන් තෙරිඳු

 

70. ස ව න් පුදට සපැමිණි බැලුව කොමළ‍ෙඟ් - නු වන් කැලුම් වැද තුඩ මලින වෙයි තගේ

එ වන් කිළුටු වන තෙක් නොසිට උන් ළ‍ෙඟ් - ප වන් මගට වැද යා - ගන්න මන ර‍ෙඟ්


71. සි ත් එඩියෙන් යුද කර තම හිමි යෙහෙන - ල ත් පඩියෙන් සතුටුව ඉඳ මන මතින

ම ත් වැඩියෙන් ලිය ගී කියන තැන තැන - අ ත් තිඩියෙන් යව ළද ලිය දැක සොබන


72. පළ පළ පොරැන යන - ගව මී රළ ගිගිළියෙන් - ගවපල් කෙළින කෙළියෙන්

යව ඉටු මොරටු එළියෙන්


73. ස බ ඳ මඳක් තැන් ගිය මග දකුණු පසේ - වි හි ද තිබෙන වලු බර පොල් උයන් රැසේ

නොමඳ තරඟ පහරට බියව නොකමසේ - මු හු ද කැලුම් රැසු වූ වැන්න වෙරළසේ

 

74. නීල ඹරේ වැජඹෙන ගන කුළු ලෙසට - මූදු තෙරේ යන එන නැව් පෙනය තට

පෑර තරේ පිය දුක් නොසිතා ගතට - පාණ දුරේ ගඟිනෙතෙරව යව එපිට


75. ක න ලා උපුල් මල් ගවසා කෙස් වැටිය - බි ඳ - ලා පොකුරු කුරු කර මුතු හර සැටිය

බැඳ ලා ගවන් වෙත ගවපලු ලිය සිටිය - බලා මිතුර යා - ගන් මග පොතුපිටිය


76. දු ල් පටු නළල් තලාය දී තලාය - පුල් රතු උපුල් මලාය සවන ලාය

ගල් කුළු මුදුන් වලාය සිටි කලාය - ඇල් ගෙවි ලියන් බලාය තෝ පලාය


77. වෙනේ මියුරු පල රස විඳ මග දෙපිට - සෙනේ වඩා වැද සිය නෑ සිය වෙතට

මෙනේ ගිමන් දුක් දුරු කර ගිය තොපට - පෙ‍නේ සොඳුරු පලතුරු මෙගොඩ කළුතොට


78. උඳු මුං කල කලත් මාරුතු තණ වීවග - දෝතලු තල් තැඹිලි අඹ රඹ උගු සමග

ඇම කල් සැදි නොයෙක් කෙත් වතු දැක එමග - මඳ තැන් තොසින් තොගොසින් මිතුර මන රඟ


79. ලක කොමළඟ සමනොළ ගිරි හිසින් ගොතා - හළ මන රඟ මලිගිය මල්දමින් යුතා

වරලස රඟ පෙණ වැළ හැලි සියෙන් ඉතා - දිලි කළු ගඟ ළඟ වැද හරු ගිමන් ගතා


80. ගිමන නිමන සිසිලස තරඟ රොන් වැද - බමන බමර රැව් සහ මල් සුවඳ හැද

හමන සිනිඳු මඳ නල පහස විඳ විඳ - තමන නඳන විසිතුරු තුරු සි‍රෙක හිඳ

 

81. සුර ගඟ දිය කෙළනා සුර පුරඹා - තුනු වඟ සිරි සොඳ රුසිරින් පසු-බා

තම රඟ දුටු සත සතනද කල ඹා - බල ගඟ දිය කෙළිනා ලිය සසොබා

82. සි ට ග ඟ ඉවුරෙහි සෙද නොහැලියා - ම න ර ඟ මලවල මුදු වරලියා

කොමළඟ පැන හෙන රඟ උදුලියා - වියොව ග දද ලෙළ සිරි කියෙලියා


83. කෙ ළ නා ලිය පියොවුරු බිත ගැසෙමිනි - වි දු නා රළ රොන් වැද වැද වෙසෙසිනි

සොබ නා සොමි වුවනත නඳ විලසිනි - ර ඳ නා අම කිරණින් පිරි සඳ වැනි


84. කි ය මි න් වෙන වෙන වාසි පෑ බල - ඉ ඳි මි න් දිය තුළ නොපෙනී බෝ කල

පෙනෙමින් තැන තැන විදුලිය සේ දුල - ග ස මි න් කෙළ කෙළ යෙති දිය කෝකිල


85. වි ල සි න් දිය කෙළ කෙළ යත නොමැලි - වෙසෙසින් නැගි රළ රොන් ගඟ ඉපිලී

ප හ සි න් තම එක සරි යැයි එකලී - සතො සින් ලොමු දහ ගත් සිරි කියෙලී


86. කොම ළඟනක වුවනත උඩුකුරු කොට - ත ම මුහුලත් බැඳ පිහිනනු දිය පිට

හැ ම සියපතු හැකිළෙනු සොමි තරිඳුට - මෙ ම රඟයයි පානා වැනි දිනිඳුට


87. ඉසිරී දිසි දිය දහරින් අඹරා - සසරී හුණු ඉඳු - සැවු සිය පතරා

විසිරී ගිටය ගඟ ලතු කොකුමඟරා - අසිරී සිතුවම් දැක්වී එතරා


88. නඳනා දන නෙත් පැහැ ලණු ලා සිට - අ ද නා මෙන් තම තම වෙත දෙ තෙරට

පිහිනා යන එන අඟනන් දිය පිට - බඳනා වැනි රන් හේ තොප යතුරට


89. සෙදනා ලොවිනා ළ ඳු නා ලෙසිනා - ර ළි නා ලෙළෙනා සොබනා ගතිනා

න ඳනා ග ඟ නා කෙළනා ලියනා - ද කිනා ම ති නා හ ද නා තොසිනා


90. සො බ නා තුනු රුසිරින් දස මන බැඳ - ළෙනා නිලඹර රන් දද මෙන් සොඳ

ර ළි නා ගැලි පිලෙමින් සතොසින් වැද - කෙ ළනා සඳ මෙලෙසින් අඟනන් ලද


91. කෙ ළ න ළ ඳු න් සොමි වුවනින් දිනනුවට - මෙන් තුර සෙ න් ගෙන එන පුන් තරිඳු හට

නු ඹ වෙසෙසි න් අවසර කර යන ලෙසට - බල ය ස සි න් යනු රිවි බිඹු පැළඹරට

 

92. ප බ ඳ දිලෙන දිනමිණි මැද මිණිනි බඳ - නොමඳ වොරැඳි සඳ වෙල අබරණ පැළඳ

පැ හැ ද සොබන පැළ දිගඟන දුට සබඳ - එ ස ඳ සිතෙයි තුඬු රසිනුදුල තගෙ ළඳ


93. අ ව ර ඇදුරු මෙහෙසුරු රිවි දළ නෙතින - නොහැර දිනත දින මින්දදහු වෙසෙසින

පැ ති ර නැඟුණු නල සිළු ගිනි රොන් ලෙසින - එ ත ර පෙනේ සඳ වෙල තුරු මඳ-මඳින


94. වි දා සිනිඳු සුදු රැස් දිගු පිය පතර - නඳා සුපුන් හිමකර පියකර තිසර

ස ඳා සිතබ සියපත් නුබ තඹරකර - උ දා දෙසෙන් වැද එන රඟ බල මිතුර


95. වි ය ත උදුල කිරණව රළ පැහැ පැහැස - දි ග ත විසුළ සුර ගඟුලැලි දිසි විලස

දි ය ත පතළ පිරිසුදු සඳ රැස් වෙසෙස - තනෙත පුරා දැක දැහැ ගතෙහි සරතස


96. පලඟ ගහණ කළ සඳ විහිදුණු විස ද - සමග කලා වැද නොහැසුණු මැද හිර ද

මතඟ ඉසිහු බට මග තව නොමැකුණෙ ද - බලග මෙබඳු සැක බඳ සඳලප සබ ඳ


97. තුරු වැළ උදුල සඳරැස් පිරි නුබ ගැබ ද - බිඟු රැළ මුමන පිරි පුල් මල් වන හිස ද

ලෙළ රළ වතළ පෙණ පිඬු සැදි සමුදුර ද - වන දොළ වඩා දැක දැක උන් සඳ සබ ඳ

98. සි ඳු රු ව උදය ගිරි ගජ දැඩි කුඹු තලට - ව ළ බ ව අඳුරු දිය පිරි නුබ සමුදුරට

ප හ ළ ව රතඹරෙක ලෙස ඉඳුරු දිගඹට - සොඳුරුව අරුණු රැස් පැතිරෙයි පෙරඹරට


99. ද රු ණු උලැඟි කෝ නල වන් සිත් සතන - කු ලුණු සිහිල් මෙත් ගුණ පහ වන ලෙසින

අ රුණු කිරණ රැස් පැතිරීපෙර දිගින - පි රු ණු තරිඳු රැස් තුරු වියැකෙයි ගුවන


100. පි යු මා කර මඳ මඳ පුබුදින තඹර - ඇසුරූ කර හෙන බිඟු දැල් දිසි එවර

සිලි ලාක‍ලර වෙත ගම් බිම් දැක නොහර - තොද යාකර සෙද සිත සතොසින් මිතුර

101. පතඟ කිරණ දුරු කළ තුරු සෙවණැල්ල - නරඟ රඟන රඟ බිම් රඟ සුදු වැල්ල

සිතඟ ලෙසට පිය ලන පිය ලිය ගොල්ල - බලග මිතුර පෙර මග සැදි ව කලමුල්ල


102. පයියා ගල වෙහෙර - මුනි රූ බලා ‍ ‍වෙසෙසින් - වයියා කරන් මන රම් - පලරම් හිසින් සතොසින්


103. සි ත් ස න හ න ර ත් ලවනත බිඹු පලය - වෙත් ව න ස ත ම ත් වන මියුරු තෙපලය

අ ත් ව න සකිනෙන් යුග තගෙ ලත් පලය - ම ත් ගො න කෙළි යුත් ලිය සැටි දැක පලය


104. රන් පන් සවන් යොන් ලිය රඳන‍ා නිමල - සන් රන් රුවන් සල්පිල් සොබනා ගෙවල

බන් නන් දෙදෙන් බබලන සිඳු නා අසල - මන් සන් තොසින් තො ගොසින් වදු බේරුවල


105. මත් ව න අබින් කංසා කා රළු පරළු - අත් ත න කුසුම් රත් මල් කනැ ලා ලකුළු

ගත් ව න මුගුරු ලෙළවා ඇදැ ඇදැ රවුළු - සිත්මෙන බමන බබුරන් රඟ බල යහළු


106. නො බැඳ විදෙන වරලස මල් පිටින් පිටින් - නොහැ ඳ තරව ගිලිහෙන සළු පටින් පටින්

පැ හැ ද ත-වෙත දිව එන ලිය වටින් පිටින් - ස බ ඳ නොසිට යාගන් බෙන්තොටින් තුටින්


107. වි ඳි නා සේ මතු සග මොක් සිරි නොමඳ - වන වා සේ වෙහෙ‍රට ‍ගොස් වැද සබඳ

දු ටු වා සේ දිවමන් මුනිඳුන් පැහැද - සිට බෝසේ බුහුමන් කෙරෙමින් නැමඳ


108. දිවසර කය රුසිරින් පෑ දන සකය - සැදි අලකය ඇඳි නළලතෙහි තිලකය

සිටි නිසැකය ළද කොමළඟනන් දැකය - පරතර ක ය වැද යව මග නොවැළකය


109. එළි කොට අ ව ට රිවි බට සිඳු මැඳුරතට - එක විට ලොවට එළි බට ගනඳර කඳට

රොසකොට යු දට අ ඹ රට සඳ එන කලට - ‍වැලිතොට ගමට ලැගුමට ගොස් මග නොසිට


110. නිල් පැහැ බර කොළ අතු මැඳුරු විසිතුරේ - දිගු තර සර කඳු මහ වීදි මන‍හරේ

රැඳි පිය කර බිඟු දද සෙනඟ නොවිතරේ - තුරු කඳ වුර සැතපෙව අම්බලම කෙරේ

 

111.සබඳ, තොප එහි නිවාස ග්රපහණය කොට උන් කල්හි ඒ විශ්රාේම ශාලොපගත නෙනක ජන සමූහයාගේ මෙබඳු අන්යො‍න්යඋ වර්ණනාලාප විශේෂයකුදු පවත්නේය. එද තා කර්ණයට ස්වර්ණාලංකාර කර.


112. සපැමිණ දෙසතුරින් - සරතසව මග යතුරින් - සැදි තන් පලතුරින් - තුටුව සැතපුණු දනන් අතුරින්


113. අවා මග අවරණ - සිදු කරන සැප අපමණ - ඉගෙන - ගෙන එළු බණ - කියති සමහරු බුදුන්ගේ බණ


114. ‍අයෙක් මිස ‍දිටු ගත් - නොයෙක් කව් නළු රස දත් - පෙර තම-තමනුගත් - රාම සීතා කතා තෙපලත්


115. සමරු උදාරා - උනුනට දෙමින් වා‍රා - බසින් බස සාරා - කියති සිත් නාම බැඳ තෝරා


116. වෙන වෙනම පෑසී - කියමින් උනුන් වාසී - සමහරු සිනා සී - කියති සිවු පද දෙ-පද රාසී


117. රුපුන් මන් බින්දූ - දිය දද දිගත රැන්දූ - රදු නමිනි බැන්දූ - කියති සමහර අයෙක් සින්දූ


118. නරනිඳුහට සොඳුරු - බඳ යස සොලෝ විසිතුරු - දැන පදරුත් මියුරු - කියා වන - පොත් කෙරෙති සමහරු

 

119. සමහරු උන් බසින් - පිබිද ඉඳ-ගෙන සතොසින් - පවසති සැඬ ගොසින් - නිරිඳු විරුදාවලී වෙසෙසින්


120. පෙර ලක්දිව නොමඳ - රජ කළ රජුන්ගේ සොඳ - ගුණෙනි බඳ සිව්-පද - කියති සමහර මහල්ලෝ ඉඳ


121. පඬි නිරිඳු නැණ සක් - පෑ මුළු දෙරණ අණ සක් - දිනුවයි ‍විරිදු සක් - අයෙක් පවසති ඔහුගේ වෙසෙසක්


122. සොළි පඬි ලාට රට - ගජර තුළුවර මහ රට - තෙළිඟු වගු රට සිට - පැමිණි දන තම තමන්ගේ රට


123. ජය ගෙන රුපු රදුන් - තුටු කර සියල් දිළිඳුන් - විඳ සව් සිරි නඳුන් - වනත රජ කරන රඟ නිරිඳුන්


124. අප නිරිඳු යසසා - නොකියා ඔවුන් සහසා - පවසන බස් අසා - පවර නුවණැති දනෝ වෙසෙසා


125. ‘දිනමිණි කුලග පත් - නිරි‍ඳෝම වෙත් යහපත් - එයිනප රජු පවත් - මෙසේ අසවයි කියා පවසත්


126. ‘තෙදින් රිවි බිම්බා - නිරිඳු සඳ පැරකුම්බා - රුපු සිඳු කලම්බා - කෙළෙය විරු සිරි සඳ කුලම්බා


127. ‘මෙ අප නර පවරා - මනු නය සිරිත් සපුරා - නොහැර සිවු සඟරා - ලොවට නිරතුරු කෙරෙයි සඟරා


128. ‘මෙ අප නරනින්දේ - රජ දහම් සිත රැන්දේ - තොස් සිඳු කිමින්දේ - නොයෙක් බමුණන්ට නිති දන්දේ


129. ‘ගත් මෙන් නව නදන් - කෙරෙමින් කලි අතුරුදන් - කර තම සිත නදන් - දේය අවුරුදු පතා මහ දන්


130. ‘පසිඳු ‍රිවි වංසා - සපැමිණ මෙරද හංසා - මුළු ලොවට හිංසා - නොවෙයි කරනුව නිති පසංසා


131. ‘මෙරද සිරි සරණය - නිරිඳුන් මුදුන් බරණය - සිරි සඳට වරණය - වේය මුළු ලොවට එක සරණය


132. ‘මේ අප නර පවර - සිරි ලක රඳන මනහර - මහ සඟ ගණ නොහැර - දේය අවුරුදු පතා පිරිකර


133. දිවමන් මුනි රදා - දුටු මෙන්ම සිත පහදා - පුද පඬුරින් සදා - පුදයි බුහුමන් සිතින් දළ දා

134. ‘රුපු වියවුල් පැහැර - සඳහම් සිතින් නොම හැර - කරවා මහ වෙහෙර - කෙරෙයි එහි නිබඳ පුද පෙරහැර


135. ‘බල කොට ගිරි දුදුළු - බල සෙන් සමඟ තෙද රළු - උන් තැන තැන අඹුළු - නැබුළු විකුමැති නොයෙක් රජ මුළු


136. ‘ජය ගෙන මුළු දෙරණ - පෙන්වා තමා තෙද අණ - ලක එක හිර - වරණ - කෙළේ අප හිමි විකුම් අපමණ


137. ‘තෙවිකුම් විකුම් ඇති - ‍අප හිමි දිනිඳු කුල පති - පෙර නිරිඳුන් අයති - නුවූ දසටක් වන්නි ජය ගති


138. ‘තමන් සිළුමිණි දෝ - සිලිලින් සරණ කර දෝ - රජු ඉඟි දැන දෝ - සිටිති සිරි ලක සියල් නිරි‍ුදඳෝ


139. මුළු දඹදිව අවට - බැලුවත් දෙරණ විකුමට - මෙ අප නරනිඳු හට - ඇද්ද සරි වන රජෙක් මෙකලට


140. ‘බෙලෙන් බල දෙව් යුත - අප නරනිඳුට සිරිමත - නොවී නිති අවනත - කවර නිරි‍ෙඳක් ඉඳිද මෙදියත


141. ‘තම තෙද අණට උදු - හිමි කර සතර දලනිදු - පිම්බ සැඬ විරිදු - පසිඳු කන්නඩි නිරිඳුගේ රුදු


142. ‘දසටක් ගිරි දුදුළු - ජය‍ ගෙන විකුම් තෙද රළු - හළ දළ රුපු අඹුළු - දරුණු මර සෙන් අයුරු බළ මුළු


143. ‘අඹළ මෙර මත වැද - වෙරළ ගල සිඳු දිය කඳ - ලෙස කර ගොස නොමඳ - අවුත් වන් සඳ යුදට එක බඳ


144. ‘යුද ඔද පසින්දා - ඔවුන් බැඳ ලුහුබන්දා - යස දසත අන්දා - කෙළෙය මුළු දඹදිවට නින්දා


145. ‘මෙකල නිරිඳුන් හට - අවනත නොවූ පෙර සිට - ආරිය සක්විතිට - නොමඳ බළසෙන් යවා යුදයට


146. කළ යුදෙහි රිදවා - එනිරිඳුහු ලුහුබඳවා - ඔහ‍ුගෙ ඔද සිඳවා - මයිල් නෑ-බෑ-මලුන් බඳවා


147. ‘මැති සෙනඟ සලසා - යාපා පටන නොලසා - ගෙන අදහස ලෙසා - තිබිය - පස් වා දහස් යසසා


148. ‘මෙනර පවරායා - හළ නැව් බඩු පුරායා - අතර උදුරායා - ගතැයි රාමන් මලවරායා


149. ‘දඹදිව සොළී රට - අදිවිරරාම පටනට - මහ සෙනඟ යුදයට - යවා මහ නැව් පිටින් එක විට


150. ‘නිබඳ බඳ යුද සොඬ - දෙමළ බළ සෙන් මන් මැඬ -දඹදිව් තල නිහඬ - කෙළේ සිරි ලක්දිවට දිය වැඩ


151. ‘සිය ගණනක් මෙසේ - රුදු රණ දිනා වෙසෙසේ - දැක්වී යස රැසේ - මහලු පැරකුම් නිරිඳු විලසේ


152. ‘වැඳ ඔහු පද කමල - ලැබ සව් ඉසුරු මන කල - ළි පාමි කෙරළ කුල - නොයෙක් නිරි‍රළඳෝ සිටිති ඇම කල

 

153. ‘මනු නිති දස රද - දහමින් ලොවට අග රද - අප නිරිඳුට පැහැද - පඬුරු නේවන කෙනෙක් කවුරුද?


154. ‘මුනි බණ අසා නිති - අප හිමි තියුණු නුවණැති - සසමය දැන පැවති - මිලිඳු රජු සේ වීය දැනුමැති


155. ‘විරිදුන් හැර දුරම - වැද රද නීති අසරම - දැන අවි සිප් සරම - සියල් කව් නළු ඇසී නොහැරම


156. ‘රැක සිරි ලක ලකළ - සව් සත සතන් තුටු කළ - අප නරනිඳු උදුළ - ලොවට බට පින් පි‍ෙඬක නිකසළ


157. ‘කුලුණින් දුක්පතුන් - තියුණු නුවණින් වියතුන් - විකුමෙන් බලවතුන් - නිබඳ දෙන මහ දනින් නිවතුන්


158. ‘මෙතින් නරපතියන් - නිසි තනතුරින් මැතියන් - වැඩුමෙන් කුලැතියන් - පතර බැති පෙම් සිතින් යතියන්


159. ‘තෙපලෙන් සුබැසියන් - ඉසුරින් සිය කුල සියන් - ලසින් විලසියන් - මෙලෙස සිත් ගතිය ලෝ වැසියන්


160. ‘තම කුලයට මතුන් - වන ලෙසට ලක එකසත් - පෙන්වා රජ සිරිත් - වීය මනු නිරිඳු මෙන් මැදහත්


161. ‘පිවිස මුළු ලෝ කුස - යුග කෙළ සයුරු ගොස ලෙස - මැඬ රුපු රජ යසස - කොතැන නොපතළෙද මොහු ජය ගොස


162. ‘දිසි දස දෙස ගොසින් - මොහුගෙ අණ සක වෙසෙසින් - සැණ මල්දම් ලෙසින් - කවර රද නොදැරිද සිරසින්


163. සිටි මුළු ලොව දිලී - මොහු අණ මිසක් නිමලී - කවරෙකු අණ බලී - වීද පර රජ ගජන් හැකිලී


164. ‘වසන හැම දුදුළේ - රුදු රුපු රදුන් දපළේ - උවිඳුද පසු කෙළේ - කවර විකුමන්ද ‍මොහු නොකළේ


165. ‘දස දහසක් යොදුන් - දඹදිව දිනූ විරිදුන් - ම්සෝ නරනිඳුන් - මිසක් කවරෙක් සරිද මෙරදුන්?’


166. අම්බලමේ නොමඳ - දන රැස් උනුන් මන් බැඳ - මෙලෙසින් කියන සොඳ - තෙපුල් තා අස-අසා උන් සඳ

 

167. සරණවි රැව් කෙරේය තුරු සිරේය - පැහැද බිඟු හැසිරේය පුල් සරේය

තුමුල් ගන අඳරේය හැර දුරේය - අරුණු රස් පැතිරේය පෙරඹරේය

 

168. ඇසේ මඳ පවන් - වැද ලෙළ දෙන ලිය වදල - සඟයුරු පලු කසට කට - පරපුටු තෙපුල් මඳ මඳ

 

169. සඳ රස් වතුරු ලොව පිරෙමින් බසින සඳ - තුරු හිස් අතුරු රැඳි පෙණ පෙළ ලෙස විහිද

එ දවස් උදය වන කුසුමන් දැක නොමඳ - සිත තොස් වඩා මඳ තැන් තො ගොසින් සබඳ


170. ස ම ග ප බ ළ කැල රැඳි පෙණ පෙළ ලකළ - ත ර ඟ වි සු ළ නිල් සිඳු ‍ පළ කළ පුවළ

සු ළ ඟ ටලෙළ දළු මල් තුරු වැළ වතළ - බ ල ග උ දු ළ පෙර මග වන ගළ නැබළ

Last Updated on Monday, 04 July 2011 23:00
 

Add comment

Add comments relevant to this Article. මෙම ලිපියට අදාලව පමණක් අදහස් එකතු කරන්න.


Security code
Refresh

6.jpg

Download Toolbar

 
 

Most Popular Articles

Latest Articles

Copyright © 2005 - 2016 (ඉස්කෝලේ) eduLanka Online Education School of Sri Lanka