Education Menu

 

Features Menu

 

Additional Menu

 

Now Online

We have 118 guests online
 

@edulanka

 

Follow US

Twitter You Tube Google Plus
Pinterest Facebook EduLanka Blog

 

Information Zone

eduLanka Sinhala

Welcome to eduLanka.LK, Largest online education web site in Sri Lanka & most popular educational web site among Sri Lankan students. EduLanka, Best nonprofit & educational website is provided large numbers of online lessons, education related course information, teachers information, E books, examination result alerts, goverment job alerts, tuition class information, career guide for school leavers and more resources related to education in Sri Lanka. Edulanka provides education related resources from primary education, O-Level & A-Level education, University & Postgraduate education and vocational training education.

EduLanka IDN Domains http://එඩියුලංකා.ලංකා http://எடியுலங்கா.இலங்கை


jobs Mathematics SLAS Exam Dharma Education Results



 

Inside Online School

Share Us

Home Page Digital Library - පුස්තකාලය Mahawanshaya - මහාවංශය සිංහල පරිවර්තනය

මහා වංශය - 17 කොටස ( පරිඡ්ඡේද 21 22)
Monday, 08 November 2010 13:57
Article Index
මහා වංශය - 17 කොටස ( පරිඡ්ඡේද 21 22)
22 වෙනි පරිච්ජේදය
23 වෙනි පරිච්ජේදය
All Pages

මහා වංශයේ සිංහල පරිවර්ථනය -

(The Golden History of Sri Lanka - Mahawansaya - Sinhalese Translation)


නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සමිබුද්ධස්ස!

 


 

21 වෙනි පරි‍ච්ජේදය

ඒ උත්තිය රජු ඇවෑමෙන් ඔහු කිස්දොවුන්මල් මහාසිව රජ සුදනන් සෙවුනේ දස හවුරුද්දක් රජය කෙළේය. ඒ රජ තෙමේ භද්දසාල‍ තෙරුන් කෙරේ පැහැද සිත්කලුවු නගරඞ්ගක විහාරය පෙරදිග කරවි. මහාසීව රජු ඈවෑමෙන් උහු මල් සූරතිස්ස ර‍ජතෙමේ කුසල කරණයෙහි ගෞරව ඇත්තේ දසහවුරුද්දක් රජය කෙළේය. ඒ රජ දකුණු දිග නගරඞ්ගන නම් විහාරය කරවි. නැගෙණ ඉර ඇත්කඳ විහාරයද ‍ෙගාණගලද වඬ්ගුතතර පර්ව්තයෙහි නැගෙණහිරිපව් නම් විහාරයද එසේම රෙහෙරඅමුණු සමිප යෙහි කොළඹාලක විහාරයද රිටිගල සමිපයෙහි ලඞ්කාරාමයද නැගෙණහිරි වලස්ගලද නුවරට උතුරින් ගිරිනිල්පනාකඩද පෘථිවිශ්වරතෙමේ මේ ආදි රම්යලවු පන්සියයක් විහාරයන් ලක් දිව ඒ ඒ තැන ගගින් එතරත් මෙතරත් රජවිමෙන් පූර්වනයෙහිත් පසුවත් සැටකවුරුද්දක් මුළුල්ලෙහි මොනවට දැහැමින් කරවි. තුණුරුවන් කෙරෙහි ගෞරව ඇති ඒතෙමේ සුවණි පිණ්ඩතිස්සයයි රාජ්යහයෙන් පූර්වියෙහිද නම් ඇතිවිය රාජ්යසභි ෂෙකයෙන් පසු ඒ රජහු නම “සුරතිස්ස” යයි වී.

මහත් බලඇති සෙනය, ගුත්තිකය යන අස්නැවි පුතුන් දෙදෙනෙක් ඒ සුරතිස්ස රජහු ගෙණ දෙවිසිවුරුද්දක් දැහැ මෙන් රජ්යසය කරවුය. ඉකිබිත‍ි එක්කුස හොත් බෑයන් අතුරෙන් නවවැනි සහෝදරවු ඒ මුටසිව රජහු පුත් අසෙල කුමර ඒ දෙදෙනා ගෙණ අනුරාධපුරයෙහි දසහවුරුද්දක් රාජ්යපය කරවි.  ඍජු සවභාවඇති එළාර නම් දෙමළතෙමේ රාජ්යුය පිණිස සොළිරටින් ‍ෙමහි අවුත් අසෙල රජු අල්වාගෙණ සතළිස්සතර හවුරද්දක් රාජ්යරය කෙළේය. රජතෙමේ විනිශ්චයකාලයෙහි සතුරන් කෙරෙහිත් මිතුරන් කෙරෙහිත් මඬ්යමස්ථ වී. ඇදඉස පසෙක ඉතා දික් යොතකින් විනිශ්චය කැමැත්තවුන් විසින් හඬවනු පිණිස මිණියක් එල්විය. ඒ රජහුගේ එක් පුතෙක්ද දුවක්ද වුහ. ඒ කුමරතෙමේ රථ නැගි තිසාවැවට යන්නේ මවුසමඟ මග ‍හොත් ඉතා තරුණ වස්සෙකු රියසකින් බෙල්ල ඇක්ම ‍නොදැන මරුයේය. ඒ දෙන්තොමෝ කිපි සිත් ඇත්ති ගොස් ඒ මිණිගෙඩිය ගැසුවා රජතෙමේ ඒ චක්රදයෙන්ම පුත්ර යාගේ හිද සිඳවි.  තල්රුකෙක (කැදැල්ලෙක හුන්) ලිහිණි පැටියෙක් එක් සර්ප.යෙක් කෑයේය. ඒ පැටියාගේ මවු ලිහිණිතොම මිණිය ගැසුවා. රජතෙම ඒ සර්ප.යා ගෙන්වා උගේ බඩපලා ඒ පැටියා බැහැර දමා තල්ගස ඇණ ගැස්වි. උතුම් තුනුරුවන්ගේ රත්නබවත් එහි ගුණසාර බවත් ‍නොදන්නාවු ඒ රජතෙමේ චාරිත්රප රක්ෂානකෙරෙමින් සෑගිරියට ‍ෙගාස් භික්ෂුුසඞ්ඝයා පවරා එමින් රතයෙහි හුන්නේ රථයාගේ වියගස කොණින් බුදුසෑයෙක් එකදෙසකින් බුන්නේය. අමෘත්යොයෝ තුමු රජහට “දේවියෙනි! අපගේ සෑයතෙමේ ඔබ විසින් බිඳිනාලදැ”යි කිවුය. මේ රජතෙ‍මේ නොදැන කළ දෙයෙහිත් රථයෙන් බැස “චක්ර”යෙන් මාගේ හිසද සිඳිවිය”යි මගහොත්තේය. “මහරජාණෙනි! අපගේ ශාස්තෘතෙමේ පරහිංසා ‍නොකමැතිසේක, සෑය පියවිකොට කමාකරවුව මැනව”යි ඔහුට කීවුය. හෙතෙම එහි හුනුපසළොසක් පමණ ගල් (පියවිකොට) තබන්ට පසළොස් දහසක් කහවනු දුන්නේය.  එක් මැහැල්ලක් තොමෝ වි වේලන්ට අව්වෙහි දැමුවා. ‍ෙනාකල් වැස්සෙක් වැස ඒ වි තෙමුසේයි. ඕ තොමෝ වි ගෙණනගොස් ඒ මිණිය පහළා. ඒ අකල් වැස්ස අසා මැහැලියවා “රජතෙමේ දහමහි වැටෙන්නේ සුදුසුකල ර්ෂා ව ලබාය”යි ඇයගේ බස විනිශ්චය කරනු පිණිස පෙහෙව හොත්තේය. බිලියම් ගන්නාන දෙවපුත්රප රජහු තෙදින් මඩනා ලද්දේ සතරවරම මහරජුන් වෙත ගොස් එපවත් දැන්විය. ඒ දෙවියෝ උහු ගෙණ ‍ෙගාස් ශක්රැයාට දැක්වුය. ශක්රහතෙමේ වස්සවමලාභකයා කැඳවා කාලවර්ෂයණය ආඥකෙළේය. බිලියම් ගන්නා දෙවපුත්රභ රජහට එපවත් දැන්විය. එවක් පටන් ඒ විජිතයෙහි දහවල් වැසි නොවටුයේය. වර්ෂාෂවතෙමේ සතියෙක් සතියෙක්හි රෑ මැදියම වැස්සේය. සෑම තන්හි කුඩා වළඳ (වැසිදියෙන්) පිරුණේය.

නොනසනලද මිත්යා්ෂ දෘෂ්ටිඅ ඇත්තේද; මෙතෙමේ අගතිගාමි දොෂයෙන් මුකතපමණින් මෙවැනි මහිමයට පැමිණියේය. සම්ය;ක්දෘෂ්ටි ඇත්තාවු මේ ලෝකයෙහි උපන් නුවණැති මිනිස් තෙමේ අගතිගාමි ‍දෝෂය කෙසේනම් නොකරණේද?

මෙතෙකින් හුදුජනයා පහන් සංවේග පිණිස කළ මහවස පඤ්ච්රාජක නම් එක්විසිවන අදියර නිමි.

 



Last Updated on Friday, 26 November 2010 12:58
 

Add comment

Add comments relevant to this Article. මෙම ලිපියට අදාලව පමණක් අදහස් එකතු කරන්න.


Security code
Refresh

28.jpg

Download Toolbar

 
 

Most Popular Articles

Latest Articles

Copyright © 2005 - 2016 (ඉස්කෝලේ) eduLanka Online Education School of Sri Lanka