Education Menu

 

Features Menu

 

Additional Menu

 

Now Online

We have 117 guests online
 

@edulanka

 

Follow US

Twitter You Tube Google Plus
Pinterest Facebook EduLanka Blog

 

Information Zone

eduLanka Sinhala

Welcome to eduLanka.LK, Largest online education web site in Sri Lanka & most popular educational web site among Sri Lankan students. EduLanka, Best nonprofit & educational website is provided large numbers of online lessons, education related course information, teachers information, E books, examination result alerts, goverment job alerts, tuition class information, career guide for school leavers and more resources related to education in Sri Lanka. Edulanka provides education related resources from primary education, O-Level & A-Level education, University & Postgraduate education and vocational training education.

EduLanka IDN Domains http://එඩියුලංකා.ලංකා http://எடியுலங்கா.இலங்கை


jobs Mathematics SLAS Exam Dharma Education Results



 

Inside Online School

Share Us

Home Page Digital Library - පුස්තකාලය Mahawanshaya - මහාවංශය සිංහල පරිවර්තනය

මහා වංශය - 16 කොටස ( පරිඡ්ඡේද 20 )
Monday, 08 November 2010 13:57

මහා වංශයේ සිංහල පරිවර්ථනය

(The Golden History of Sri Lanka - Mahawansaya - Sinhalese Translation)


නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සමිබුද්ධස්ස!

 


 

20 වෙනි පරිච්ජේදය

දම්සෝ රජහට අටළොස්නව හවුරුදුයෙහි මාමෙවුනාඋයන මහාබෝ පිහිටියාය. එයින් දොළොස්වන හවුරුදුයෙහි ඒ දම්සෝ රජහුගේ මෙහසිවු රන්නත්රායමැමක අසන්ධිොමිත්රාහ නම් බිසව කළුරියකළා, ඉදින් සතරවන හවුරුදුයෙහි දම්සෝ රජතෙමේ විසම අදහස් ඇති තිස්සාරක්ඛාම නම් කුමරියක් බිසෝබැව්හි තැබුයේය. ඉන් සතරවන හවුරුදුයෙහි රුවින් මත් ඒ බාල විසව “මේ රජ තෙමේ මටත් වඩා මහාබොධිය මවායනය කෙරෙ”යි කියා ක්රොජධවසයට පැමිණ තමහට අවැඩ කරන්නී මඩුකටු (විස) යෙදිමෙන් මහබොධිය මැරවි. ඉන් සතරවන හවුරුදුයෙහි මහායසස් ඇති දම්සෝ රජතෙමේ අනීත්යිබව පැමිණියේය. මේ සත්තිස් හවුරුද්දයි දහම් ගුණෙහි ඇළුණු දෙවනපෑතිස්රජ වනාහි මහවෙහෙර නවකම්ද, එසේම සෑගිරි කල නවකම්ද, ථූපාරාමයෙහි නවකම්ද සුදුසු පරිද්දෙන් නිමවා විචාරණලද්දහට ප්රයත්යුූත්තරයෙහි පණ්ඩිතවු දිපප්ර්සාදක තෙරුන් විචාරන්නේ “වහන්ස! මම මෙහි බොහෝ විහාරයන් කරවන්නෙමි, ඒ විහාර ථුපයන්හි තබනු පිණිස කෙසේ ධාතු ලබමිදැ”යි විචාළේය. “මහරජාණෙනි සම්මාසම්බුදුන් පයපුරා සුමණ සාමණෙර යන් විසින් මෙහි ගෙණෙනලද්දාවු ධාතුහු සෑගිරියෙහි තැබුවෝ ඇත්තාහ. ඇත්කඳ තබා ඒ ධාතුන් මෙහි වඩා එව”යි තෙරුන් විසින් වදාරනලදුයේ එසේම ධාතු වැඩුයේ යොදු නෙන් යෙදුන් තැන්හි විහාර කරවා ඒ දාගැබ්හි සුදුසු පරිද්දෙන් ධාතු නිධාන කරවි බුදුන් විසින් වළඳනාලද පය වුකලි යහපත් රජවස්තු ශාහයෙහි තබාගෙණ නානා පුජායෙන් හැමකල් පිදුයේය෴පන්සියයක් ඉසුරන් විසින් මහතෙරහු වෙත පැවිදිව විසු තැන්හි කළ වෙහෙර “ඉසුරුමුනි” නම් විය.‍ එසේම පන්සියයක් වෛශ්යුයන් විසින් තෙරහුවෙත පැවිදිව විසු තැන කළ වෙහෙර “වෙස්සගිරි” නම් ‍වි. මිහිඳුමහතෙරුන් විසින් යම් යම් ගුහාවෙක වසනලද නම් පර්වයතවිහාරයන්හි ඒ ඒ ගුහා “මිහිඳුගුහා” නම් වි. පළමුකොට මහවෙහෙරද දෙවැනිව සෑගිරියද තුන්වැනිව ථුපය පෙරටුකොට ඇති යහප්ත ථූපාරාමයද සතරවැනිව මහ‍බෝ පිහිටුවිමද පස්වැනිව මහසෑතන්හි සෑබිමට යහපත් ගල්ටැඹ මොනවට පිහිටුවිමද බුදුහු ග්රීසවාධාතුව පිහිටුවිමද සවෙනිව ඉසුරුමුනි විහාරය පිහිටුවිමද සත්වැනිව තිසාවැවද අටවැනිව පළවු සෑයද නවවැනිව වෙස්සගිරි විහාරයද මෙහෙණින්නන් ඵාසුපිණිස රම්යෑවු උපාසිකා වෙහෙර හා එසේම හත්ථානළභකය යනමේ මෙහෙණවර දෙකද හත්ථාාළභක නම් මෙහෙණවර බැස භික්ෂු්සඞ්ඝයා කැටිව මෙහෙණින්නන්ට බත් ගන්නා පිණිස මනා උපහාර ඇති සියලු උපකරණයෙන් ‍යුත් එළඹසිටි පිරිවර ජනයා ඇති මහාපාලි නම් බත්හලද එසේම භික්ෂු න් දහසකට අවුරුදුපත පිරිකර සහිතවු උතුම් පවාරණ දානයද නාගදිවයින දඹකොළ වෙහෙරද එම පටුන්හි තිස්ස මහා විහාරයද පාචිනාරාමයද යනමේ කර්ම මාන්තයන් ලඞ්කාවාසි ජනයාට වැඩකැමත්තාවු පින්පැණ ගුණඇති ල‍ඬේකන්ර්න වු ඒ දෙවනපෑතිස් රජතෙමේ පළමුවෙනි හවුරුදුයෙහිම කරවි. ගුණයෙහි ප්රි‍යවු ඒ රජතෙමේ දිවිහිමියෙන් නොයෙක් පින්කම් කෙළේය. ඒ රජහුගේ විජිතවු මේ දිවයින පිනා ගියේය. ඒ රජතෙමේ සම සතළිස් හවුරුද්දක් රාජ්යේය කෙළේයි. ඒ රජහු ඇවෑවෙම්න උහු මල් “උත්තිය”යි ප්රයසිඬවු රජකුමර අපුත්ර ක රාජ්ය ය මොනවට කරව්. ඒ මහාමහෙන්ර්”්දස්ථවිර වනාහි පස්යරපති ප්ර්තිපතති ප්ර්තිවෙධ වන උතුම්වු බුදුසස්න මොනවට ලක්දිව්හි බබුළුවා ලඞ්කාවට ප්ර්දිපයක් බදුවුයේ මහාසමුහ ඇත්තේ ලක්දිව බුදුන් වැනිවුයේ බොහෝ ලෝවැඩකොට ඒ උතතිය රජහුගේ රාජ්යහභිෂෙකයෙන් අටවැනි ජය වර්ෂඩයෙහි සැටවස් පිරුණුසේක් වස්සාන මාසයන්හි සෑගිරියෙහි (විසූසේක) වෙසෙමින් වජ්මස ශූකලපක්ෂණයෙහි අටවක් දවස් විපවර්ඬිනයට හේතුවු මහෙන්ර්් ස්ථවිරතෙමේ පිරිනිවන් පෑසේක. අටවක් දවස්හි මහෙන්ර්් ස්ථවිරයන් පිරිනිව් කරුණෙන් දවසද “අටවකදා”යි සම්මත වි.  ඒ අසා උත්තිය රජ තෙමේ ශොක නමැති හුලින් පහරණ ලදුයේ සැගිරි ගොස් තෙරුන් වැද නොයෙක්වර නොයෙක් පරිද්දෙන් හඬා සුවඳතෙල් පුරවනලද රන්දෙණක මහාස්ථවිර දෙහෙය යුහුව තබා මොනවට වසනලද ඒ දෙණ අලඞ්කෘත රුවන් කුළුගෙයෙක්හි තබ්බවා කුළුගෙය ගෙන්වාගෙණ සාධු ක්රිිඩා කෙළවමින් ඒ ඒ දිගින් ආ මහත් ජනසමූහයා හා කැටිව මහත්වු භටසමුහයා ලවා පූජාවිධාන කරවමින් සැරහු මගින් නොයෙක් ආකාර‍යෙන් සරහනලද නුවරට ගෙණවුත් රාජවිථ‍ින්හි හසුරුවා මහවෙහෙරට ගෙණවුත් මෙහි පැණඹ මළුවෙහි කුළුගෙය තබ්බවා සත්දිනක් ඒ මහිපල්තෙමේ තොරන් කොඩිමාලා හා ගන්ධත පූර්ණාඝටයෙන්ද විහාරයන් අවට තුන් යොදනකුත් රජහුගේ ආනුභාවයෙන් සරහනලදුයේ විය. එසේම මුළුලක්දිව දෙවියන්ගේ ආනුභාවයෙන් සරහනලද්දේ විය. ඒ මිහිපල්තෙමේ සත්දවසක් මුළුල්ලෙහි නානාප්ර කාර පුජාසත්කාර කරවා පූර්වවදිහාභාග‍යෙහි තෙරුන්ගේ බඬමාලක නම් තැන සුවඳ දරසෑයක් කරවා මහාසෑය ප්රගදක්ෂිෙණ කෙරෙමින් මනරම් කුළුගෙය එහි පමුණුවා දරසෑයෙහි තබ්බවා අන්තිම සත්කාරය කෙළේය. ධාතුන් ගෙන්වා මෙහි සෑයක්ද කරවි. ක්ෂයත්රිායතෙමේ ධාතුභාගයක් ගෙන්වා සෑගිරි වෙහෙරද සියලු විහාරයන්හිද සෑ බැඳවි. ඒ ඍෂිහුගේ ශරිරය බැහු තැන අවකාශයද බුහුමතින් ඉසිභුමඬ්ගන නමැයි කියනලදි. එතැන් පටන් එය සිසාරා තුන් යොදුන් මානයෙහි කලුරිය කළ ආය්ය්ෂය යන්ගේ ශරීර ගෙණ ඒ පෙදෙස්හිදි දවනු ලැබේ.  එසේම මහත් අභඥ හා ප්රකඥ ඇති සඞ්ඝමිත්රාත නම් මහාස්ථවිරි තොමෝ සසුන් කියද බොහෝවු ලෝවැඩද‍කොට එකුන්සැට වස් ඇත්ති උත්තිය නම් එම රජහුගේ නවවෙනි ඩෙම නම් හවුරුදුයෙහි ඇතඃළ නම් මෙහෙණවර වසන්නී පිරිනිවන් පෑවාය. රජතෙමේ ඒ මෙහෙණින්ටද තෙරුන්ට සෙයින් සත්දවසක් මුළුල්ලෙහි උතුම්වු පූජාසත්කාර කෙළේයි. මහ තෙරණුවන්ට සෙයින් සකල ලඞ්කාවිපය අලඞ්කාර කරණ ලද්දේ වී. කුළුගෙයෙහි නගනලද තෙරණි සිරුර සත්දවසක් ඇවෑමෙන් නුවරින් පිටත්කොට ථුපාරාමයට නැගෙණහිරින් චිත්ර්ශාලා සමිපයෙහි මහාබොධි උපාශ්රොයෙහි තෙරණි විසුතරන ගිනිකිස කරවි. ඒ උත්තිය මිහිපල්තෙම එහි සෑයකුදු කරවි. මහෙන්ර්ර ස්ථවිරාදි ඒ පස්මහතෙරහුද අරිටඨ ස්ථවිරාදිහුද ‍එසේම නොයෙක් දහස් ගණන් භික්ෂු හ්ද සඞ්ඝමිත්රා ව ප්රිධාන කොට ඇති ඒ ‍ෙදාළොස් තෙරණිහුද බොහෝ දහස්ගණන් රහත් භික්ෂුහණිහුද බොහෝ ඇසුපිරූතැන් ඇත්තාහු මහපැණ ඇත්තාහු විනයාදි බුඬාගම බබුළුවා සුදුසුගල අනිත්යහතා වසගයට ගියෝයි. ඒ උතතිය රජතෙමේ දස හවුරුද්දක් රජ කම් කෙළේය. මෙසේ මේ අනීත්යබතාතොමෝ සකල ලොකය නසන්නිය. අතිශයින් ලාහෙලා ක්රි.යාකරන්නාවු ඉතා බල ඇති වළකාලිය නොහෙන්නාවු ඒ මේ අනිත්යාතාව යම් මිනිසෙක්තෙමේ දන්නේම සසර ගමන්හි කල‍ෙනාකිරේද කලකිරුණේත් පාපයෙන් තොරවිමත් පින් හා ඇල්මත් නොකෙරේද, දනිමින් දැඩියේ මුළාවෙයයි යන මෝතෙමෝ ඔහුගේ අධික මොහ රාශියෙහි බල බවයි.

මෙතෙකින් හුදිජනයා පහන් සංවේග පිණිස කළ මහවස ථෙරපරිනිබ්බාණ නම් විසිවෙනි අදයර නිමි.

 

Last Updated on Friday, 26 November 2010 12:44
 

Add comment

Add comments relevant to this Article. මෙම ලිපියට අදාලව පමණක් අදහස් එකතු කරන්න.


Security code
Refresh

5.jpg

Download Toolbar

 
 

Most Popular Articles

Latest Articles

Copyright © 2005 - 2016 (ඉස්කෝලේ) eduLanka Online Education School of Sri Lanka