Education Menu

 

Features Menu

 

Additional Menu

 

Now Online

We have 179 guests online
 

@edulanka

 

Follow US

Twitter You Tube Google Plus
Pinterest Facebook EduLanka Blog

 

Information Zone

eduLanka Sinhala

Welcome to eduLanka.LK, Largest online education web site in Sri Lanka & most popular educational web site among Sri Lankan students. EduLanka, Best nonprofit & educational website is provided large numbers of online lessons, education related course information, teachers information, E books, examination result alerts, goverment job alerts, tuition class information, career guide for school leavers and more resources related to education in Sri Lanka. Edulanka provides education related resources from primary education, O-Level & A-Level education, University & Postgraduate education and vocational training education.

EduLanka IDN Domains http://එඩියුලංකා.ලංකා http://எடியுலங்கா.இலங்கை


jobs Mathematics SLAS Exam Dharma Education Results



 

Inside Online School

Share Us

Home Page Digital Library - පුස්තකාලය Mahawanshaya - මහාවංශය සිංහල පරිවර්තනය

මහා වංශය - 12 කොටස ( පරිඡ්ඡේද 15 )
Monday, 08 November 2010 13:57

මහා වංශයේ සිංහල පරිවර්ථනය

(The Golden History of Sri Lanka - Mahawansaya - Sinhalese Translation)


නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සමිබුද්ධස්ස!

 


15 වෙනි පරිච්ජේදය

එහි පැමිණි ආදර සහිතවු ඒ මනුෂ්යකයෝ ඇත්හලසද අතට කාශයයි නුවර දකුණු දොරින් පිට ශාන්ර්ුෂ ච්ඡායා ඇති නිල් කුස තණින් යුක්තවු සිහිල් මනරම්වු නන්දොන නම් රජඋයනෙහි තෙරුන්වහන්සේලාට හසුන් පැණවුහ. ස්ථවිරතෙම (නුවර) දකුණු දොරින් නික්ම එහිද වැඩහුන්සේක. ශ්රේෂඨ කුලවත්වු බොහෝ ස්ත්රීුහුද එහි අවුත් පුරවිමින් තෙරුන්වහන්සේට නුදුරුව උන්හ෴ ස්ථවිරතෙම ඔවුන්ට බාලපණ්ඩිත නම් සූත්රාෙන්තධර්මුමය දෙශනා කළසේක෴ ඔවුන් අතුරෙන් දහසක් ස්ත්රීණහු පළමුවෙනිවු සොවාන් ඵලයට පැමිණියාහ. මෙසේ ඒ නන්දතන නම් උයනෙහිම සවස්වේලාව වුයේය.

ඉක්බිත්තෙන් ස්ථවීරයෝතුමු “එම් පර්ව‍තයට යම්හ”යි නික්මුණහ. (මනුෂ්ය්යෝ එබැව්) මහරජාණන්ට දැන්වුහ. රජ තෙමේ වහා එතන්හි එළඹියේය. එළඹසිට “දැන් සවස් විය, පර්වහතයද දුරුය, මේ නන්දයනවනයෙහිම විසිම ඵාසුය”යි ස්ථවිර යන්වහන්සේට සැලකෙළේය. “පුරයට අතිශයින් ආසන්න බැවින් නොසරුප්ය”යි වදාළකල්හි ‘මහමෙවුනා උයන ඉතා නුදුරු නොළාතැන සිත්කලුද ජායොදක සමන්විතද වේ. එහි විසිම රුචිවේවා, වහන්ස! නැවතුන මැනවැ”යි කීකල්හි ස්ථවිරතෙම එහි නැවතීසේක.

ඒ නැවැත්තැන කොළොම්ගොය සමිපයෙහි කරණලද සෑය “නීවත්තචෙතිය”යි කියනුලැබේ.ක රජතෙමේම නන්දින නම්වු උයනින් නික්ම දකුණු පසින් මහමෙවුනා උයන පැදුම්දොරට ස්ථවිරයන් පැමිණවුයේය, එහි රම්යැවු රාජමන්දිපරයෙහි යහපත්වු ඇඳපුටු මනාකෙඃට අතුරුවා “මෙහි සුවසේ වාසය කරණ සෙක්ව”යි කියා නරෙන්ර්ය තෙම ස්ථවිරයන් වැද ඇමැති යන් විසින් පිරිවරනලද්දේ පුරයට ප්රවවිෂ්ටවුයේය෴ ඒ ස්ථවිරයෝතුමු ඒ රැය එහි විසුසේක. රජතෙම උදැසනම මල් ගෙන්වාගෙණ ස්ථවිරයන්වහන්සේලා කරා එළඹ වැඳ මලින් ද පුදා “කිමෙක සුවසේ වාසය විද? උයන යතින්ට ඵාසු දැ”යි විචාළේය. “මහරජ! සුවසේ වාසය වුයේය, උයන තපස් වින්ට ඵාසුවේ”යි (වදාළසේක) ඒ නරෙන්ර් ේ තෙම “වහන්ස! ආරාමය සඞ්ඝයාට කැපදැ”යි විචාළේය. කැප ‍ෙනාකැප දැනි මෙහි දක්ෂතවු ස්ථවිරතෙම “කැපය”යි වදාරා වෙළුවනාරාමය පිළි ගැණිම වදාළසේක. ඒ අසා මහරජතෙම ඉතා සතුටුවුයේය. මහාජනතෙම තුටුපහටු විය. ස්ථවිරයන් වඳනා පිණිස ආවාවු  අනුළා දෙවිතොමෝ පන්සියයක් ස්ත්රී න් හා සමඟ ශකෘදාගාමි ඵලයට පත්විය. ඒ පන්සියයක් ස්ත්රීීන් සහිතවු අනුළාදේවි තොමෝද “දෙවයන්වහන්ස! පැවිදිවෙම්හ”යි කිවාය. රජ තෙමේ “මොවුන් පැවිදිකරණසෙක්වා”යි ස්ථවිරයන්වහන්සේට සැලකෙළේය.

ස්ථවිරතෙම “මහරජාණෙනි! අපට ස්ත්රීාන් පැවිදිකිරිම කැප නැත්තේය. මාගේ නැගනිවු සඞ්ඝමිත්රාන නමින් ප්ර!සිඬවු බහු ග්රැවතවු මෙහෙණින්නක් තොමෝ පැළලුප් නුවර ඇත්තිය. නරෙන්දු ය! ඕතොමෝ ශ්ර මණෙන්ර්මෝේවු ස්ර්වපඥයන් වහන්සේගේ මහාබොධිවෘක්ෂනරාජයාගෙන් දක්ෂිඕණ ශාඛාවද එසේම උත්තම වු භික්ෂුනණින්ද ගෙණ වඩනාසෙක්ව”යි අප පිය මහරජු කරා හසුන් යවව. ඒ ස්ථවිරිතොමෝ මෙහි අවුත් මේ ස්ත්රීින් පැවිදි කරන්නීය”යි රජහට වදාළසේක. රජතෙම යහපතැයි කියා උතුම්වු කෙණ්ඩිය ගෙණ “මේ මහමෙවුනා උයන සඟහට දෙමි”යි කියා මිහිඳු මහතෙරුන්වහන්සේගේ අත්ලෙහි දක්ෂිා ණොදකය වැගිරවුයේය. ජලය මිහිපිට වැටුණකල්හි මහ පොළෝතොමෝ කම්පිතවිය. “කුමක්හෙයින් පෘථිවිතොමෝ කම්පා වන්නිදැ”යි මිහිපල්තෙම ඒ තෙරුන්වහන්සේ විචාළේය. ඒ ස්ථවිරතෙමේ “ලඞ්කාවිපයෙහි (බුදු) සස්න පිහිටි බැවිනැ”යි වදාළසේක. ජාතකිසම්පන්නවු රජතෙම ස්ථවිරයන් වහන්සේට දැසමන්මල් පිළිගැන්වුයේය. ස්ථවිරතෙම රජගෙට වැඩ ඊට දකුණුපස වැඩසිටිසේක් මල්මිටු අටක් හිඹුල්රුකක් මුල ඉසිසේක. එහිදු පොළොව කම්පිතවිය. රජහුය විසින් විවා රනුලත්සේක් “නරෙන්ර්ද ය (කකුසන්ධා‍දි) තුන්බුදුන් කාලයෙහිද මෙහි සඞ්ඝකර්මවම පිණිස මාලක සිමාවිය. මෙස් කාලයෙහිදු වන්නිය”යි රජහට කරුණ වදාළසේක. ස්ථවිරතෙම රජගෙට උතුරුදෙසින් මනොඥවු පොකුණක් කරා වැඩිසේක්, එපමණම මල් එහිඳ වැගිරවුසේක. ඒ මල් ඉසිමෙහිඳු පොළොව කම්පිතවිය. විචාරණලද්දාවු ස්ථවිරතෙම ‍ ‘මහරජාණෙනි! මේ පොකුණ (සඞඝයාට) ගිනිහල් පොකුණ වන්නීය”යි ඊටකරුණ වදාළසේක.  (මහාමහෙන්ර්රු කර්ම වු) සෘෂිතෙම එම රජමන්දි්රයාගේ දොර කොටුවට වැඩ එපමණම මලින් ඒ ස්ථානය පිදූසේක එහිදු පොළොව කප්පිතවිය, අතිශයින් රොමොද්ගමයෙන් යුක්තවු ඒ රජතෙම ඒ කාරණය ස්ථවිරයන්වහන්සේ විචාළේය.ක ස්ථවිරතෙම “මහීපාලය! මේ කල්පයෙහි තුන්බුදුවරයන්ගේ බොධිවෘක්ෂඒයන්ගෙන් දක්ෂිිණශාඛාවන් ගෙණවුත් මෙහි රොපණය කරණලදහ, ඔහිපාලය! අප තථාගතයන් වහත්සේගේ බොධිවාක්ෂ යාගේ දක්ෂි ණශාඛාතොමෝද මේ ස්ථානයෙහිම පිහිටව්න්නිය”යි උහුට කරුණ වදාළසේක. මහාස්ථවිර තෙම එතැනින් මහාමුචල නම් වෘක්ෂයමුලයට වැඩිසේක් එපමණම මල් ඒ ස්ථානයෙහි වැගිරවුසේක. එහිදු පොළොව කම්පිතවිය (රජහු විසින්) විචාරණලද ස්ථවිරතෙම “භූමි පාලය! මෙහි සඞ්ඝයාගේ පොහෝනෙය වන්නේය”යි ඔහුට කරුණ වදාළසේක. මහරජතෙම එතැනින් පැණඹමලුවට සම්ප්රාුප්තවුයේය. යහපත්සේ ඉදිගියාවු වර්ණුණ ගන්ධැ රස සම්පන්නවු මහත්වු අඹපලයක්ද උයන්පල්තෙමේ මහරජහට එවුයේය. ඉතා සිත්කලුවු ඒ අඹපලය නරෙන්ර් තෙම ස්ථවිර යන්වහන්සේට එවුයේය. ජනසමුහයා කෙරෙහි වැඩකැමතිවු ස්ථවිරයන් වහන්සේ වැඩහිදිනු කැමැති ආකාරයක් (රජහට) දැක්වුසේක නරෙන්ර්ඩහිතෙම එහිම උතුම් ඇතිරිල්ලක් ඇතිර වුයේය. එහි වැඩහුන් තෙරුන්වහන්සේට නරෙන්ර්ති තෙම අඹය පිළිගැන්වුයේය. ස්ථවිරන්වහන්සේ එය වලඳා අඹ බිජුවටය රොපණය කරණු පිණිස මහරාජාණන්ට දුන්සේක. නරෙන්ර්අ තෙමේම ඒ අඹබිජුවටය එහි රොපණය කෙළේය. ස්ථවිරතෙම එය පාලවි වැඩෙනු පිනිස ඒ මතුයෙහි හස්තයන් ධොවනය කළසේක. එකෙණෙහිම ඒ ආම්රටබීජයෙන් අඹකුර යක් නැගි ක්රවමයෙන් (වැඩි) පත්රර ඵලධාරිවු ඉතා මහත් රුකෙක් වුයේය. රජු සහිතවු ඒ පිරිස්තොමෝ ඒ පෙළහර දැක හටගත් රොමොද්ගම ඇත්ති ස්ථවිරයන් වඳිමින් සිටියාය. ස්ථවිරතෙම එකල්හි මල් අටමිටක් එහි විසිරවුසේක. එහිඳු පොළොව කම්පිතවිය. (රජග්රු විසින්) විචාරණලද ස්ථවිරතෙම “නරෙශ්වරයාණෙනි! මේ ස්ථානය සඞ්ඝයාට උපන් නොයෙක් ලාභයන් සමගිව බෙදන ස්ථානය වන්නේය”යි ඒ රජහට කාරණය වදාළසේක.  එතැනින් චතුශ්ශාලාව පිහිටන තැනට වැඩ එපමණම මල් එහි විසිරවුසේක. එහිදු පොළොව කම්පිතවිය. නරෙන්ර්ව තෙම ඒ කම්පාවිමේ කාරණය විචාළේය. ස්ථවිරයන්වහන්සේ “මහරජාණෙනි! පූර්ව්වු (කකුසන්ධායදි) තුන් බුදුවරයන් (මේ) උයන පිළිගත්කල්හි ලක්දිව්වැස්සන් විසින් සියලු දිගින් ගෙණාවාවු දානවස්තූන් මෙහි තබා සඞ්ඝයා සහිතවු තුන්බුදු වරයන් වැලඳවුහ. මේ කාලයෙහි වනාහි මෙහිම චතුශ්ශාලාව වන්නීය, නරශ්රෙණෂ්ඨය! මෙහි සඞ්ඝයාගේ භක්තභොජන ස්ථානය වන්නේය”යි කාරණය ප්ර‍කාශකළසේක. කාරණකාරණයන් දැනිමෙහි දක්ෂපවු ලකිදිව් බබුළුන්නාවු මහෙන්ර්ග නම් මහාස්ථවිරතෙම එතැනින් මහසෑය පිහිටියයුතු තැනට වැඩිසේක. එකල්හි රජඋයනට ඇත්ළත්වු තන්හි කකුඩ නම්වු කුඩා වැවක් විය. ඒ වැව් මතුයෙහි දියකෙළවර සෑයක් පිහිටුවිමට යොග්යුවු උස්තැනක් විය. ස්ථවිරයන් වහන්සේ එහි වැඩියකල්හි රජහට සපුමල් මුළු අටක් ගෙණවාහුය. නරෙන්ර්ේ තෙම ඒ සපුමල් ස්ථවිරයන් වහන්සේ කරා ඵලවුයේය. ස්ථවිරයන් වහන්සේ ඒ සපුමලින් ඒ උස්වු ස්ථානය පිදුසේක. එහිදු පොළොව කම්පිත විය, රජතෙම ඒ කම්පාවිමේ කාරණ්යප විචාළේය, ස්ථවිරතෙම පිළිවෙළින් ඒ කම්පාවිමේ කාරණය වදාළසේක. ‘මහාරජණෙනි! මේ ස්ථානය සිවුබුදුවරයන් විසින් සෙව්නා ලද්දේය, සත්ව!යන්ට හිත පිණිසද සැපපිණිසද සැයකට සුදුසුවන්නේය. මේ කල්පයෙහි පළමුවෙනුව සියලු ධර්මයන් දත්තාවු සියලු ලොකයට අනු කම්පාකරවු ශාස්නාවු කකුසඳ නම් සර්වයඥවරයෙක් වුසේක. (එකල) මේ මහමෙවුනා උයන මහාතිර්ථප නම් විය. මින් පෙරදිග කොළොම් ගොයෙන් එතර අභය නම් පුරයෙක් විය. එහි අහස නම් රජෙක් විය. එකල මේ දිවයින “ඔජදිප” නම් විය, (එකල්හි) රකුසන් කරණකොටගෙණ මෙහි ජනයාහට හුණලෙඩෙක් විය, කකුසඳ නම්වු සර්වකඥතෙම ඒ උවදුර දැක එය නසා මේ විපයෙහි සත්ත්වුයන් හික්මිමද ශාසනයාගේ පැවැත්විමද කරණු පිණිස කරුණාවෙගයෙන් මෙහෙයනු ලත් සේක් සතළිස්දහසක් රහතුන් විසින් පිරිවරනලද්දේ අහසින් වැඩ දෙවකුට නම් පර්වරතයෙහි වැඩ සිටිසේක. මහාරජාණෙනි! එකල්හි සර්වඩඥයන් වහන්සේගේ අනුභාවයෙන් මේ මුළු දිවයින්හි ජවරරොගය උපශාන්තවුයේය. නරෙශ්වරය! එහි වැඩ සිටි මහාමුනිවු සර්වොඥතමෙ “අද ඔජදීපයෙහි සියලු මනුෂ්යහයෝ මා දකිත්වා, මා කරා එනු කැමතිවු සියලු මනුෂ්යවයෝ වහාම නිදුකින් එත්වා”යි අධිෂ්ඨාන කළසේක.  පර්වුතය රැසින් බබුළුවන්නාවු සර්ව ඥයන් වහන්සේද රැසින් බබළන්නාවු පර්විතයද දැක රාජතෙමේද නුවර වැස්සෝද වහා ළඟට පැමිණියෝය. දෙවියන්ව බිලිදෙන පිණිස එහි ගියාවු මනුෂ්යෝයෝද සඞ්ඝයා සහිතවු ලොකස්වාමින්වහන්සේ දේවතායයි සිතුහ. අතිශයින් සතුටුවු මහ‍ීශ්වරවු ඒ රජතෙම ඒ සර්වදඥයන් මනාකොට වැඳ බතින් පවරා පුර සමිපයට වඩා ගෙණවුත් සඞ්ඝයා සහිතවු මුනිශ්වරයන් වහන්සේගේ වැඩ හිඳිමට යොග්යතවු සිත්කලුවු මේ ස්ථානය අසම්බාධයයි සිතා මෙහි කරවනලද මනොඥවු මණ්ඩපයෙහි උතුම්වු පය්ය්්ථ ඞ්ක යන්හි සඞ්ඝයා සහිතවු සම්බුදුන් වැඩහිඳවුයේය. මෙහි වැඩ හුන්නාවු සඞ්ඝයා සහිත් වු ලොකනාථයන්වහන්සේ දක්නා වුද ලඞ්කාවිපයෙහි මනුෂ්යහයෝ හාත්පසින් පඬුරු ගෙණාවෝය.  ඒ නරෙන්ර් තෙම තමන් සතුටුද ඒ ඒ මිනිසුන් විසින් ගෙණන ලද්දාවු ඛාද්යසභොජ්ය යෙන් ඒ සඞ්ඝයා සහිතවු ලොකස්වාමින් වහන්සේ සන්තර්පනණය කෙළේය. මෙහිම පසුබත් කල්හි වැඩ හුන්නාවු සර්වරඥයන්වහන්සේට ඒ මහාතිථනම්වු උයන ඒ රජතෙම උතුම්වු දක්ෂිාණා කොට දුන්නේය. එකල අකාල පුෂ්පයෙන් අලඞ්කෘත මහානිවනම්වු උයන සර්වනඥයන්වහන්සේ විසින් පිළිගත් කල්හි මහ‍ෙපාළොව කම්පිතවිය. ඒ සර්විඥතෙම මෙහිම වැඩහිද ධර්ම්මදෙශනා කළසේක. සතළිස් දහසක් මනුෂ්යනයෝ මාර්ගඥඵල ප්රාිප්තවුහ පස්මරුන් දිනු ඒ සර්වසඥතෙම මහාතිර්ථස නම්වු උයන්හි දිවාවිහරණය කොට සවස්වේලෙහි බොධිය පිහිටන්ට යොග්යාවු පෘථීවි ප්රනදෙශයට වැඩ එහි වැඩ හුන්සේක් සමාධියට සමවැද එයින් නැගි “ලක්දිව වැස්සන්ට වැඩ පිණිස මාගේ මහරි බොරුකින් දක්ෂිඑණ ශාඛාව රැගෙණ මෙහෙණින්න් සහිතවු රූපනන්දාම නම් මෙහෙනිතොමෝ ආගමනය කෙරේවා”යි සිතුසේක. මහරජාණෙනි! ඒ මහත් ඍඬි ඇති රූපානන්දාා නම් තෙරණිතොමෝ උන්වහන්සේගේ ඒ සිත දැන ඊට අනතුරුව එහි ‍නරෙන්ර්ත යාණන් කැඳවාගෙණ ඒ බොධිවෘක්‍ඒ ය කරා එළඹ දක්ෂිතණ ශාඛාවෙහි රත්සිරියෙලින් රෙඛාවක් දෙවා (එතැනින්) සිඳි රන්බදනෙහි පිහිටියාවු ඒ බොධිශාඛාව ඍඬියෙන් ගෙණ පන්සියයක් මෙහෙණින්නන් සහිතවුවා මෙහි ගෙණවුත් දෙවතාවුන් විසින් පිරිවරනලද්දි රන්බදන සහිතවු ඒ බොධිශාඛාව සර්ව ඥයන් දිගුකළ දක්ෂි්ණ හස්තයෙහි තැබුවාය. තථාගතයන්වහන්සේ ඒ බොධිය රැකෙණ පිහිටුවන පිණිස අභය නමු රජහට දුන්සේක පෘථිවිශ්වරතෙම මහාතිර්ථ නම්වු උයනෙහි ඒ බොධිය පිහිටු වුයේය.  සම්ය ක් සම්බුඬ්වු තථාගතයන්වහන්සේ එතැනින් වැඩ මෙයින් ‍ උතුරුදෙස මනරම් මහරි මහලුවෙහි වැඩහිඳ ජනයාට ධර්මඑමදෙශනා කළසේක. මහරජාණෙනි! එහි විසිදහසක් ප්රානණින්ට ධර්මවමාම්බොධය වුයේය. ඒ සම්යෙක්සම්බුඬවු සර්වදඥයන්වහන්සේ එතැනින්ද උතුරුදෙසට වැඩ එහි ථුපාරාම චෛත්යයය පිහිටන ස්ථානයට වැඩ සමාධිය අර්පඑණයකොට වැඩ හුන්සේක් එයින් නැගි පිරිසට ධර්මිමදෙශනා කළසේක. එහි වනාහි දසදහසක් ප්රා ණිහු සම්ප්‍රාප්තවු මාර්ගමඵල ඇති වුහ. පස්මරුන් දිනු සර්ව ඥයන්වහන්සේ ස්වකිය ඩබරාව වඳිනා පිණිස මිනිසුන්ටදි පිරිවර සහිතවු ඒ මෙහෙණින්න මෙහි වස්වා මහාදෙව නම් ශ්රාාවකයාණන්ද භික්ෂු න් දහසක් සමඟ මෙහි වස්වා එයින් පැදුම්දෙස රුවන් මළුවෙහි වැඩසිටියේක්ම ජනයාට මොනවට අනුශාසනාකො‍ට සඞ්ඝයා සමඟ අහසට නැගි ජම්බුවිපයට වැඩඩිසේක. මේ කල්පයෙහි දෙවනුව (බුදුවු) සියලු ලෝවැස්සන්ට අනු කම්පාකරවු සියලු ධර්මෙයන් අවබොධවු කළාවු ශාස්නාවු කොණාගම නම් සර්වාඥකෙනෙක් වුයේය. එකල්හි මේ මහමෙවුනා උයන මහානාම නම්විය. දක්ෂිකණදිශාවෙහි විඬ්ඨ මාන නම් පුරයක් විය. එකල එහි සමිඬ නම්වු නරෙන්ර්ව යෙක් වුයේය. එකල මේ වීපයතෙම වරදිප නම්විය. එකල්හි මේ වරදිපයෙහි වර්ෂාදහානියෙන්වු උවදුරෙක් විය. ‍ෙකාණාගම නම් සර්වපඥයන්වහන්සේ ඒ උපද්රුවය දැක ඒ උවදුර නසා මේ නම් සර්වපඥයන්වහන්සේ ඒ උපද්රරවය දැක ඒ උවදුර නසා මේ ලක්දිව්හි ජනයන්ගේ හික්මිමද ශාසනයාගේ පැවැත්මද කරණුපිණිස කරුණබලයෙන් මෙහෙයනුලත්සේක් රහත්වු තිස්දහසක් භික්ෂුබන් විසින් පිරිවරනු ලත්සේක් අහසින් වැඩ සුමනකුට නම් පර්විතයෙහි වැඩසිටිසේක. සර්වවඥයන්වහන්සේ‍ගේ ආනුභාවයෙන් ඒ වර්ෂාතහානිය ක්ෂජය විමට ගියාය. එකල්හි ශාසනාන්තර්ඨාවනය දක්වා යහපත් වර්ෂාාවම විය. නරෙන්ර්න යාණෙනි! එකහි වැඩසිටි මහාමුනිවු මුනීන්ර්න යන්වහන්සේ “අද වරදිපයෙහි සියලු මනුෂ්යැයෝ මා දකිත්වා මා කරා එනු කැමැත්තාවු සියලු මනුෂ්යායෝ නිදුකින් වහාම එත්වා”යි අධිෂ්ඨාන කළසේක. (පර්ව‍ත රැසින්) බබුළුවන්නාවු ඒ මුනින්ර්යි යන්වහන්සේද බබළන්නාවු පර්ව තද දැක මහරජ තෙමේත් නුවර වැසියෝත් වහා සමීපයට පැමිණියහ.  දේවතා බිලි දෙන පිණිස එහි ගියාවු මනුෂ්යසයෝ ද සඞ්ඝයා සහිතවු සර්වදඥයන්වහන්සේ දේවතාවෝයයි සිතුහ. අතිශයෙන් සතුටුවු පෘථිවිශ්වරවු රජතෙම ඒ මුනින්ර්යි යන් වැද බතින් පවරා වඬ්ඪමාන නම් පුරය සමිපයට වඩා ගෙණවුත් මේ ස්ථානය සඞ්ඝයා සහිතවු මුනින්ර්වැදයන්ගේ වාසයට යොග්යගය සිත් කලුය, අසම්බාධයයි සිතා, මෙහි කරවනලද රම්ය වු මණ්ඩප යෙහි උතුම්වු පය්ය්ිත්ඞ්කයන්හි සඞ්ඝයා සහිතවු ඒ සම්යහක් සම්බුඬයන්වහන්සේ වැඩහිඳවුයේය. මෙහි වැඩහුන්නාවුද සඞ්ඝයා සහිතවු‍ෙලාකස්වාමින්වහන්සේදක්නාවුදවරවිපයෙහි මනුෂ්යවයෝ හාත්පසින් පඬුරු ගෙණවෝය.ක ඒ නරෙන්ර්ර තෙම තමන් සතුටුද ඒ ඒ මන‍ුෂ්යගයන් විසින් ගෙණවාවුද ඛද්ය්‍ භොජ්යටයෙන් සඞ්ඝයා සහිත වු ලොකස්වාමින්වහන්සේ සන්තර්පය ණය කෙළේය. ඒ නරෙන්ර්ොජ්තෙම භක තයෙන් පසුකාලයෙහි මෙහිම වැඩහුන් සර්ව ඥයන්වහන්සේට මහානාම නම්වු ඒ උයන වරදක්ෂසණකොට දුන්නේය. එකල අකාලපුස්පයෙන් අලඞ්කෘතවු මහානාම නම් උයන සර්වකඥයන්වහන්සේ විසින් පිළිගත්කල්හි මහ‍පොළොව කම්පිතවිය. ඒ සර්වේඥතෙම එහිම වැඩහිඳ ධර්මහදෙශනා කළසේක. එකල්හි තිස්දහසක් මනුෂ්යනයෝ මාර්ග ඵලප්රාරප්තවුහ. සර්වකඥයන්වහන්සේ මහානාම නම් උයන්හි දිවාවිහරණය ‍ෙකාට සවස්වෙලෙහි පූර්ව් මහා බොධිය පිහිටි භූමියට වැඩ එහි සමාධිය අර්පවණයකොට එයින් නැගිසේක්, සම්යටක් සම්බුඬයන්වහන්සේ ලක්දිව් වැස්සන්ගේ වැඩ පිණිස “මාගේ උදුම්බර බොධිවෘක්ෂහයෙන් දක්ෂි ණ ශාඛාව රැගෙණ භික්ෂුඩණින් සහිතවු කණකදත්තා නම් මෙහෙණිතොමෝ ‍ඒවා” යි සිතුසේක. මහත් ඍඬිඇත්තාවු ඒ තෙරණි ‍තොම ඊට අනතුරුව උන්වහන්සේගේ ඒ සිත දැන එහි රජු කැදවා ගෙණ ඒ බොධිවෘක්ෂතය කරා එළඹ රත්සිරයෙලින් දක්ෂිඑණඃශාඛාවෙහි රෙඛා දෙවා, මහරජාණෙනි ! එතැනින් ජින්නව රන්බදනෙහි පිහිටියාවු ඒ ශාඛාබොධිය ඍඬියෙන් රැගෙණ මෙහෙණින් පන්සියයක් සහිතවුවා දෙවතාවන් විසින් පිරිවරනලද්දී මෙහි අවුත්, රන් බදන සහිත වු ඒ ශාඛා බොධිය සම්යවක්සම්බුඬයන් විසින් දිගුගළ දක්ෂිසණ හස්තයෙහි තැබුවාය. තථාගතයන්වහන්සේ ඒ හැරගෙණ පිහිටුවන පිණිස සමිඬනම් රජහට දුන්සේක. ඒ මිහිපල්තෙම ඒ බොධිය එහි මහානාම නම් උයනෙහි පිහිටවුයේය. සම්ය්ක් සම්බුඬයන්වහන්සේ එතැනින් නික්ම මහරිමලුවෙන් උතුරු නාගමාලකයෙහි වැඩහුන්සේක් ජනයාට ධර්මසදෙශනා කළ සේක පෘථිවිපාලය! ඒ ධර්මජදෙශනාව ඇසිමෙන් එහි විසි දහසක් ප්රාහණින්ට ධර්මාිවබොධය වුයේය. පුරයෙන්ම උතුරු පූර්වර බුඬවරයන් වැඩහුන් තැනට වැ‍ඩ එහි සමාධිය අර්පමණය කොට වැඩහුන්සේක් එයින් නැගි සර්වාඥයන්වහන්සේ පිරිසට ධර්ම දෙශනා කළසේක. එහි වනාහි දසදහසක් ප්රාාණිහු මාර්ගපඵලප්රා ප්තවුහ. පස්මරුන් දිනු ඒ සර්ව්ඥයන්වහන්සේ මනුෂ්යපයන් විසින් වඳනා පිණිස කායබන්ධටනධාතු ව ප්ර.දානය කොට පිරිවර සහිතවු ඒ මෙහෙණින්න මෙහි වස්වා භික්ෂුාන් දහසක් සමඟ මහාසුම්මනම් ශ්රාවවකයන්වහන්සේද මෙහි වස්වා රත්නමාලකයෙන් මෙපිට සුදශර්නම නම් මාලකයෙහි වැඩසිට ජනයාට අනුශාසනා කොට සඞ්ඝයා සමඟ අහසට නැගි ජඹුවිපයට වැඩිසේක.  මේ කල්පයෙහි තුන්වෙනුව (බුදු වු) කාශ්ය්ප ගොත්රර ඇති සියලු ධර්ම යන් අවබොධකළාවු සියලු ‍‍ලෝවැස්සාට අනුකම්පා කරවු ශාස්තෘකෙ‍නෙක් වුසේක. එකල්හි මහමෙවුනා උයන මහාසාගරනම් විය. පශ්විම දිශාවෙහි විශාලනම් පුරයක් විය.

එකල එහි ජයන්තනම් නරෙන්ද යෙක් වුයේය, එකල මේ විපය තෙම මණ්ඩදීප නම් විය. එකල්හි ජයන්නතනම් රජහුගේද රජහු මල් (මණ්ඩකුමර) හුගේද භයජනකවු සත්වමයන් පෙළක් කාවු යුධයක් එළඹ සිටියේය. ඒ මහාකරුණා ඇති දශබලඬාරි වු කාශ්ය ප සර්වයඥයන්වහන්සේ ඒ යුඬය නිසා සත්ව)යන්ව වන්නාවු මහ්ත ව්ය සනය දැක එය සංසිඳුවා මේ විපයෙහි සත්වසයන් හික්මිම හා ශාසනයාගේ ප්ර‍වෘත්තියද කරණු පිණිස කරුණා බලයෙන් මෙහෙයනු ලත්සේක් විසිදහසක් රහතුන් විසින් පිරිවරනු ලැබ අහසින් වැඩ “සුභකුට” නම් පර්වුතයෙහි වැඩසිටිසේක. නරෙන්ර්ු ය! එහි වැඩසිටි මහාමුනිවු සර්වකඥයන් වහන්සේ “අද මණ්ඩවීපයෙහි සියලු මනුෂ්යියෝ මා දකිත්වා මාකරා එනු කැමැතිවු සියලුම මනුෂ්යයයෝ නිරායාසයෙන් වහාම එත්වා”යි අධිෂ්ඨාන කළසේක. පර්වුතයෙහි රැස්විහිදුව මින් බබළන්නාවු ඒ සර්ව”ඥයන්වහන්සේද විරාජමානවු පර්වෙත යද දැක රජතෙමේදනුවර වැසේසෝද වහාඑළඹුණාහ. බොහෝ ජනයෝ තමතමන්ට පැමිණි ජය නිසා දෙවියන්ට බිළිදෙන පිණිස ඒ පර්වතතයට එළඹුණෝ සඞ්ඝයා සහිතවු සර්විඥයන් වහන්සේ දෙවතායයි සිතුහ. රජතෙමේද ඒ කුමාරතෙමේද විස්මයට පැමිනියෝ යුඬය හළහ. ඉතා සතුටුවු ඒ පෘථිවිශ්වරවු රජතෙම ඒ මුනින්ර්ය යන් වැද බතින් පවරා නගරසමිපයට වඩාගෙණවුත් මේ ස්ථානය සඞ්ඝයා සහිතවු මුනිරාජයන් වහන්සේට වැඩහිඳිනම් යොග්යනය උතුම්ය සිත්කලුය. සමේබ.ධ රහිතයයි සිතා මෙහි කරවනලද රම්යඞවු මණ්ඩපයෙහි ‍උතුම් වු පය්ය්ාජයඞ්කයන්හි සඞ්ඝයා සහිතවු සර්වයඥයන්වහන්සේ වඩා හිඳවුයේය.

මෙහි වැඩ්හුහන්නාවුද සඞ්ඝයා සහිතවු ලොකස්වාමින් වහන්සේ දක්නාවු විපයෙහි මනුෂ්යහයෝ හාත්පසින් පඬුරු ගෙණාවෝය. ඒ නරෙන්ර් තෙම තමන් සතුවුද ඒ ඒ ජනයන් විසින් ගෙණෙනලද්දාවුද ඛාද්යන භොජ්යවයෙන් සඞ්ඝයා සහිතවු ‍ලොකස්වාමින් සන්තර්පෙණය කෙළේය. භක්තභොජනයට පසුවු (පස්වරු) කාලයෙහි මෙහිම වැඩහුන්නාවු සර්වභඥයන් වහන්සේට ඒ නරෙන්ර්ත තෙම ඒ මහාසාගර නම්වු උතුම් ‍උයන වරදක්ෂිනණා කොට ප්රටදානය කෙළේය. අකාල පුෂ්පයෙන් අලඞ්කෘතවු මහාසාගර නම් උයන සර්ව ඥයන්වහන්සේ විසින් පිළිගත් කල්හි මහපොළොව කම්පිත විය. ඒ සර්වේඥතෙම එහිම වැඩහිඳ ධර්මොමදෙශනා කළසේක. එකල්හි විසිදහසක් මනුෂ්ය යෝ මාර්ගඩඵල ප්රාමප්තවුහ. සර්වකඥය්නවහන්සේ මහා සාගරනම් උයන්හි දිවා විහරණය කොට සවස් වෙලේහි පුර්ව බොධිවාක්ෂ ය්න පිහිටි භූමියට වැඩ එහි සමාධියට පැමිණ වැඩහුන්සේක් එයින් නැගිසේක සම්ය ක්සම්බුඬය්නවහන්සේ “දිව්වැස්සන්ගේ වැඩ පිණිස සුධර්මගමා නම් මෙහෙණිතොමෝ මාගේ න්යනග්රොමධ බොධිවෘක්ෂ යෙන් දක්ෂි ණ ශාඛාව ගෙණ මෙහෙණින්නන් සහිතව දැන් ඒවා”යි සිතුසේක. ඊට අනතුරුව මහත් ඍඬි ඇත්තාවු ඒ ස්ථවිරිතොමෝ උන් වහන්සේගේ සිතිවිල‍ි දැක එහි නරෙන්ර්විරයන් කැඳවාගෙණ ඒ බොධිවෘක්ෂකයකරා එළඹ රත්සිරියෙලින් දක්ෂිඑණ ශාඛාවෙහි රෙඛාවක් දෙවා එතැනින් වෙන්ව රන්බදනෙක පිහිටියාවු ඒ බොධිය ඍඬියෙන් රැගෙණ පන්සියයක් මෙහෙණින්නන් සහිතවුවා, මෙහි පමුණුවා ‍දෙවතාවුන් විසින් පිරිවරණලද්දි රන්බදන සහිතවු ඒ ශාඛාබොධිය සර්වාඥයන් විසින් දිගුකළ දක්ෂිරණ හසතයෙහි තැබිය තථාගතයන්වහන්සේ එය පිළි ගෙණ ජයනත රජහට එහි පිහිටුවන පිණිස ප්රහදානය කළ සේක. ඒ රජතෙම ශාඛාබොධි වෘක්ෂඑය ඒ මහාසාගර නම් උයනෙහි පිහිටුවුයේය. සර්වතඥයන්වහන්සේ එතැනින් වැඩ නාගමාලකයෙන් උතුරෙහි අශොකමාලකයෙහි වැඩහිඳ ජනයාහට ධර්ම මදෙශනා කළසේක. නරෙන්ර් යාණෙනි! එහි ඒ ධර්මදෙශනාව අසා සාරදහසක් ප්රාොණින්ට ධර්මාවබොධය වුයේය. නැවත සර්වදඥයන්වහන්සේ උතුරුදිග පූර්වලබුදුවරයන් වැඩහුන්නාවු ස්ථානයට වැඩ එහි සමාධිය අර්පනණය ‍ෙකාට වැඩහුන්සේක් ඒ ස්මාුධියෙන් නැගි පිරිසට ධර්මදෙශනාකළ සේක. එහි වනාහි දසදහසක් ප්රාකණිහු මාර්ගයඵලයන්ට සමප්රාශප්තවුහ පස්මරුන් දිනු ඒ සර්වරඥයන්වහන්සේ මිනිසුන් විසින් වදනා පිණිස ජලසාථිකාධාතු ප්රසදානයකොට පිරිවර සහිතවු ඒ භික්ෂුනණිය මෙහි වස්වා භික්ෂුකන් දහසක් සහිතවු සබ්බනන්දිත නම් ශ්රානවකයන්වහන්සේද මෙහි වස්වා නදියෙන් මෙතර සුදර්ශදන නම් මාලයෙන් (බැහැර) සොමනස්ස නම් මාලකයෙහිදි ජනයාට මොනවට අනුශාසනා කොට සඞ්ඝය‍ා හා සමඟ අහසට නැගි දඹදිව වැඩිසේක.

මේ කල්පයෙහි සතරවෙනුව සියලු ධර්මයන් අවබෝධ කළාවු සියලු ලොවට අනුකම්පාකරවු ශාස්නාවු ගෞතම නම් සර්වනඥයන්වහන්සේ වුසේක. ඒ සර්වනඥයන්වහන්සේ ප්රඅථම කොට මේ ලක්දිව් වැඩ යක්ෂවයන් දමනය කළසේක, නැවත දෙවනුව වැඩ නාගයන් දමනය කළ‍සේක. නැවත තුන් වෙනුව පස්වරුන් දිනු මනින්ර්ැඩ යන්වහනසේ කැලණියෙහි මණිඅක්ඛික නම් නාගයා විසින් නිමන්ත්රරණය කරණලද්දේ ආගමනය ‍ෙකාට එහි සඞඝයා සමඟ ආහාරවලඳා පූර්වැබොධින් පිහිටි ස්තානයද මේ චෛත්යිස්ථානයද පරිභොග ධාතුස්ථානවු ථුපාරාමය පිහිටන වැඩහිදිමෙන් පිරිභොගකොට, පූර්ව වු කාශ්යනපසර්වපඥයන්වහන්සේ වැඩසිටි (සොමනස්සමාලක) නම් ස්ථානයෙන් මෑතභාගයට වැඩ ‍ලොකයට ප්රිදීපවුසේක් එකල ලඞ්කාවිපයෙහි මනුෂ්යමයන් නැති බැවින් වීපයෙහි සිටියාවු දෙවසමුහයාටද නාගයන්ටද මොනවට අනුශාසනා කොට සඞ්ඝයා සහිතව අහසට නැගි දඹදිව වැඩිසේක.

නරෙන්ර්ව යාණෙනි! මෙසේ මේ ස්ථනාය සතර බුදුවරයන් ‍විසින් සෙවුනා ලද්දේය. මහරජාණෙනි! මේ ස්ථානයෙහි අනාගතකාලයෙහි සර්ව ඥ ශරීරික ධාතූන් සම්බන්ධහවු ද්රොෙණ යක් ධාතුන්ගේ නිධානවු එක්සියවිසිරියන් උස් ස්වර්ණෙමාලියයි ප්ර සිඬවු සෑයෙන් වන්නේය෴පෘථිවිශ්වරතෙම ඒ (සතුපය) ‘මමම කරවන්නෙමි”යි කීයේය. “පෘථිවිපාලයෙනි, මෙහි තොපට අන්යවවු බොහෝ කටයුතු වෙති. ඒ කටයුතු කරව. තොප‍ගේ මුනුබුරෙක්තෙම මේ ස්තූපය කරවන්නේය. (එහි පිළිවෙළ මෙසේයි)෴යුෂ්මන්හුගේ සහෝදරවු මහානාග නම් යුවරජහුගේ පුත්ර වු යටාලතිස්ස නමින් ප්රුකටවු නරෙන්ර්කටයයෙක් තෙම අනාගතයෙහි වන්නේය. ඔහුගේ පුත්ර්වු ගොඨාභය නම් නරෙන්ර්්ර යෙක් වන්නේය. ඒ රජහුගේ පුත්රපවු කාවන්තිස් නම් රජෙක් වන්නේය නරෙන්ර්( ය! ඒ රජහු පුත්වු “දුඨගාමිණි යන ශබ්දයෙන් ප්රතකටවු අභය නම් මහ රජෙක් වන්නේය. මහත්වු තෙජස් හො ඍඬිවික්රතම‍යෙන් යුක්තවු ඒ මහරජතෙම මෙහි ස්තුපය කරවන්නේය”යි ස්ථවිරයන් වහන්සේ වදාළ සේක ස්ථවියන් වහන්සේගේ වචනයෙන් මිහිපතිතෙම එපවත් ලියවා මෙහි ගල්ටැඹක් එසවුයේය.

මහත් පරයේ ඥ හා මහ්ත ඍඬි ඇත්තාවු ඒ මහාමහෙන්ර්ව නම් ස්ථවිරයන් වහමන්සේ මහමෙවුනා උයනින් සිත්කලුවු තිසසා රාමය පිලිගත්සේක. කම්පාරහිතවු ස්ථවිරතෙම අටතැනකදි පොලොව කම්පිතකරවා සයුර හා සමානවු නුවරට පිඬු පිණිස ප්රකවිෂ්ටව රජගෙයි භක්තකෘත්යගය කොට මන්දිුරයෙන් නික්ම නඳුන් වනයෙහි වැඩහිඳ එහිදි අග්ගික්ඛ‍ෙන්ධාටපම නම්වු සුත්රටය ජනයාට දෙශනා කොට එහිදි මිනිසුන් දහසක් මාර්ගක ඵල ප්රාුප්තකරවා මහමෙවුනා වෙනෙහි වැඩවිසුසේක.

ස්ථවිරයන් වහන්සේ තුන්වෙනි දවස්හි රජගෙයි වළඳා නදුන්වෙනෙහිවැඩහිඳ ආශිර්වීෂොපම්සුත්රවය දෙශනාකළසේක. මාහස්ථවිරයන් වහන්සේ දහසත් පුරුෂයන් මාර්ග‍ඵලාවබොධයට පමුණුවා එතැනින් තිස්සාරාමයට (වැඩිසේක) අසනලද දෙශනා ඇති ඒ රජතෙමේද (පැමිණි) තෙරුන්වහන්සේ සමිපයෙහි හිඳ “වහන්ස! බුඬශාසනය (මෙහි) පිහිටියේදෝහෝ”යි විචාළේය “නරෙන්ර් ය! තමව නොපිහිටියේය, ජනාධිපතිය! උපොසථාදි කම් පිණිස බුඬාඥවෙන් මෙහි සිමාවක් බැන්දා කල්හි ශාසනය පිහිටන්නේය”යි මහාස්ථවිරයන් වහන්සේ වදාළසේක. රජතෙම උන්වහන්සේට මේ වචනය සැල කෙළේය. “කාන්තිධරය්න වහන්ස! මම සර්ව ඥයන් වහන්සේ ආඥව ඇතුළත වාසය කරන්නෙමි, එහෙයින් පුරය ඇතුළත්කොට මහාසිමාව සමකල්හි බඳනාසේක්වා”යි සැල කෙළේය. ස්ථවිරයන් වහනසේ ඒ රජහට පෘථිවිශ්වරය! එසේ කල්හි යුෂ්මත්තෙමේ සීමාව යන තැන් දැනුම් අපි එය බඳුම්හ”යි වදාළසේක පෘථිවිශ්වරතෙම මැනව”යි කියා හඳුන් නවයෙන් නික්මෙන දෙවෙන්ර්න් යාමෙන් රම්යවවු මහමෙවුනා උයනේත නික්ම ස්වකීයවු මන්දිදරයට ප්ර්විෂ්ටවුයේය. ස්ථවිරයන් වහන්සේ සතරවෙනි දවස්හි රජගෙයි වළඳා නඳුන් වෙනෙහි වැඩහිඳ අනමතග්ගිය නම් සංයුක්තය දෙශනාකළ සේක. ඒ මහාස්ථවිරයන් වහන්සේ එහිදි දහසක් පුරුෂයන්ව අමෘතපානය පොවා මහාමෙඝවනාරාමයට එළඹිසේක. උදය බෙර හසුරුවා පුරවරයද විහාරයට යන මාර්ග්යද හාත්පසින් විහාරයද සරසවා ඒ නරෙන්ර්වා තෙම රථයෙහි සිටියේ සර්වාප ලඞ්කාරයෙන් අලඞ්කෘතවුයේ ඇමැතියන් සහිතව අන්තඃපුර වාසින් හා රථ බලවාහන ඇමැතියන් සහිතවුයේ මහපිරිවරින් ස්වකීය රාමයකරා පැමිණියේය. එහි වනදහිතනාවට යොග්යාවු ස්තවිරයන් කරා එළඹ වැද ස්ථවිරයන් හා සමග උඩුගඟ තොටට ගොස් රන් නගුලක් ගෙණ එතැන් පටන් සාමින් ගියේය. මහාපදුමය, කුඤ්ජරය යන නම් ඇත්තාවු අතිශයින් ශොභනවු ඇත්තු දෙදෙන ස්වර්ණටමයවු නගුලෙහි යොදනලද්දාහ. පළමුවෙනිවු කුන්තමාලකයෙහි (සිටියේ) සිවුරඟ මහාසෙනග ඇත්තාවු සතුරු දමනය කළ මිහිපතිවු නරෙන්ර්ප තෙම ස්ථවිරයන් සමඟ වුයේ මොනවට සරසනලද්දාවු පුන්කලස, නොයෙක් වර්ණොණ ඇත්තාවු කොඩිය. යහපත්වු සඳුන්සුණුයුත් තලිය, රන්රිදි දඬු ඇති කැටපත්ය, මලින්බරවු සුමුගුය, මල්ඇහැය, තොරන් කෙහෙලි ආදියද ගත් අත් ඇති අගනන් විසින් පිරිවරනලද්දේ නොයෙක් තුය්‍්් යෙන් ඝොෂණයකරණලද‍දේ සෙනාසමුහයා විසින් පිරිවරන ලද්දේ ස්තුති මඞ්ගල ගිතයෙන් සිවුදිගුන් පුරවන්නේ සාධුකාර නාදයෙත් හා පිළිහිස සීසෑරූම් සියගණ නින්ද මහත්වු උත්සව පූජායෙන්ද යුක්තවුයේ නගුල රැගෙණ සිව්ටු දක්වා සාමින් ගියේය විහාරය හා නගරයද ප්රයදක්ෂිගණ කරන්නේ ගං තොටට පැමිණ සිමාව යකතැන් සමාප්තකෙළේ ය. එහිසිමාතොමෝ කවරකිමිත්තකින් ගියාදැයි “සිමාවපැමිණි තැන් (දැනගනු) කැමැත්තෙනි! ඒ මෙසේ අවබොධ කරව්” (කොළොම් හොය) පහන්තොට පහණෙහි කුඩාවළටද එතැනින් කුම්බල නම් වළ අගටද එතැනින් මහදුවටද ගියාය. එතැනින් කුඹුක්පෙළට ගියේ එයින් මහමලුවට ගියේය එයින් කුදුම්රුකටද එතැනින් මුරුත පොකුණටද ගියේ විජයා රාම නම් උයනෙහි උතුරු දොරකොටුවට ගියේය. ගජ කුඹුනම් ගලටද තුසවැටිය මැදින් අබ උයනෙහි කොක්ගලටද (ගොස්) මහාසොහොන් මැදට ගියේය, දිගුපහණට ගොස් කර්ම)මාර දෙවයාගේ බඩහැලට වමින් නුගමලුවට ගොස් හියගල සමිප යෙහි ගිනිකොණ දියවස් බමුණගේ දෙවාලයටද, එතැනින් තෙලුම්පෙළට ගියේ එතැනින් තාලවතුෂ්කයට ගියේය. එතැනින් අස්මඩුල්ලට වමින් සසවානයට ගියේය. එතැනින් බොරළුතොටට ගියේ එතැනින් මත්තෙහි නදියට ගියේය. පළමු සැයෙන් නැගෙණහිරද කොළොම් ගස් දෙකක් වුහ. සෙනින්ද්ගුත්ත රාජ්යනයෙහි උදක ශුඬික ද්රනවි‍ඩයෝ නදිය දුරයයි සිතා බැද එය නුවරට ආස්නන කළහ. එහි ජිවමානවු කොළොම්රුක සිමාවට ඇතුළු‍ෙකාට ගියේය. මළ කොළොම් රුක පිහිටි ඉවුරෙන් සිමාතොමෝ මළ කොළොම් රුකෙන් ඌර්ඩ ව භාවයට පත්විය. ස්ථවිරතෙම සිංහසථානකම් තොටින් ඌර්ඨ්වභාවයට පැමිණ ඉවුරෙන් වඩනේ පහන්තොටට පැමිණ නිමිති ගැළපු‍සේක. නිමිත්තෙන් නිමිත්ත ගැළපු කල්හි සස්න මොනවට පිහිටියේයයි දෙවි මිනිස්සු සාධුකාර පැවැත්තුහ. රජහු විසින් හිවිට දුන්කල්හි මහත් ප්රතඥ ඇති ඉන්දි ය වසඟකළාවු මහාස්ථවිරයන් වහන්සේ නිමිත්තයන් හාත් පසින් කිනිනය කළසේක් විධිවු පරිද්දෙන් ‍දෙතිසක් ඛණ්ඩ සිමාවන් පිණිසද ථුපාරාමය පිණිසද සිමාන්තරික නිමිතත යන්ද කිනිතය කොට එම දවස්හිම සියලු සිමාවන් බන්ධනනය කළසේක සිමාබන්ධිනය සමාපපතකළ කල්හි මහ පොළොව කම්පිතවිය.  ස්ථවිරයන් වහන්සේ පස්වන දවස් රජගෙහි වළඳා නඳුන් වෙනෙහි වැඩහිඳ ඛජ්ජනියක නම්වු සුත්රාහනතය මහාජනයා හට දෙශනාකොට ‍එහිදි දහසක් මිනිසුන්ට අමෘතපානය පොවා ම්හ මෙවුනා උයනෙහි වාසය කළසේක. දෙශනා දන්නවු ස්ථවිරයන් වහන්සේ සවෙනි දවස්හි රජගෙහි වළඳා නඳුන් වෙනෙහි වැඩහිඳ ගොමසපිණ්ඩික නම් සුත්රනය දෙශන, කොට දහසක්ම මිනිසුන් මාර්ගනඵලාවබොධයට පමුණුවා මහමෙවුනා උය‍ෙනහිම වැඩවිසුසේක ස්ථවිරයන් වහන්සේ සත්වෙනි දවස්හිද රජගෙහි වළඳා නදුන් වෙනෙහි වැඩහිද ධර්මසමචක්කප්පවත්තන නම් වු ස්රෙත්රාදනතය දෙශනා ‍කොට මිනිසුන් දහසක්ම මාර්ග ඵලාවබොධයට පමුණුවා මහමෙවුනා උයනෙහි වැඩවිසූසේක. මෙසේ කාන්තිධරවු ස්ථවිරයන්වහන්සේ සත්දවසකින්ම අටදහස් පන්සියයක් මනුෂ්යධයන් මාර්ගරඵලාව බොධ කරවා (ඒ මහනඳුන් උයනෙහි වාසය කළසේක) ඒ මහා නඳුන් වනය ඒ ශ්රෙවෂ්ඨවු අර්හඒතුන්වහන්සේ විසින් ශාසනය බැබළවු ස්ථානය යන අත්ථිෙයෙන් “ජොතිවන” යයි කියනුලැබේ. රජතෙමේ ශිඝ්රය ලෙස ගිනිසුලින් මැවි වියලවා පළමුවෙන් තිස්ස රාමයෙහි ස්ථවිරයන් වහන්සේට පිරිවෙනක්කරවුයේය. ඒ ප්රාරසාදයතෙම කාලවර්ණුවුයේය. එහෙයින් ඒ මන්දිනරය එහි කාලප්රාඒසාද පිරිවෙන යන නමට පැමිණියේය. ඉක්බිත්තෙන් මහ‍බෝගෙයක්ද ‍ලෝවාමහපායද ලහබත් ගෙයක්ද බත් හලක්ද මොනවට කරවුයේය. බොහෝ පිරිවෙන්ද යහපත්වු පොකුණුද රාත්රිමස්ථානද දිවාස්ථානාදින්ද කරවුයේය. පාපයන් ධොවනය කළාවු උන්වහ්නසේගේ නහන පොකුණු තෙර කළාවු පිරිවෙණ සුන්හාත පිරිවෙනයයි කියනු ලැබේ.

ලඞ්කාවිපයට ප්ර දීපයක්වු ඒ උත්තමයන් වහන්සේ සක්මන් කළ තන්හි කරණලද ඒ පිරිවෙන “දිඝවඞ්කමණ”නක යයි කියනු ලැබේ. ඒ ස්ථවිරයන් වහන්සේ යම් තැනෙක්හි වනාහි අග්රනවු ඵල සමාපත්තියට සමවනසේක්ද ඒ හෙයින් එය “ඵලග්ගපරිවෙණ” යිය කියනු ලැබේ. යම් තැනෙක්හි බොහෝවු දෙව් සමුහයෝ උන්වහන්සේකරා එළඹඋපස්ථානකළාහුද එහෙයින්ම මරුගණ පිරිවෙණයයි කියනු ලැබේ. ඒ රජහුගේ සෙනෙවිවු දික්සඳ ඇමැතිතෙම් මහටැම් අටකින් සුළුපහසක් කරවුයේය. එය ඒ වෙහෙරෙහි “දික්සඳ සෙනවියා පිරිවෙන” යිය කියනු ලැබේ. ඒ පිරිවෙන ප්රරධානවේ. ප්රපධානවු ස්ථවිරයන්ට දෙවානම්පිය යන වචනයෙන් වලඳනලද නම් ඇත්තාවු යහපත් ප්රරඥ ඇති ඒ රජතෙම නිර්ම ල බුඩි ඇත්තාවු මහා මහෙන්ර්වු නම් ස්ථවිරයන් කරා පැමිණ ලඞ්කාවිපයෙහි පළමුවෙනිවු මේ මහාවිහාරය මෙහි කරවුයේය.

මෙතෙකින් හුදිජනයා පහන්සංවේග පිනිස කළ මහවස මහාවිහාරපටිග්ගහණ නම්වු පසළොස්වන අදියර නිමි.

Last Updated on Friday, 26 November 2010 12:33
 

Add comment

Add comments relevant to this Article. මෙම ලිපියට අදාලව පමණක් අදහස් එකතු කරන්න.


Security code
Refresh

35.jpg

Download Toolbar

 
 

Most Popular Articles

Latest Articles

Copyright © 2005 - 2016 (ඉස්කෝලේ) eduLanka Online Education School of Sri Lanka