Education Menu

 

Features Menu

 

Additional Menu

 

Now Online

We have 97 guests online
 

@edulanka

 

Follow US

Twitter You Tube Google Plus
Pinterest Facebook EduLanka Blog

 

Information Zone

eduLanka Sinhala

Welcome to eduLanka.LK, Largest online education web site in Sri Lanka & most popular educational web site among Sri Lankan students. EduLanka, Best nonprofit & educational website is provided large numbers of online lessons, education related course information, teachers information, E books, examination result alerts, goverment job alerts, tuition class information, career guide for school leavers and more resources related to education in Sri Lanka. Edulanka provides education related resources from primary education, O-Level & A-Level education, University & Postgraduate education and vocational training education.

EduLanka IDN Domains http://එඩියුලංකා.ලංකා http://எடியுலங்கா.இலங்கை


jobs Mathematics SLAS Exam Dharma Education Results



 

Inside Online School

Share Us

Home Page Digital Library - පුස්තකාලය Mahawanshaya - මහාවංශය සිංහල පරිවර්තනය

මහා වංශය - 11 කොටස ( පරිඡ්ඡේද 13 සිට 14 දක්වා )
Monday, 08 November 2010 13:57

මහා වංශයේ සිංහල පරිවර්ථනය

(The Golden History of Sri Lanka - Mahawansaya - Sinhalese Translation)


නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සමිබුද්ධස්ස!

 


13 වෙනි පරිචේජ්දය

 

එකල උපසපන් දොළොස් හැවිරිදිවු මහ නුවණැති ඒ මහා මහෙන්ද ස්ථවිර තෙමේ උපාධ්යාොයවු මොග්ගලිපුත්තතිස්ස තෙරුන් හා සඞ්ඝයා විසින් අණවනු ලත්සේක් ලක්දිව් පහනට කල් බලමින් “මුටසිව රජ මහළුය, පුත්ර තෙමේ රජවේවි”යි සිතුසේක. ඒ අතර ඥති වර්ගයයා දක්නට සිත‍ා උපාධ්යාතයන් වහන්සේද සඞ්ඝයාද වැද පියරජු විචාළසේක. යටකි තෙරුන්වහන්සේලා සතරදෙනාද කැටිව සඞ්ඝමිත්රාය පිත් යට්අභිඥ හා මහ ඍඬිඇති සුමන සාමණෙරයන්ද ගෙණනැයන් සඞ්ශ්රරණ කරණට දක්ෂිිණාගිරි දනට වැඩිසේක. ඉක්බිති එහි හැසිරෙන උන්වහන්සේට සමසක් ඉක්මුණහ. ක්රශමයෙන් මවුබිසවුන් වසන වෙදිසගිරිනුවර අවුත් මෑණියන් දුටුසේක.දේවිතොමෝ ප්රි යපුතු දැක පිරිස් සහිත උන්වහන්සේ වලඳවා තමා විසින්කරනවනලද යහපත් වෙදිසගිරි විහාරයට නැංගවු සේක. ඒ අශොක රජතෙමේ කුමාර කාලයෙහි සිය පියහු විසින් දෙනලද අවන්ති රට අනුභව කෙරෙමින් පෙර උදේනි නුවරයන කල වේඳිය නම් නුවර නවාතැන් ගෙණ එහිදි මනා රු ඇති සිටුකුලෙහි උපන් දේවිනම් කුමරියක් ලැබ ඇය සමඟ වාසය කෙළේය. ඕතොමෝ එයින් ගැබ්ගෙණ උදේනි නුවරදි යහපත් රූ ඇති මහීන්දත නම් ඒ කුමරහු වැදුවා. දැවුරුද්දක් ඉක්ම සඞ්ඝමිත්රාත නම් දුවද වැදුවා මේ කාලයෙහි ඒ බිසව වෙදිය නුවර වසන්නීය. කල් දන්නා මහෙන්දර ස්ථවිරතෙමේ එහි වැඩහිඳ “මපියාණන් විසින් අණවනලද දෙවන අභිෂෙක මහෝතසවය, ඒ දෙවන පෑතිස් මහරජතෙමේ අනුභව කෙරේවා, දූතයන් අතින් අසා තුනුරුව්න් ගුණ දනිවා, පොසොන් පුණු පොහෝ දවස්හි මිශ්රතක පර්ව්තයට නගිවා, එදවස්හිම අපි ප්රපවර ලක්දිව යන්නමෝය”යි සිතුසේක. මහෙන්දොතෙමේ උතුම්වු මහෙන්දරස්ථවිරයන් කරා එළඹ “ලක්දිව් පහන් කරවන්ට වැඩිය මැනව, බුදුන් විසිනුදු ව්යාළකරණ කරණලදුයෙහිය, අපිදු ඊට උපකාර වන්නමෝය”යිකීයේයි. මෙහෙසිය බුහුනන් පිත් භඩෙක නම් කුමාරතෙමේ තෙරුන් විසින් මුවබිසවුන්ට දේශනාකළ දහම් අසා අනාගාමි ඵලයට පැමිණියේ තෙරහු වෙත විසිය.

එහි මසක් වැස පොසොන් පුණුපොහෝදවස්හි ස්ථවිරතෙමේ තෙරුන් සතරදෙනාය සුමන සාමණෙරය භණ්ඩුක නම් ඒ අනාගාමි කුමාරය යන මොවුන් හා කැටිව නෑයින් බලා එහි නොඇළුණුසේක් ඒ විහාරයෙන් අහසට නැගි මහාඍඬි ඇති සේක් ක්ෂළණයකින්ම මෙහි වැඩ සිත්කලු මිශ්ර්ක පර්වෙතයෙහි පියල්කුළ උතුම් රුචිර අඹතෙලෙහි වැඩසිටිසේක. ලක්දිව ප්රාෙසාදකර ගුණයෙන් ප්රකකාහකරණ ලද්දාවු ලකිදිව්හි බුදුන් බදු ඒ මහාස්ථවිරතෙමේ ඊට වැඩ පිණිස ලක්දිව්හි දෙවියන් විසින් පුදනලදුයේ එහි වැඩඋන්සේක.

මෙතෙකින් හුදිජනයා පහන් සංවේග පිණිස කළ මහවස මහින්දා්ගමන නම්වු තෙළෙස්වන අදියර නිමි.

 

14 වෙනි පරි‍ච්ජේදය

ඒ දෙවනපෑතිස් රජ නුවර වැසියන්ට දියකෙළි විධාන කොට තෙමේ මුවදඩකෙළියට ගියේය. සතළිස් දහසක් මිනිසුන් විසින් පිරිවරණලදුයේ පයින්ම දුවමින් මිශ්ර.ක පර්වදත යට ගියේය. ඒ පව්හි වසන දෙවියා රජහට තෙරුන් දක්වනු කැමැත්තේ ගෝණවේස ඇත්තේ තණපඳුරක් කමින් සිටි යායේ දැක්විය. රජතෙමේ දැක “පමාවුවහු විදිනට යුතු නොවේ”යි සිතා දුනුදිය පෙළිය ගෝණතෙමේ පර්වතතාන්ත යට දිවිය. රජතෙමේ ලුහුබැඳ ගියේය. මෘග වෙස් ගත් ඒ දෙව්තෙමේ තෙරුන් වෙත ගොස් රජු විසින් තෙරුන් දුටු කල අතුරුදහන් වි. ස්ථවිරතෙමේ “අප බො‍හෝ දෙනා දුටු කල වැඩියක්ම බානේය”යි සිතා තම්න පමණක් දැක්වුසේක. රජතෙමේ ඒ තෙරහු දැක බියපත්ව සිටියේය. ස්ථවිරතෙමේ ඔහුට “එව් තිස්සය” යි වදාළසේක. ‘තිස්ස’ යයි යන බසින්ම රජතෙමේ “යක්‍හුෙයකැ”යි සිතිය. ස්ථවිරතෙමේ මහරජාණෙනි! අපි ධර්මයම රාජන්වු බුදුන් සර්වස ශ්රකමණයම්හ, තොපට අනුකම්පා පිණිසම් දඹදිවින් මෙහි ආම්හ”යි වදාළසේක. ඒ අසා රජතෙමේ පහවු බිය ඇත්තේ වි යහළුවාගේ අසුන් මෙ‍ේනෙහිකොට ශ්ර්මණයෝයයි නිශ්චිතකරණලදුයේ දුනු හි දමා ඒ තෙරුන් වෙත එළඹ ඒ තෙරුන් හා සමඟ සතුටුවනුයේ උන්වහන්සේ වෙත හිඳගත.

අන්යනවුත් යතිහු දඹදිව්හි ඇද්දැ”යි මේ විචාළේය. ස්ථවිර තෙමේ “ජම්බුවීපය කෘෂායවස්ත්රඹයෙන් බබළයි, එහි වනාහි ත්රි විද්යා ඇත්තෝය, ඍඬි ප්‍බුාප්තයෝග, පරසින් දන්නෝය, දිව්ය්ගොතරි ත ඇත්තෝය යන බුධ ශ්රාපවකවු බොහෝ රහත්හු ඇත්තාහ”යි වදාළසේක. “කුමකින් වැඩිසේක්දැ”යි විචාළේය. “දියෙන් හෝ ‍ෙගාඩින් හෝ නොආම්හ”යි වදාරණලද්දාවු ඒ රජතෙමේ අහසින් වැඩියහයි දත්තේය. මහපැණ ඇති ඒ මහාස්ථවිරතෙමේ රජහු නැණ විමසන්සේක් ඔහුගෙන් පැණ පිළිවිසිසේක. පුළුවුත් පුළුවුත් ඒ ඒ පැණ රජතෙම විසඳුයේය. “මහරජාණෙනි! මේ රුක කිනම්දැ”යි විචා‍ළසේක. රජතෙමේ “මේ තුර අඹ නමැ”යි කිය. “මේ හැර අඹ රුකෙක් ඇද්දැ”යි විචාළසේක. “බොහෝ අඹතුරු ඇත්තාහ”යි කිය. “මේ අඹතුරද ඒ අඹතුරුද හැර වෙන තුරු ඇද්දැ”යි විචාළ සේක. “වහන්ස! බොහෝ තුරු ඇත්තාහ. ඒ තුරු අඹ නොවේනි”යි කීයේය. “ඒ අඹත් නොඅඹත් හැර වෙන තුරු ඇද්දැ”යි විචාළසේක. “ස්වාමිනි මේ අඹරුකය”යි කීයේය.නරෙශ්වරය! පණ්ඩිතයෙහි”යි වදාළසේක. “මහරජ! තොපගේ නෑයෝ ඇද්දැ”යි විචා‍ළසේක.ක “බොහෝ දෙනෙක් ඇත්තාහ”යි කීයේය. “‍ෙනානෑයෝත් ඇද්දැ”යි විචාළසේක. බොහෝ නොනෑයෝ ඇතියහ”යි කීයේය. “ඒ නෑයනුත් නොනැය නුත් හැර අනිකෙකුත් ඇද්දැ”යි විචාළසේක. “මමමය”යි කීයේය. “මහරජ! මැනව තෙපි පණ්ඩිතැ”යි වදාළසේක. මහ නුවණැති ස්ථවිරතෙමේ රජු පණ්ඩිතැයි දැන රජහට “චූලහත්ථි පදොපම සුත්රතය” වදාළසේක. දෙශනා කෙළවර ‍ඒතෙමේ සතළිස් දහසක් ඒ මිනිසුන් හා සරණයෙහි පිහිටියේය.

ඒ දවස් සන්යාා සරකාලයෙහි රජහට ආහාර ඵලවුහ. “දැන් මුන්වහන්සේලා නොවළදන්හ”යි දන්නාමවුන් රජතෙමේ “විචාරන්ටම යුත්තේය”යි ඒ තෙරුන් බතින් විචාළේය. “දැන් නොවළඳවහ”යි වදාළකල්හි ඒ තෙමේ වළඳන කාලය විචාළේය. කාලය වදාළකල්හි “නුවරට යම්හ”යි මෙසේ කිය. “මහරජ! තෙපියා අපි මෙහි වසන්නමෝ”යි වදාළ සේක. “එසේකල කුමාරතෙමේ අප සමඟ යේව”යි කීයේය. “මහාරජාණෙනි! මේ තෙමේ වුකලි පැමිණි ඵල ඇත්තේය, දන්නාලද බුදුසසුන් ඇත්තේය, පැවිදි අපෙක්ෂා කරමින් අප වෙත වසයි, දැන් මොහු පැවිදි කරන්නෙමු. මහරජාණෙනි තෙපි යව”යි වදාළසේක. “පෙරවරු රථය එවන්නෙමි නුඹ වහන්සේලා එහි සිටියෝ පුරයට වඩින්ව”යි කියා තෙරුන් වැද භණ්ඩුක නම් කුමරහු ඉවත කැදවා තෙරුන්ගේ අධිකාරය විචාළේය. ඒ කුමර රජහට සිය්ල්ල කිය. තෙරුන් ඇඳින ඉතා සතුටුවු ඒතෙමේ “ම‍ාගේ ලාභය”යි සිතුයේය. භන්ඩුක නම් කුමරහු ගිහි බැවින් අපගත ශඞ්කා ඇති නරෙන්දගයා මිනිස් බව දත්තේය. ඒ ස්ථවරතෙමේ “මොහු පැවිදි කරන්නේමුය”යි එකෙනෙහිම ගාමසිමාවෙහිදි ගණ්ඩුක නම් කුමාරයාගේ පැවිද්දත් උපසම්පදාවත් කළසේක. ඒ ක්ෂහණයෙහිදිම උන්වහන්සේත් රහත්බවට පැමිණිසේක. ඉකිබිත් මහා ස්ථවිරතෙමේ ඒ සුමන සැමණෙරයන්දැට “ධර්ම.මශ්රතවණ කාලය ඝොෂාකරව”යි වදාළසේක ස්වාමිනි අස්වන්නාවු මම කෙනෙක් තැන් අඬගා ලන්නෙම්දැ”යි විචාළසේක. තෙරුන් විසින් “මුළු තාම්රණපර්ණේණි දිවයිනැ”යි වදාළ‍කල අස්වන සාමණෙරයන්දැ ඍඬි බලයෙන් මුළු ලක්දිව දහම්කල් ඝොෂා කෙළේය. ඒ රජතෙමේ නාග චකුෂ්ක නම් ගල්කෙම්පස හිඳගෙණ බත් අනුභව කෙරෙමින් ඒ ශබ්දය අසා ඇමැතියන් යැවුයේය. ඔහුගොස් “උපද්රෙවයෙන් ඇද්දෝ”යි කිහ. “උපද්රසවයෙක් නැත්තේය. සම්බුඬ වචන ශ්රභවණයට කාලය ඝොෂාකරණලදැ”යි වදාළසේක. සාමණෙරයන්ගේ හඬ අසා භූමිතිශ්රිණත දෙවියෝ ඝොෂාකළහ. පිළිවෙළින් ඒ ශබ්දය බඹලොවට නැංගේය. ඒ ඝොෂාවෙන් දෙවියන්ගේ මහාසමාගමය විය. ස්ථවිරතෙමේ ඒ සමාගමයෙහි “සමචිත්ත සුත්රවය” දෙශනා කළසේක. අසඞ්ඛ්යස ගනන් දෙවතාවුන්ට ධර්මයමාභිසමය වී. බොහෝ නාගසුපර්ණාළදිහු සරණයෙහි පිහිටි ‍යෝයි. සැරියුත් තෙරුන් විසින් මේ සුත දෙසනකල යම්සේ විනම් එසේම මහෙන්දයස්ථවිරයන් දෙසනකලත් දිව්යිසමාගම්ය වුයේය. ඒ අතර රථාචාරිකා එහි සිටියාවු සිවුරු පෙරවන්නාවු ඒ තෙරුන් දැක ඉතා විස්මිත සිත් ඇත්තේ ගොස් රජහට දැන්විය. රජතෙමේ සියල්ල අසා “පුටුහි හිඳිම නොකරන්නාහ”යි නිශ්චිතවුයේ “ඉතා මනාකොට බුමුතුරුණු පණවම්” යයි කියා පෙරගමන්කොට සකසා තෙරුන් වැද මහමිහිඳු තෙරුන්ගේ අතින් පාත්රකය ගෙණ සත්කාර පූජා කෙරෙමින් පුරයට තෙරහු ප්රුවෙශ කෙළේයි.

Last Updated on Friday, 26 November 2010 12:27
 

Add comment

Add comments relevant to this Article. මෙම ලිපියට අදාලව පමණක් අදහස් එකතු කරන්න.


Security code
Refresh

14.jpg

Download Toolbar

 
 

Most Popular Articles

Latest Articles

Copyright © 2005 - 2016 (ඉස්කෝලේ) eduLanka Online Education School of Sri Lanka