Education Menu

 

Features Menu

 

Additional Menu

 

Now Online

We have 36 guests online
 

@edulanka

 

Follow US

Twitter You Tube Google Plus
Pinterest Facebook EduLanka Blog

 

Information Zone

eduLanka Sinhala

Welcome to eduLanka.LK, Largest online education web site in Sri Lanka & most popular educational web site among Sri Lankan students. EduLanka, Best nonprofit & educational website is provided large numbers of online lessons, education related course information, teachers information, E books, examination result alerts, goverment job alerts, tuition class information, career guide for school leavers and more resources related to education in Sri Lanka. Edulanka provides education related resources from primary education, O-Level & A-Level education, University & Postgraduate education and vocational training education.

EduLanka IDN Domains http://එඩියුලංකා.ලංකා http://எடியுலங்கா.இலங்கை


jobs Mathematics SLAS Exam Dharma Education Results



 

Inside Online School

Share Us

Home Page Digital Library - පුස්තකාලය Mahawanshaya - මහාවංශය සිංහල පරිවර්තනය

මහා වංශය - 10 කොටස ( පරිඡ්ඡේද 11 12 )
Monday, 08 November 2010 13:57

මහා වංශයේ සිංහල පරිවර්ථනය

(The Golden History of Sri Lanka - Mahawansaya - Sinhalese Translation)


නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සමිබුද්ධස්ස!

11 වෙනි පරිච්ජේදය

ඒ රජු ඈවෑමෙන් ස්වර්ණදපාලි බිසවුන් පිත් එම රජුට දාවු මුටසීවයයි ප්රජසිඬ කුමර නිරාකූල රජයට පැමිණියේය. ඒ රජ තෙමේ පලමල්තුරින් හොබනා මහාමෙභවනොද්යාමන නම් වු අනුනගුණයෙන් යුක්ත යහපත් උයන් කරවිය. උයන් බිම් ගන්නා දවස් නොකල් මහවැස්සෙක් වටුයේය, එහෙයින් ඒ උයන මහාමෙභවන නම්වී මුටසීව රජතෙමේ ලඞ්කා මහි කාන්තාවගේ මුහුණුබඳු යහපත් පුරශ්රෙීෂ්ඨවු අනුරාධපුරයෙහි සැටවසක් රජය කෙළේසි මහාවංශය - පළමුවෙනි කාණ්ඩය

ඒ රජහට උනුන් හිතෙසිවු පුතුන් දසදෙනෙක් වුහ. කුලයට සුදුසු කීකරුවු දුන් දෙදෙනෙක්ද වුය දෙවානම් පියතිස්ස (දෙවන පෑතිස්ස) යයි ප්රකසිඬවු දෙවැනි පුත්ර් තෙමේ ඒ සියලු සහෝදරයන් ‍අතුරෙන් පින්පැණ ගුණෙන් අධික වි. ඒ දෙවන පෑතිස් කුමර පියරජහු ඇවෑමෙන් රජ විය. ඒ රජහුගේ අභිෂෙකය කැටිවම බොහෝ අරුම දැ වුහ. මුළු ලක්දිව්හි පොළෝතුළ පිහිටි නිධානයෝද රත්නයෝද උඩ නැගී පොළෝතලයට නැංගාහ. ලක්දිව්වෙත බුත් නැව්හි පිහිටියාවුද ඒ සමුදුර ජාතවුද රත්නයෝ ‍ෙගාඩනැංගාහ. ජාතපර්වඒත පාදයෙහි හුණයටි තැනක් උපන්හ, ප්රදමාණයෙන් රියකෙවිටි පමණය; ඉන් එකක් ලතියෂ්ටි නම්, එහි ලතාවෝ කලධෞතවර්ණැ ඇත්තෝය; සිත්කලු ඒ ලතාවෝ රන්වන්ව සිත්අලවමින් පෑණෙති, ඉන් එකක් කුසුමයෂ්ටි නම, එහි වනාහි නොයෙක් වර්ණ ඇති අතිස්ථුවවු නොයෙක් කුසුමයෝ පැණෙති. එකක් ශමකුණයෂ්ටි නම, එහි බොහෝවු නොයෙක් වර්ණකඇති නානා වගර්යෙනහි මාග පක්ෂිාහු දිවි ඇත්තවුන්සේ පැණෙති.

හයමුතුය ගජමුතුය රථමුතුය ආමලකිමුතුය වලලුමුතුය අංගුලිවෙඨකමුතුය කකුධඵලමුතුය ප්රිකෘතිමුතුය යන මේ අට ජාති ඇති මුක්තාවෝ මුහුදින් නැගි වෙරලෙහි වැටියක්සේ සිට ගත්තාහ. මේ සියල්ල දෙවන පෑතිස් රජහුගේ පින් පැළඹිමෙකි. ඉඳුනිල් වෙරළුමිණි පියුම්රාමිණි යන මේ (මැණික් පොළෝතෙලෙහි නැගීසිටියහ) මෙකි රුවන්ද යටකී මුතුද ඒ යෂ්ටින්ද (ඔවුනුපලන්) සත්දවස ඇතුළතම රජුවෙත ඵලවුහ. ඒ දැක සතුටුවු රජතෙමේ “අනර්ඝත මේ රත්නයන්ට මා මිතුරු දම්සෝ රජ‍තෙමේ සුදුස්සේය. අනීතෙක් නුසුදුස්සේය, එහෙයින් මේ රුවත් ඔහුට දෙන්නෙ මැ” යි සිතූය දෙවනපැතිස්සය දම්සෝය යන මේ (මිනිපල්හු) දෙදෙනා බොහෝකල් පටන් අදෘෂ්ට මිත්ර යෝය ඉක්බිත්ති ඒ (දෙවන පෑතිස්) රජතෙමේ බෑණවු මහාරිෂ්ටනම් ඇමතියා ප්රබධානකොට බමුණාය ඇමතියාය ගණකය යන ඒ සතරදෙනා බලසමුහයෙන් පිරිවරනලදුවන් දුතයන්කොට මැණික්ජාති තුනය, ඒ තුන රථයෂ්ටිහුය, දක්ෂිනණාවෘත්ත ශඬ්බය, යටකී අටජාති මුතුය, යන මේ අනගී රත්නයන් අතට දි (දම්සෝ රජුවෙත) යවුසේය. ඔව්හු දඹකොළ පටුනෙන් නැව්නැගී සැපසේ සත්දවසකින් (මුහුදුපිට ගොස්) තොටලැබ පසුව ඉන් සත්දවසකින් පැළලුප් නුවරට පැමිණ දම්සෝ රජහට පඬුරු දුන්හ. ඒ තෙමේ ඒ දැක සතුටු විය.

“මේබඳු රත්නයන් මෙහි මට නැත්තාහ”යි මෙසේ සිතා සතුටුවුරජතෙමේ අරිවුනම් (කුමරහට) සෙනෙවි තනතුරුද බමුණාට පෙරෙවිබැම්ද දුන්නේය. ඒ ඇමතියහට වනාහි දණ්ඩනායක තනතුරද ගණකයහට සිවු තනතුරුද දුන්.නේය. ඔවුන්ට අනල්ප භොගයන්ද වාසයට ගෙවල්වද දී ඇමැතියන් හා මන්ත්ර නය කොට ප්රපතිපඬුරු දැක වල්විදුනාය මඟුල්කඩුව සේසත් මිරිවැඩිසඟල ඉස්වෙළුම පාමගය කෙණ්ඩි කාව හරිපර්වගතයෙහි හටගන්නා සඳුන, නොදෙව්නා කෙළක් පිළිය. මාහැඟි අත්පිස්නාය, නයින් විසින් ගෙණෙනලද අංජ නය අරුණුවන් මැටිය, අනොතත්ත විලින් ගෙණා ජලය ගංගා ජලය සක්ගෙඩිය නන්යාය වෘතය වගර්මාණනකය කුමාරිකාය රන්බඳුන් බඩුය මාහැගි සිවිකාය මාහැගි අරළු නෙල්ලිය අමාඔසුය ශකුනාහෘත ඇල් සැටදහසක් අමුණ පිරිවරින් වෙසෙසනලද අභිෂෙකොපකරණයන්ද දි නරෙශ්වරතෙමේ සුදුසු කාලයෙහි යහළුවාට පඬුරුත් මේ මතු කියන දහම් පඬුරුත් දි දූතයන් පෙරලා එවුයේය:- “මම බුදුන් දහම් සහ සරණ ගතවුයෙමි. ශාක්යර පුත්රක බුදු සසුන්හි උපාසක බැව් ගිවිස්සෙමි. නරොත්තමය! තෙපිද ශ්ර ඬාවෙන් සිත් පහදාගෙණමේ තුනුරුවන් සරණ යව. නැවතත් මාගේ යහළුවාහට අභිෂෙක කරව්”යි කියා යහළු දම්සෝ රජතෙමේ සත්කාර කොට ඒ ඇමැතියන් එවි.

ඒ ඇමැති දූතයෝ ඉතා සත්කාර කරණ ලද්දෝ සත්මසක් එහි වැස වෙසක්මස ශුක්ලපක්ෂ යෙහි පෑළවියදා පිටත්වුවෝ, දාමලිප්තියහෙිදි නැවනැගි දඹකොළපටුන බැස ‍දොළොස් වක්දා මෙහි පැමිණ රජහු දුටහ. දූතයෝ ඒ පඬුරු ලඞකා රජහට දුන්නෝයි. ලඞ්කාපතිතෙමේ ඔවුන්ට මහත් සත්කාර කෙළේය. ස්වාමියා කෙරෙහි ඇදහිලි ඇති ඒ ඇමැතියෝ අඳුවප් පුර පැළවිය දවස්හි අභිෂෙක ලද්දාවුද ල‍ඬෙක න්දෙයා ධර්මුමාශොක රජහුගේ කියා ස්වාපමින්ගේ අභි වාඩියෙහි ඇළුණාහු ලඞකා වැස්සාහට හිතවැඩෙහි ඇළුණු (රජහු) නැවතද අභිෂෙක කළෝයි.

දෙවානම්පිය යනු උපපද නම්කොට ඇති ජනයාහට සැප දෙන්නාවු ඒ නරෙන්දියා වෙසක්මස පුණුපොහෝදා ලක්දිවිහි ඉතා ප්ර්සිඬ සම්පූර්ණය උත්සවයෙහිදි මෙසේ තමන් (නැවත) අභිෂෙක කෙළේයි.

මෙතෙකින් හුදිජනයා පහන් සංවේග පිණිස කළ මහවස දෙව්නම් පියතිස්සාභිෂෙක නම්වු එකොළොස්වන අදියර නමි.

 

12 වෙනි පරිච්ජේදය

බුදු සසුන් බබුළුවන්නාවු ඒ මොග්ගලිපුත්ත මහාස්ථවිර තෙමේ (තුන්වන) සඞ්ගායනාව නිමවා මතුකාලය බලනසේක්, ප්ර්ත්ය‍න්ත ජලපචයන්හි සසුන් පිහිටන බැව් බලා වප්මස්හිදි ඒ ඒ තෙරුන් ඒ ඒ ජලපදයන්ට යැවුසේක කාශ්මිර ගන්ධාාර රටට මජ්ඣන්තික නම් මහතෙරහු යැවුසේක. මහිස මණ්ඩලයට මහාදෙව මහතෙරහු යැවුසේක. වනවාසි දෙශයට රක්ඛිත නම් මහතෙරහු යැවුසේක. වැලි අපරන්තදේශයට යොණක ධම්මරක්ෂිමත නම් මහතෙරහු යැවුසේක. මහාරාෂ්ට්රට ජනපදයට මහාධර්මනමක්ෂිතත ස්ථවිර නම් මහතෙරහු යැවුසේක. මහාරක්ෂි්ත මහතෙරහු වනාහි යවන ‍ලොකයට යැවුසේක. හිමවත් පෙදෙසට මධ්ය ම නම් මහතෙරහු යැවුසේක. ස්වර්ණථ භූමි නම් දෙශයට ශොණය, උත්තරය යන මහතෙර දෙදෙනා යැවුසේක. ප්රවසිඬ මහාමහෙන්ර්ය ස්ථවිරය ඉෂ්ටියස්ථවිර උත්තිය ස්ථවිරය ශම්බලස්ථවිරය භද්රහශාලස්ථවිරය යන ස්වකීය සඬිවිහාරික ස්ථවිර පස්දෙනා “තෙපි (ගොස්) මනොඥවු ලක්දිව්හි මනොඥ බුදුසසුන් පිහිවුව”යි පිටත් කළසේක. එකල්හි මහසාඩි ඇති ආරවාලනම් භයඞ්කර නාගරාජයා පාණ වැසිවස්වා කාශ්මිර ගන්ධාුර දෙරට පැසුණු සස්ය වර්ගරයසියල්ල මුහුද හෙලයි. මජ්ඣන්තික නම් මහාස්ථවිරතෙම වහා අහසින් එහි වැඩ අරවාල වල්හි දියපිට සක්මන් ආදිය කළ සේක නාගයෝ ඒ දැක රොස්වුවෝ රජහට දැන්වුහ. වැලි කිපුණු ඒ නාරජතෙමේ අනෙකප්රජකාර භයඞ්කර ක්රිදයා කෙළේය. (එනම්) මහා වාතයෝ භමති, මෙඝය ගර්ජලනා කෙරෙයි, එසේම වසිති, ඉන්රාදිය සනිහු පුපුරති, ඒ ඒ දිගින් විදුලිගසති, වෘක්ෂවයෝද පර්වහතයන්ගේ කූටයෝද ඇදවැටෙති, විකෘත රූප ඇති නාග යෝද හැම අතින් භයගන්වති, නාරජතෙමේත් තමා දුවයි. නොයෙක්, පරිද්දෙන් ආක්රොතශ කෙරෙමින් (ගිනිගත්තාසේ) දිලිසෙයි. ස්ථවිරතෙමේ ඒ සියලු භිෂණය ඍඬිබලයෙන් ප්රයතිබාහනය කොට තමන් බලය දැක්වනසේක් “ඉදින් දෙවියන් සහිත ලෝවැසිතෙමේ අවුදින් මා භයගන්වන් න් නමුත් මට භයභෛරවයන් උපදවන්ට හැක්කෙක් නොවන්නේය. “මහානානය! තෙපි ඉදින් සමුද්රද පර්විත සහිත සියලු පොළොව ඔසවා මා මතුයෙහි දමන්නෙහිද මට භයභෛරවයක් උපදවන්ට හැකි නොවන්නෙහිය, නාගරාජය හුදක් තවම වෙහෙස වන්නේය”යි වදාළසේක, ඒ අසා මදසිදුණු නාරජහට ස්ථවිර

තෙ‍මේ ධර්මිමදෙශනා කළසේක. ඉක්බිති නාරජතෙමේ තිසරණ පනසීල්හි පිහිටියේය. එසේම සුවාසු දහසක් නාග යෝය, හිමවත්හි බො‍හෝ ගන්ධටර්වරයෝය, යක්ෂෝයෝය, කුම්භණ්ඩයෝය, යන මොව්හු (තිසරණ පන්සිල්හි පිහිටියෝය) පඤ්චක නම් යක්ෂ තෙමේ වනාහි හාරිත නම් යකිණිය පන්සියයක් පුතුන්ය යන මොවුන් හා සෝවාන් ඵලයට පැමිණියාය. ඉකිබ්ති ඒ මහතෙරණුවන් විසින් “දැන් මෙයින්මතු පෙරසේක්රෝධය නුපදවා සස්යතහානියද නොකරව්. සත්වතයෝ සුවයක්ම කැමැත්තාහ. සතුන් කෙරෙහි මෙන් කෙරෙත්වා. මනුෂ්යෙයෝ සුවසේ වසත්වා”යි මෙසේ අනුශාසනා කරණ ලද්දාවු ඔව්හු එසේම පිළිපැද්දෝය.

ඉක්බිති ඒ නාරජ තෙරනුවන් රුවන්පළඟ හිදුවා පවන් සලමින් උන්වහන්සේ වෙත සිටියේය. එකල කාශ්මිර ගන්ධා්ර රටවැසි මිනිස්සු නාරජහට පූජා පිණිස එළඹියාහු මහඍඬි ඇති තෙරුන්කරා ගොස් තෙරුන්ට අභිවාදනයකොට එකත් පසෙක හුන්නාහ. ස්ථවිරතෙමේ ඒ මිනිසුන්ට ආශිර්වීෂොපම සුත්රෙය දෙශනා කළසේක. අසුදහසක් ප්රාාණින්ට ධර්මසමාහි සමයවි ලක්ෂකයක් මිනිසුන් තෙරුන් වෙත පැවිදිවුහ එතැන් පටන් ඒ කාශ්මිර ගන්ධාහර වැස්සෝ මේ දක්වාම තුනුරුවන් සරණ පරායණවුවෝ කසාපිළියෙන් හෙබියෝය.

ඒ මහාදෙවස්ථවිරතෙමේ මහිසමණ්ඩල දෙශයට වැඩ ජනයා මැද පැමිණිසේක දේවදුත සුත්රාමන්තය වදාළසේක සතළිස් දහසක් ප්රාවණිහු අඬිගම ලැබ‍වෝය. සතළිස් දහසක් ප‍ුරුෂයෝඋන්වහන්සේ වෙත පැවිදිවුහ෴ වැලි රක්ෂිරත නම් මහාස්ථවිර තෙමේ වකවැද දනට පැමිණ අහසෙහි වැඩසිට ජනයාට මධ්ය‍ ගතවුසේක් අනවරාග්රවසංයුක්තය වදාළසේක. සැටදහසක් ප්රා ණින්ට ධර්මකමාභිසමය වී. සත්තිස් දහසක් මිනිස්කසු උන් වහන්සේවෙත පැවිදිවුහ ඒ දෙශයෙහි විහාර පන්සියයක් පිහිටියේය ඒ මහාස්ථවිරතෙමේ ඒ ජලපදයෙහි බුදුසසුන් පිහිටවුසේක෴ ධම්මාධම්ම දැන්මෙහි පණ්ඩිතවු යොණක ධර්මපමරක්ෂිනත නම් මහාස්ථවිරතෙමේ අපරන්තක දනව් වැඩජනයා මැද පැමිණිසේක් අග්ගිකඛන්ධුමපම සුත්ර ය වදාරා එහි පැමිණි සත්තිස් දහසක් පරාවීිණින් දහම් අමා පෙවුසේක පුරුෂයන් දහසක්ද ඊට වැඩියක් ස්ත්රී්හුද රජකු‍ලෙන්ම නික්ම පැවිදිවුහ෴ ඒ මහාධර්මදමරක්ෂි ත නම් මහර්ෂිතෙමේ මහරටට වැඩ එහිදි මහානාරදකාශ්යවප ජාතකය වදාළසේක සුවාසු දහසක් ප්රඃ්ණිහු මාර්ග ඵලයට පැමිණියෝය තෙළෙස්දහසක් මිනිස්සු උන්වහන්සේ වෙත පැවිදිවුහ.

ඒ මහාරක්ෂිාත නම් මහාසෘෂිතෙමේ යොන්රට වැඩ ජනයා මැද පැමිණිසේක් කාලකාරාම සුත්රා න්තය වදාළසේක එක් ලක්ෂ සැත්තැ දහසක් ප්රාාණිහු මාර්ගසඵලයට පැමිණියෝය. දස දහසක් දෙනා පැවිදිවුහ෴ මධ්ය්ම නම් මහාඍෂිතෙමේ සතරතෙරකෙනෙකුන් හා හිමවත් පෙදෙ‍ස් වැඩ දම්සක් පැවතුම් සුත්රමය වදාළසේක. අසුකෙළක් ප්රාදණිහු මාගර්ඵමලයට පැමිණියෝය. ඒ ස්ථවිරවරයෝ පස්දෙනා වෙන වෙන පස්රටක් පැහැදවුහ. එක් එක් තෙරකෙනෙකුන් වෙත ලක්ෂ යක් ලක්ෂළයක් මිනිස්සු සම්මාසම්බුදුසසුන්හි ප්ර සන්නයෙන් පැවිදිවුහ෴ මහාඍඬි ඇති ශොණ ස්ථවිරතෙමේ උතුරු තෙරුන් සමඟ ස්වර්ණනභූමියට වැඩි සේක. ජලරාක්ෂෙසියක් තොමෝ මුහුදෙන් නික්ම අවුත් රජගෙයි උපනුවපන් දරුවන් භක්ෂඋණය කොට පෙරලා මුහුදු වදනිය. එකෙණෙහි රජගෙහි දරුවෙක්ද උපන්නේය. මිනිස්සු තෙරුන් දැක “රකුසන්ගේ යහළුවෝය”යි සිතා මරන්ට ආයුධගත් අත්ඇතිව එළඹුණාහ. ඒ තෙරුන්වහන්සේලා “මේ කිමෙක්දැ”යි විචාරා ඒ මිනිසුන්ට “අපි සිල්වත් ශ්රයමණයම්හ, රාක්ෂ සියගේ යහළුවෝ නොවම්හ”යි වදාළෝය. පිරිස් සහිත ඒ රාක්ෂ සි තොමෝත් සාගරයෙන් නික්මුණාය. ඒ දැක මහාජනයෝ මහහඬින් හැඬුහ. ස්ථවිර තෙමේ භයඬ්කරවු රකුසන් දෙගුණයක් මවාගෙණ පිරිස් සහිත ඒ රකුසිය හාත්පසින් වටලුසේක. ඕතොමෝ “මොවුන් විසින් මේ ස්ථානය ලබනලදැ”යි සිතා බියවැද පලාගියා, හාත් පසුන් ඒ දෙශයට අරකුන් තබා ස්ථවිරතෙමේ ඒ රැස්වු පිරිසෙහි බ්රලහ්මජාලය දෙශනා කළසේක. බොහෝ මිනිස්සු සරණසිල්හි පිහිටියෝය. සැටදහසක් ප්රාාණින්ට ධර්මබමාභිසමය විය. තුන්දහස් පස්නියයක් කුලදරුවෝ පැවිදිවුහ. එක් දහස් පන්සීයයක් කුලකුමාරිකාවෝ පැවිදිවුහ. එවක් පටන් මහිපල්හු රජගෙහි උපන් කුමරුවන්ට ශොණ, උත්තර තෙරණු වන් හා සමාන නම් කළෝය.

උන්වහන්සේලා වනාහි මහාකරුණා ඇති බුදුන්ගේ පවා චිත්තාකර්මෝණය කටහැකි අධිකතෘමෘත නිවන් සැපයහ පවා අනුභව කෙරෙමින් නොහිඳ ඒ ඒ දනව් සැරිසර. ලෝවැස්සා හට යහපතක්ම කළෝය. එහෙයින් ලෝවැඩෙහි කවර නම් නුවණැත්තෙක් පමාවන්නේද? නොවන්නේමැයි.

මෙතෙකින් හුදිජනයා පහන් සංවේග පිනිස කළ මහවස නානාදෙසප්පසාදන නම් දොළොස්වන අදියර නිමි.

Last Updated on Friday, 26 November 2010 11:43
 

Add comment

Add comments relevant to this Article. මෙම ලිපියට අදාලව පමණක් අදහස් එකතු කරන්න.


Security code
Refresh

21.jpg

Download Toolbar

 
 

Most Popular Articles

Latest Articles

Copyright © 2005 - 2016 (ඉස්කෝලේ) eduLanka Online Education School of Sri Lanka