Education Menu

 

Features Menu

 

Additional Menu

 

Now Online

We have 179 guests online
 

@edulanka

 

Follow US

Twitter You Tube Google Plus
Pinterest Facebook EduLanka Blog

 

Information Zone

eduLanka Sinhala

Welcome to eduLanka.LK, Largest online education web site in Sri Lanka & most popular educational web site among Sri Lankan students. EduLanka, Best nonprofit & educational website is provided large numbers of online lessons, education related course information, teachers information, E books, examination result alerts, goverment job alerts, tuition class information, career guide for school leavers and more resources related to education in Sri Lanka. Edulanka provides education related resources from primary education, O-Level & A-Level education, University & Postgraduate education and vocational training education.

EduLanka IDN Domains http://එඩියුලංකා.ලංකා http://எடியுலங்கா.இலங்கை


jobs Mathematics SLAS Exam Dharma Education Results



 

Inside Online School

Share Us

Home Page Digital Library - පුස්තකාලය Mahawanshaya - මහාවංශය සිංහල පරිවර්තනය

මහා වංශය - 9 කොටස ( පරිඡ්ඡේද 9 10 )
Monday, 08 November 2010 13:57
Article Index
මහා වංශය - 9 කොටස ( පරිඡ්ඡේද 9 10 )
එකලොස් වෙනි පරිච්ජේදය
All Pages

මහා වංශයේ සිංහල පරිවර්ථනය

(The Golden History of Sri Lanka - Mahawansaya - Sinhalese Translation)


නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සමිබුද්ධස්ස!

 


9 වෙනි පරිචේජ්දය

ඒ මෙහෙසිතොමෝ පුතුන් දසදෙනෙකු හා ඒ දුවකුදු වැදුවා. සියල්ලන් දෙටුපිත් අභයනම්. කර්ණඒට්යිකාතොම චිත්රාපනම්. මන්ත්ර පාරගත බ්රාපහ්මණයෝ ඇය දැක “මැයපිතෙක් රජය පිණිස මයිලන් නසන්නේය”යි ව්යාපකරණ කළෝය (ඒ අසා) “නැගනියන් මරන්නෙමුය”යි නිශ්චයකොට ගත්තාවු සහෝදරයන් වැඩිමහල් අභයකුමරතෙම වැළකිය. බොහෝකලක් ඇය එක්ටැම් ගෙයක වැස්වුය. රජහුගේ ශ්රි යහන් ගබඩාව සමඟ ඒ එක්ටැම්ගෙයි දොර කරවුය. තවද එක් දාසියක් මාලිගා ඇතුළෙහි සිටවුහ. මිනිසුන් බැහැර රැකවල්ලුහ. යම් හෙයකින් ඕතොමෝ දැකුම්ලත් පමණින්ම රුවින් මිනිසුන් උමතුකරව්ද, එහෙයින් උපපද සහිතවු “උනමාදචිත්රාම” යයි නම්ලද්දිය.

භද්ර උකාත්යාජන දේවියගේ ලක්දිව් ගමන් අසා මෑණියන් විසින්මෙහෙයනලද පුත්රනයෝ එකෙකු තබා මෙහි අවුය. අවාවු ඔව්හු පඬුවස්දෙව්හට ලක්හිමියාද ඒ නැගනියන්ද දැක සමඟ හඬාඒ බිසවුන් විසින් හා රජ විසින් කරණලද සත්කාර ඇත්තෝ රජු අනුමතියෙන් ලක්දිවිහි චාරිකා කළෝයි. රිසිසේ නිවාසද කළෝයි. රාමකුමරහු විසින් විසු තෙන රාමගොණයයි කියනු ලැබේ. උරුවෙලය, අනුරාධය යන දෙදෙනාගේ නිවාසයෝද එසේ එසේ (උරුවෙලය අනුරාධයයි) කියනු ලැබෙති. එසේම විජිතය, දිර්ඝාියුය, රොහණය යන මොවුන්ගේ වාසස්ථානද විජිතග්රාිම, දිර්ඝාියුග්රාඋම, රොහණයයි කියනු ලැබෙති. ඒ අනුරාධතෙමේ දකුණු දිගින් වැවක් කරවිය. ඉන් ඉක්බිති රජගෙයක් කරවා එහි වාසය කෙළේය. පඬුවස්දෙව් මහරජතෙමේ සිය දෙටු පිත් අභ්ය කුමරහු සුදුසු කල උප රජයෙහි අභිෂෙක කෙළේයි.

දිර්ඝා යු කුමරු පිත් දිඝගාමිණි කුමාරතෙමේ ඒ උනමාදචිත්රා පවත් අසා ඇය කෙරෙහි හටගත් දර්ශරනාභිලාෂා ඇත්තේ උපතිස් ගමට ගොස් රාජහු දිවි, ඒ රජතෙමේ උප රජු හා රාජොපස්ථානය ‍මේ කුමරහට දුන්නේය. දැල්කවුළු ඉදිරිතන්හි ඊට එළඹ සිටියාවු ඒ චිත්රායතොමෝ ගාමිණි කුමරු දැක ඇලුණු සිත් ඇත්ති දාසීයට “මේ තෙමේ කවරේදැ’යි කීවා. පසුව “මයිල්හු පිතෑ”යි අසා දාසිය එහි නියෝග කළාය. ඒ තෙමේ කවුළුයෙහි සන්ධියකොට පසුව විස්වා රාත්රි යෙහි කර්කොටක යන්ත්රළ නැගි දොරසිඳුවා එයින් ඇතුල්විය. ඈ හා වැස අළුයම්හි බැහැරවි, මෙසේ නිතර එහි වාසය කෙළේය සිදුරක් නැති බැවින් ප්‍රකාශ නොවි. ඕ තොමෝ උහු නිසා ගැප් ගත්තිය. පසුව ගැබ මුහුකුරා ගියේය. දාසිතොමෝ මවුබිසවට කීවා. මවුබිසව දියනියන් විචාරා රජහට කීවාය. රජතෙමේ පුත්රබයන් කැඳවා “හේ තෙමේද අප විසින් රැක්ක යුත්තේය. උහුටම ඇය දෙමුය”යි කීයේය. ඉඳින් පුතෙක් විනම් උහු මරන්නමෝයයි ඒ දිඝගාමිණි කුමරහටම අනමාදචිත්රායව දුන්නුය. වදන කල පැමිණි කල්හි වැදිම්ගෙටදා වන්නිය. රජකුමරුවෝ (ඒ කුමරිය) රක්නා චිත්ර නම් දාසය කළවේළ නම් දාසය යන ගැමුණු කුමරහු කම්කරුවු පිළිණ නොදෙන්නක් ‍ඒ කර්මදමයෙහි හේතු භුතයෝයයි කියා සැක කොට මැරවුහ. ඔව්හු දෙදෙනා යක්ෂඒ යොනියෙහි උපන්නෝ ගැබ හොත්තාවුම කුමරහට අරක් ගත්තුය ඒ කුමාරිකා වැඳිමට ආසන්න කල් ඇත්ති අනික් ගැහැණියක් දාසිය ලවා සැලකවි. ඒ චිත්රා් කුමරි පුතෙක් වැදුවා; වැලි ඒ ගැහැණි දුවක් වැදුවාය. චිත්රාකතොමෝ ඒ ගැහැණියට මසු දහසක් හා සිය පුතු දි ඒ දුව ගෙන්වාගෙණ ළඟ හොවාගත්තීය. දුවක් ලදැයි අසා රජකුමරුවෝ තුටු වුහ෴මවුකුමරිද මෑණියන් මුවබිසවද යසන දෙන්නා ඒ කුමරහට මුත්තණුවන්ගේ හා දෙටු මයිල්හුගේ නම් එක්කොට පණ්ඩුකාභයයි නම් කළෝය. ලඞ්කාරක්ෂේක පඬුවස්දෙව් රජ තෙමේ තිස්හවුරුද්දක් රජය කෙළේය. පණ්ඬුකාභය කුමරහු උපන් කල ඒතෙමේ මෙළේයි. ඒ රජහු මළකල සියලු රාජපුත්රයයෝ එක්වගෙණ අභයදායකවු අභය නම් භාතාකුමරහට උදාරවු රාජ්යා්භිෂෙකය ‍කළෝය.

මෙතෙකින් හුදිජනයා පහන් සංවේග පිණිස කළ වහවස අභයඃභිෂෙක නම් නවවැනි අදියර නිමි.

 

10 වෙනි පරිචේජදය

‍උනමාදචිත්රාරව විසින් අණවනලද්දාවු දාසිතොමෝ ළදරු කුමරහු කරඬුවේක බහාගෙණ දොරමඬලා නම් ගමට ගියාය. රජකුමරුවෝද මුවදඩ ගියෝ තුඹුරු කඳුරෙහිදි දාසිය දැක “කොයියෙහිද? මේ කිමෙක්දැ”යි කියාත් විචාළෝය. (ඕතොමෝ) “දොරමඬලාවට යෙමි මාගේ දුවට ගෙණයන ගුඩපුය”යි කිවාය. රජකුමරුවෝ “වහා තබව” යි ඈට කිවුය. චිත්රාය කාළවේළය යන යක්ෂකයෝ දෙදෙන කුමරහු අරක් පිණිස නික්මියෝ එකෙණෙහි මහත් හුරු වෙසක් දැක්වුය ඒ කුමරුවෝ ඌරා ලුහුබැඳ ගියෝය දාසිතොම ඒ කුමරහු ගෙණ එහි ගියාය දරුවාද දහසද නියුක්තයාහට රහසි ගතව දුන්නීය. එදවස්හිම ඔහුගේ භය්යාක්ත තොමෝ පුතෙකු වැදුවාය. “මා බිරින්ද දරුවන් දෙදෙනෙකු වැදුවාය”යි උහු පොෂණය කෙළේය. ඒ කුමර සත්හැවිරිදි විය. මයිල්හු උහු දැන විලදිය කෙළනා දරුවන් මරන්ට (මිනිසුන්) මෙහෙයුය. දියෙන් වසනලද සිදුරු ඇති දියෙහි සිටි රුක්සිදුරකට කුමර තෙමේ කිමිදිමින් ඒ සිදුරෙන් ප්රලවිෂ්ටව බොහෝ වේලක් වැස පසුව එසේම නික්ම සෙසු දරුවන් වෙක අවුත් උන් විසින් විචාරන ලදුයේත් ඒ තෙමේ වචනයෙන් රැවටුයේය. ඒ කුමරතෙමේ මිනිසුන් ආ දවස්හි රෙදිකඩ හැඳගෙණ ද‍ියෙහි ගිලි රුක් සිදුරෙහි සිටියේය. සෙසු දරුවන් මරා කඩරෙදි ගැණ ‘සියලු දරුවෝ මරණලද්දාහ”යි ගොස් රජ කුමරුවන්ට දැන්වුය. උන් ගිය කල ඒ තෙමේ ස්වකීය ආයුක්තකයා ගෙට ගොස් වෙසෙමින් ඔහු විසින් අස්වැසුයේ දොළොස් වස්විය. නැවත ද ජිවත්වන කුමරහු අසා උහුගේ මයිල්හු එහි සියලු ගොපල්ලන් මරන්ට මිනිසුන් මෙහෙයය. එදවස්හි ගොපන්ලෝ එක් සිවුපාවෙකු ලැබ ඒ කුමරහු ගිනි ගෙණෙනු පිණිස ගමට යැවුහ. හේ තෙමේ ගෙට ගොස් නියුක්තයාගේ පුත්රුයාම “මා පා රිදෙන්නාහ, ‍ෙගාපල්ලන් වෙත ගිනිගෙණයා. එහි තෝ අගුරෙහි පැලහු මස්ද කන්නේය”යි යැවුසේයි. ඒ තෙමේ ඒබස් අසා ගොපල්ලන් වෙත ගිනිගෙණ ගියේය. මෙහෙයනලද මිනිස්සු ඔවුන් වටලා මැරූය. සියලු ගොපල්ලන් මරා මයිලන්ට දැන්වුය.

පසුව සොළොස්වස්වු ඒ කුමර මයිල්හුද දත්තෝය. මවු තෙමෝ දහසකුදු දිනි. කුමරහුගේ ආරක්ෂාලවද විධාන කළාය. ආයුක්තිකකෙමේ මෑණියන් කී සියල්ල ම ඔහුට දන්වා දාසයෙකුත් මසු දහසකුත් දි පණ්ඩුල බ්රායහ්මණයා වෙත යැවුයේය. වෙදපාරගතවු බොහෝ සම්පත් ඇති පණ්ඩුල නම් බ්ර හ්මණයෙක් දකුණුදිග පණ්ඩුල නම් ගම විසිය. කුමාර‍ෙතමේ එහි ගොස් පණ්ඩුල බමුණ දිටි. “දරුව ‍තෝ පණ්ඩුකාභය කුමරු දැ”යි විචාරා “ඒසේය”යි කිකල ඔහුට සත්කාරකොට “දරුව තෝ රජ වන්නිගිය. සමසැත්තැවසක් රජය කරන්නෙහිය. ශිල්ප උපණුව”යි කියා ශිල්ප ඉගැන්වි. ඔහුගේ චන්දත නම් පුතු හා වහා සිප් නිමවුවහට යොධයන් සාඞ්ග්රැහ පිණිස ඒ තෙමේ මසු ලක්ෂ යක් දුන්නේය. එයින් පන්සියයක් යොධයන් සඞ්ග්ර හ කළ කල්හි ඒතෙමේ “යමක් විසින් ගන්නාලදුදා වු පර්ණනයෝ රන් (බඳුන්) වු නම් මෙහෙසිය කරව. මා පුතුද පෙරවි කර”යි කිය.ක මෙසේ කියා වස්ලතු දි යොධයන් සහිත කුමර එයින් මෙහෙයි. පින්වත් ඒ කුමර මම (පණ්ඩුකාභයෙමි) අස්වා ඉන් පිටත්ව අවුත් කසාගලවෙත නුවරදි සත්සියයක් පුරුෂයන්ද සියල්ලන්ට භොජනද (ලැබ) ලැබු බල ඇත්තේ ඉක්බිති එක්දහස් දෙසියයකින් පිරිවරනලද කුමරතෙමේ ගිරිකඬසිවනම් කුමර පඬුවස්දෙව් රජ විසින් දෙනලද ඒ දේශය අනුභව කෙරෙයි. ඒ ක්ෂවත්රි යතෙමේ එකල්හි සියක් කිරියක පැසුණු ගොයම් කප්වයි. උහුගේ දියනියවු රූමත්වු පාලි නම් ක්ෂයත්රිිය කුමරියක් වුවා. ඕතොමෝ ‍හොබනා යානකට නැගි පියාණන්ට හා ගොයම් කපන්නන්ට බත් ගෙන්නැගෙණ සහ පිරිවරින් යන්නීය. කුමාරයාගේ මිනිස්සු ඒ කුමරිය දැක කුමරහට දැන්වුය. කුමාරතෙමේ පිරිස් සහිතව වහා ආයේ ඒ පිරිස දෙකඩකොට ඇය‍ වෙතට සිය යානාව යැවිය. “කොහි යෙහිදැ” යි ඇය විචාළේය. ඇය විසින් (වුපරිදි) සියල්ල කිකල ඒ ක්ෂිත්රියයතෙමේ ඇය කෙරේ ඇලුණු සිත් ඇත්තේ තමහට බෙදනු පිණිස බතින් යාච්ඤා කෙළේය. ඕ ක්ෂබත්රිියාතොමෝ යානාවෙන් බැස රන් පයින් බත් ගෙණ නුග රුකක් මුලදි රජ කුමරහට දුන්නාය. සෙසු ජනයා බත් කවන්ට නුග කොළ ගත්තාය. එකෙනෙහි ඒ පර්ණ්යෝ රන්බඳුන් වුහ. රජකුමර ඒ දැක බමුණා කිවා සිහිකොට “මහෙසිකා භාවයට හොබනා කන්යා්වක් මට ලැබුණය” යි සතුටුවි, ඒ සියල්ලන් බත් කැවිය. නමුත් ඒ බොජුන් ක්ෂ්ය නොවුයේය. එකෙකුගේ කොමිස ගත්තාසේ එහි පෙනුණේය. මෙවැනි පින් ගුණයෙන් යුක්තවු සුකූමාල ඒ කුමාරිකා එතැන් පටන් ස්වර්ණ පාලි නමින් ප්රෙසිඬ විය.

ඒ කුමාරිය ගෙණ යානාවට නැගි ක්ෂඒත්රිතයතෙමේ මහාබල සෙන් පිරිවරනලදුයේ නිසැකින් පලාගියේය. ඒ අසා කුමරියගේ පිය තෙමේ සියලු මිනිසුන් එවිය. ඔව්හු ගොස් කලහ කොට කුමාරභටයන් විසින් තර්ජුනය කරනලද්දාහු පෙරලා අවුය. එහි කළ නුවර ඒ හේතුවින් කලහනගර නම් වි. ඒ අසා ඇයගේ පස්බෑයෝ යුද පිණිස අවුය. පඬුල බමුණුපිත් චන්දයකුමර උන් සියල්ලන් මැරවි. ඔවුන් යුදකළ බිම ලොහිත වාහඬණ්ඩයයි (ලේවාකඩයයි) නම් ලැබුය. ඉක්බිති පාණ්ඩුකාභය කුමර ගඟින් එතර දොළුගලට ගියේය. එහි සතර අවුරුද්දක් වාසය කෙළේය. මයිල්හු එපවත් අසා රජහු හැර ඔහු හා යුද පිණිස එළඹියෝය. දුම්රක්ගල වෙත කඳවුරු පිහිටුවා බෑණ හා යුධ කළෝය. බැනතෙමේ වනාහි මයිලන් ලුහුබැඳ ආය. ගඟින් මොබ පළවා හැරි උන්නේ කඳවුරෙහි දැවුරුද්දක් විසිය. ඔව්හු උපතිස් ගමට ගොස් රජහට එපවත් කිවුය. ඒ රජ රහස් සහිත හස්නක් කුමරහට (එවනුයේ) “තෝ ගඟින් එතර අනුභවකර, ඉන් මොබ නහ මක් එවා”යි කියා යැවිය. බොහෝ කලක් ඔහුට උපකාරවෙහිය, දැන් රට දෙහි, එහෙයින් තොප මන්නෙමුය”යි කිවුය. ඒ රජ උන්ට රජය පාවාදුන්නේය. ඒ සියල්ලෝම එකඟව තිස්ස නම් බෑයාරජයට ප්රාධාන කළෝය අභයදායක මේ අභය රජතෙමේ විසිඅවුරුද්දක් ඒ උපතිස් කම්හි ‍වෙසෙමින් රජය කෙළේය.

දුම්රක්ගල වසන චෙතියා නම් යකිනි තිඹිරසඟන විලෙහි වෙළඹරුවින් ඇවිදිනිය. සුදුසිරුර හා රන්පාඇති සිත්කලු ඒ වෙළඹ එකෙක් දැක “මෙහි මෙබඳු වෙළඹක් වසන්නීය”යි කුමරහට දැන්විය. කුමරතෙමේ රැහැණ ගෙණ ඇය අල්වා ගන්ට එළඹියේය. පශ්චාත්භාගයෙන් ආවහු දැක ඒ කුමරහු තෙදින් ඕතොමෝ භයවුවා අතුරුදහන්නොවි දිව්වාය. ඒ තෙමේ දුවන්නිය ලුහුබැන්දේය. දුව්න්නාවු ඕතොමෝ ඒ විල සිසාරා ස්තයලක් දවිවාය. මහගඟ බැස එයින් එතරට නැවත සත්යලක් දුම්රක්ගල සිසාරා දව්වාය. නැවත එම විල වටා තුන්යලක් දිව්වාය. එයින් ඉක්බිත් කච්ඡක නම් තොටින් ගඟට බටුවාය. ඒ තෙමේ එහිදි වාලඬියෙහි ඇයද ග‍ඟෙහි යන තල්පතක්ද ගත්තේය. ඔහුගේ පින්තෙදින් ඒ තල්පත මහ කඩුවෙක් විය. ඈට “ති මරමි” කියා කඩුවු එසවිය. “ස්වාමිනි, ඔබට රජය ගෙණ දෙමි. මා නොමැරුව මැනව”යි කීවාය. ඒ තෙමේ ඇය ග්රීිවයෙහි අල්වාගෙණ කඩු සිල්න් නාසායෙහි විද යොතින් බැන්දේය. ඈ වසඟවි මහත් බල ඇති ඒ තෙමේ වෙළඹනැති දුම්රක්ගලට ගොස් එහි සතර අවුරද්දක් වාසය කෙළේය. භටසේනා සහිතවුයේ රිටිගලට අවුදින් යුඬකාලය බලමින් එහි සතුඅවුරුද්දක් වාසය කෙළේය.

මයිල් දෙදෙනෙකු හැර ඔහුගේ සෙසු අටමයිල්හු යුදයට සැරසුණෝ ඒ රිටිගල එළඹ (එහි පෙර පිහිටි) කුඩානුවර කඳවුරු පිහිටුවා ගෙණ සිවුරගසෙන් දි සෙනෙවියා යවා හාත් පසින් රිටිගල වටලැවුය. යකිනිය හා මන්ත්රගණය කොට ඇ‍ෙග් වාචොයුක්තියෙන් රාජපරීෂ්කාර පඬුරු ආයුධයන්ද දී “මේ සියලු උපකරණයන් ගනිව්, මම තොප ක්ෂධමාකරවන්නෙමි” මෙසේ කියා කුමාරතෙමේ පෙරතුව බලසෙන් යැවිය. “ප්රිවිෂ්ටවු ඔහු ගන්නමෝය”යි ඔවුන් විශ්වානසවු කල ඒ කුමර යක්වෙළඹ නැගි මහා බලසෙනගින් පිරිවරණලදුයේ යුද පිණිස වන්නේ ඒ යකිනි මහහඬින් හැඬුවා. ඇත්ළත පිටත සිටි කුමාරයාගේ බලසෙනාද මහත් අරගල කළා. කුමාර යාගේ ඒ මිනිස්සු සියල්ලෝ පරසෙනා මිනිසුන් වැඩි‍කොටසද මයිලන් අටදෙනාද මරා ශර්ෂසරාශියකළෝය. ඒ සෙනෙවිතෙමේ පලාගොස් ලැහැබකට වන්නේය. එහෙයින් මෙ‍ෙතමේ සෙනාපති ගුම්බකයයි කියනු ලැබේ. ඒතෙමේ මත්තෙහි තබන ලද මයිලන්ගේ හිස් ඇති ඉස්රැස බලා “ලබුරැසක්වැන්නැ”යි කියේය. එහෙයින් ලබුගම්යයි නම් වි.

මෙසේ දිනු සංග්රා ම ඇති ඒ පණුඩුකාභය කුමර එතැනින් අනුරාධ නම් මුත්තණුව්න වසන තැනට ගියේය. ඒ ආය්ය් ක තෙ‍මේ තමා රජගේ කුමරුට දි අන්තැනෙක් වාසය කෙළේය. කුමර ඒ රජගෙයි විසිය. නිමිත්ත ශාස්රටත්රෙදන්නන්ද එසේම වාස්තුවිද්යා දන්නන්ද විචාරවා ඒ ගම්හිම උතුම් නුවරක් ඉදි කරවි. (විජයකුමර ඇමැතිවුද භද්ර කාත්යනන බිසවුන් බැවුද) අනුරාධයන් දෙදෙනාගේ නිවාස හෙයින්ද අනුරේ නකතින් පටන්ගත් බැවින්ද අනුරාධපුර නම් වි. මයිලන්ිගේ සේසත් ගෙන්වා මෙහි සයඤ්ජාත විල්හි ශොඩවා සේසත් නගා ඒ විල දියෙන්ම ඒ පණ්ඩුකාභය කුමර තමන් අභිෂෙකය කරවි. ඒ ස්වර්ණෙපාලි නම් දේවයද මහෙසිකාබැව්හි අභිෂෙක කෙළේය. චන්දගකුමරහට විධිවුපරිද්දෙන් පෙරවි තනතුරු දුන්කනේය. සෙසු භටයන්ටද සුදුසු පරිද්දෙන් තනතුරු දුන්නේය. මෑණියන්ටද තමන්ටද උපකාර කළ හෙයින් දෙටුමයිල් අභයරජ නොමරවා ඔහුට රෑ රජය දුන්නේය. ඒතෙම නුවර රක්නේ විය. එතැන් පටන් නුවර නගරගුත්තිකයෝ වුහ. ගිරිකණ්ඩසිව නම් බිරින්ද පියහුද නොමරවා ගල්කඬ රටම ඔහුට දුන්නේය.

ඒ විලද කණ්වා බොහෝ දිය ඇති කෙළේය. ජයලත්කල දියනැ හෙයින් ජයවැවයයි නම් වි. නුවරට නැගෙණහිර කාළවෙළයක්ෂියා පිහීටව් හෝ කාළවේළයකු දෙවොල ඉදි කෙළේය. ඒ මිත්රහරාජයකු අභයවාපි යටභාගයෙහි වාසයකරවි. යක්ෂනයොනියෙහි උපන්නාවු පූර්වොපපකාරි ඒ දාසිය නුවර දකුණු දිග් දොර කෙළෙහිගුණ දන්නා ඒ තෙම වාසය කරවි. වළවා මුඛ යකිනි රජගෙවුයන් ඇතුලත් වැස්වි. උන්ටද අන්ය්යන්ටද අවුරුදුපතා බලිදානය කරවි. නකත්කෙළි දවස්හි ඒ පණ්ඩුකාභය රජතෙමේ චිත්රලරාජයා සමඟ සමඅස්නෙහි හිඳගෙණ දෙව්මිනිස් නැටුම් කරවමින් රන්කරීදා ඩායෙන් යුක්තව සිත් ඇලවි. දොරගම් සතරද අබාවාවද එසේම මහත් සො‍හොන්භූමිය හා දම්ගෙඩිය හෝ වඩස්ථානයද බටහිරි රැජිනද වෙසවුණුයා (දෙවෙල) ද වැදිදෙවියා තල් (දෙවොල) ද සහාග වස්තුවද ප්රකභෙද ගෙයද යන මෙතෙක්දු බටහිරිදොර දිශාභාගයෙහි ඒරජතෙමේම පිහිටවි.

නගරශොධක පන්සියයක් සැඩොල් මිනිසුන්ද වර්චනශ් ශොධක දෙවිස්සක් සැ‍ඬොල් පුරුෂයන්ද මළමිනි බැහැර ගෙණයන්නාවු එක්සිය පණසක් සැඩොලුන්ද එතෙක්ම (එක්සියපණසක්) සොහොන්ගොව් සැ‍ඬොලුන්ද සො‍ ෙහානින්වයඹදිග උන්ගේ ගම්ද පිහිටවිය. ඒ මිනිස්සු විධිවු පරිද්දෙන් ඒ කර්ම‍මයන් කළාහුය. ඒ සැ‍ඬොල්ගමට ඉසානදික්හි නීච සුසානයයි නම්ලත් - සැ‍ඬොලුන්ගේ සොහොන කරව්. ඒ සොහොනින් උතුරුදින පහත්පව් අතර වැද්දන්ගේ ගෙවල් පෙළ පිහිටුවන ලද්දේ විය. ඊට උතුරුදිග්හි ගැමුණුවැව් දක්වා නොයෙක් තවුසන්ගේ අසපුකරණලද්දේ වි. එම සොහොනට පෙරදිග රජතෙමේ ජොතිය නිගණ්ඨයාගේ ගෙය කරවි. එම පෙදෙස ගිරිනම් නිගණ්ඨතෙමේද නානා පාෂාණ්ඩයෝද බොහෝ ශ්රණමණයෝද විසූහ. එසේම රජතෙමේ කුම්භණ්ඩ නම් නිණ්ඨයා පිණිස දෙවොලක් කරවි ඒ දෙවොල එනම් විය. එයින් බටහිර භාගයෙහි ව්යාදධපාළියෙන් පෙරදිග මිත්යා නි දෘෂ්ටි කුලයන් පන් සියයක් විසීය. එසේම ඒ රජතෙමේ ජොතියගෙයින් ඔබ ගැමුණු වැටින් මොබ පරිබ්රායජකාරාමයක් කරවිය. ආජිවක යන්ට ගෙයක්ද බමුණන්ට ආධාර ගෙයක්ද සිවිගෙයක් හා ආශිර්වායදශාලාවක්ද ඒ ඒ තැන කරවි. ල‍ඬේකන්දව පණ්ඩුකාභය රජතෙමේ අභිෂෙකලත් දසවස් ඇත්තේ මුළුලක්දිව්හි ග්රායම සිමා නියම කෙළේය. යකභුතයන් යහලුකොට ඇති ඒ රජතෙම දෘශ්යගමානවු කාළවේළය, චිත්ර්රාජය යන මොවුන් සමඟ සම්පත් අනුභව කෙළේය. පණ්ඩුකාභයරජ හටද අභය රජහටද අතුර රජුන් නැති සතළොස් අවුරද්දක් වුහ.

ධෘතිමත් ඒ පණ්ඩුකාභය රජතෙමේ සත්තිස් වස් ඇත්තේ රජබවට පැමිණ රම්යප වු නොහඬුවු සමාධවු මේ අනුරාපුරෙහි සැත්තෑ අවුරුදුක් රජය කෙළේය.

මෙතෙකින් හුදිජනයා පහන් සංවේග පිණිස කළ මහවස පණ්ඩුකාභයාභිසෙක නමුවු දසවන අදියර නිමි.

 

 



Last Updated on Friday, 26 November 2010 11:50
 

Add comment

Add comments relevant to this Article. මෙම ලිපියට අදාලව පමණක් අදහස් එකතු කරන්න.


Security code
Refresh

20.jpg

Download Toolbar

 
 

Most Popular Articles

Latest Articles

Copyright © 2005 - 2016 (ඉස්කෝලේ) eduLanka Online Education School of Sri Lanka