Education Menu

 

Features Menu

 

Additional Menu

 

Now Online

We have 83 guests online
 

@edulanka

 

Follow US

Twitter You Tube Google Plus
Pinterest Facebook EduLanka Blog

 

Information Zone

eduLanka Sinhala

Welcome to eduLanka.LK, Largest online education web site in Sri Lanka & most popular educational web site among Sri Lankan students. EduLanka, Best nonprofit & educational website is provided large numbers of online lessons, education related course information, teachers information, E books, examination result alerts, goverment job alerts, tuition class information, career guide for school leavers and more resources related to education in Sri Lanka. Edulanka provides education related resources from primary education, O-Level & A-Level education, University & Postgraduate education and vocational training education.

EduLanka IDN Domains http://එඩියුලංකා.ලංකා http://எடியுலங்கா.இலங்கை


jobs Mathematics SLAS Exam Dharma Education Results



 

Inside Online School

Share Us

Home Page Digital Library - පුස්තකාලය Gutthilaya - ගුත්තිල කාව්‍යය

Gutthilaya - ගුත්තිල කාව්‍යය - Part 05
Sunday, 07 August 2011 19:28

ගුත්තිල කාව්‍යය - Gutthila Kawyaya - Part 05

203. රන් සිරිවස නිඟාය සිහිනිඟාය
සුරඹ රුසිරු ළගාය කොමළඟාය
කිඳුරඟනන් රඟාය ගිරි රඟාය
ගියේය රිවි මහාය මඟ මඟාය

204. පැමිණි ස‍ඳෙහි අඔරට තම නොපිහිකුළු
නෙමිණි රැසින් නන් පැහැ කරන
ගනකුළු
ගිහිණි සුරඹ ලිය කිදුරන්ගෙන් ලකුළු
පෙනිණි සුවාසු දහසක් හිමවු කුළු

205. මනකල් නිමල් සරනා සක්වල නිබඳ
කෙළි ලොල් වතළ මින් රළ රළ ගොස පබඳ

සුවිසල් නොයෙක තැන දිසි ගිරි කුළු නොමඳ
ගනකල් අහස මෙන් දිටි නිල් මහ මුහුද

206. මිණි පේකඩින් බඳ සිටි නිල් තලා පිට
සුර ලොව රිදී ටැම් දකිනට පළමු
කොට
දිසි නිමිතෙව් සිලිලෙන් මඳ නිකුත් කොට
උරගුන් රැගත් ගුරුළුන් දිටි සයුර
පිට

207. වලා පෙළින් ගැවසුණු මෙන් සුනිලඹර
දුලා උළැඟි රළ පතරින් පිරි නිතොර
ගලා සිටින සිඳු මැද සක්වළ අතර
බලා කොදිව් සහ මහ දිවයින් සතර

208. පෙර සුර පුරට පව්රෙව් මෙර වටා සිටි
සුමුදුර තරඟ සෙමෙරට ලූ කිරණ මිටි

යුගඳුර පටන් අඩෙකින් එකිනෙකට මිටි
මනහර රැවන් සත් කුල පවු වළලු දිටි

209. පැහැපත් පහග නන් රන් මිණි යටග බඳ
දිගුබින් එකෙළි කර ළෙල දද පවන් වැද

මහසත් දසන ලොබ කර සුන් කැලන් නද
කළ අන් සෙනෙව් දිටි තම එන ලෙසට සෙද

210. සිව් දිගිනෙන දෙව් රුපු සෙනග ලුහු බැඳ
ලෙව් රකිනා දෙව් රද රඳන හැම
සඳ
ස ව් සිරි දෙන දෙව් තුරු සියෙනි මන නඳ
ස ව් මහ රජය දෙව් පුරයට ගොසින්
වැද

211. මන නද ගදෙව් රස විඳ විඳ ම එකිනෙක
රිය ඇද ඉවත යන සිත් තුරඟ රැක රැක

සුරළඳ විඳින නෙත් සර පහර එකලක
ගියසඳ එ දෙව් පුර සිරි සැපත දැක දැක

212. පින් පල අඳුන් වන වැද දිගත පිරිමැද
සත නෙත රස අඳුන් වන කසුන්
කලදෝ දද බැඳි
දහසක් යොදුන් වන රස් වතුරේ කිමිදි පෙනිණි
විසිතුරු වන නඳුන්
වන රුවන් වහසල් දහසකින් සැදි

213. රැඳු මිණි පවුරු වට කර රන් දද පිහිලි බඳ දිලි
රුවන් තල් වැට
වැහෙන රන් මිණි රැස් හැලි
සැදී සිටි හැම විට සැදී කුළු සිය කැරලි
පිවිස
එනඳුන් නඳුන් වනයට දහස් සුවහස් පහ පෙළින් දිලි

214. නිල් මිණි බිම පිහිටි සතොසින් පින පිනා
යෙන් එම උයන එක සැටි
නිබඳ දෙවුයන් කෙළිනා
නිති උඩුයටි වැ සිටි සුපිපි සල් සපු නා
අසිරි දෙවුයන්
දෙකක් සේ සිටි සුසැදිගෙවුයන් පෙළින්සොබනා

215. කෙළක ළද පැලැඹී පිපෙන සුවදැති මල්
මත් හස පියුම් මී බී නොහැරම
උදක් කල් යල්
පිරි දිය නොකැලැඹී පිරි මිණි නිල් සිසිල් නඳුන්
පොකුණේ සිරි ද
නැරැඹී ගෙදි ගු විල් යස පෙළින් සනකල්

216. ගොසින් වැද සක්වල රන් මිණි රස් විහිදි
විහිදෙන කිරණ පෙළ බිහි
දොර සියෙන් සිය සැදි
සත් රුවනින් උදුළ සව් දස දහසෙකින් පිරිසිදි
දෙසිය
පනසක් පවුරු වට කළ යොදුන් දස දහසෙකින් පිරිසිදි

217. සුර තුරු සුවහසින් කලදෝ කැරැල්ලෙන්
රන් දෙදෙනි සන් අහසින් ලෙළදෙන
රන්
කෙහෙල්ලෙන් විසිතුරු තුරු ගොසින් සැදි නේ සඳල්ලෙන්
සොබන සක් පුරට වැද
සතොසින් එසබ විසිතුරු වී සියල්ලෙන්

218. දැක සුරඹ සුවහස් මෙලෙසින් සැදි පවර කර
නෙතෙහි දුක් නිදහස්
එසුදම් සබා අබතුර
සිත සපුරා සතොස් උස තුන් ගව් විතර
සුසැදි සුදසුන් වේ
මැදින් ගොස් මැවුණු කුසුමාසනේ මනහර

219. ඉසුරෙන් අග පැමිණි යෙළ යාළක් සුවඳ සසග සුර
සබ අගමිණි විලවුන්
අලෙවි කර

සොඳ රැසොවිදි දිගත මිණි මිණි අබරණ පැළඳ සුදම් සුර
සබ වෙතට සපැමිණි
සැටක් ගැල් පිරිය හැකි මනනඳ

220. තුන් සියයක් යොදුනි ගව්වක් පමණ උස්
එ සුර සබ දිග පුළුලිනි පළන්
කිරුළෙහි පිරිවෙස්
පන් සිය යොදුනුසිනි දිදුලෙන් අහස් කුස්
යොදුන් නම
සියයෙකැයි අවටිනි නොසිස් කර උන් ස‍ඳෙහි සහසැස්

221. ටැම් ගණ කසුන් මය වරුණ ය පජාපති
බිතු දුළ පිළි මැණික් මය ඊසාන
යන නම් ඇති
බිම නිල් මැණික් මය සුරන් උන් ඉක්බිති
යෙහෙක් නම් ලොව එ සබ
දැක්මය අසුන්වල අඩ යොදුන් උස ඇති

222. සුසදු රන් ටැම් උඩ සුරිඳුට එක් පසෙක
උදුළ පිළිමිණි පේකඩ ගව් උස
අසුන් දෙ තිසෙක
රස් දිලි දිගත් මැඩ ඇවිත් ගෙන යෙහෙක
එ සබ දුටු කල ගනී නෙත්
මැඩ ඇවිත් වැඩ උන් සුරෝ දෙ තිසෙක

223. පබළ වග රූ රැස් සුළඟින් ගෙන එ කල
සැදි සත් රුවන් ගෝනැස්
පිළිවෙළින තුළ
මන කල විහිදි පල රන් රැස් මල් කෙමි අසුන්වල
එ සබ දුටු කෙනෙකි
ලද්දේ ඇස් දහස් සුවහස් සුරන් උන් කල

224. සුරිඳු සිත නම්මා උතුම් පෙරහැර කොට
ලද සුර ඉසුරු නිම්මා සපැමිණි
විවා මඟුලට

සුර ළඳ සුදම්මා සුර රජ උන් තැනට
සුරඹ පිරිවරමින් සුරම්මා සමර
මල්දම් ලෙසට ගොස් බට

225. විහිදුණු රසින් ගන දහස් පිරිවර ගෙන
නන් තුරු මලින් නද දෙන
සුවහස් ගණන් දෙවඟන
සුර සබ හිමවු වන සිටියෝහ මන නඳන
වසත් සිරි සරි රැපැයි
අවුදින රුවින් සුරිදුන් පිරිවරාගෙන

226. හැම සුර පබන්දා රන් ගිරි මෙන් රඳා දළ ලොබ සිඳු කිමින්දා
කැල්මෙන් එසබ මුහුදා රුවින් මන නන්දා
සමර සුර සමුදා
දිලිහි දලීහි සුරඹ
නන්දා මෙසේ උන් ස‍ඳෙහි සක් දෙවිදා

227. වර කත රඟින් සර මාතලි රියැදුරා
සුර සිරි සඳට ආකර ගොස් දැක වැඳ
පුරඳරා
සුර සබ කිරි සයුර එගුත්තිල ඇදුරා
පුවුටු සඳරස් ලෙසින් මනහර ඇවිත්
සිටිති කියැ ඉඳුරා

228. සුරන් සිත් මුහුදා සුරඟන අදහසී
කලඹන රුවින් නොමදා එක් කර සිනිඳු
සුබැසි
සහ හුරඹ සමුදා තෙපලින් සහසැසි
සුදා නම් සුර ළඳ ද එ සඳා වහා කැදවා
එවයි පැවැසි

229. සුරයෙන් පහන් වන සුර රජුගෙ එ බසට
මැද රැදි හසුන් බබළන තුටුව
රියැදුරු එමැ විට
සුර සබ විල වදින එපවත් බෝසතුට
උදය රිවි රස් ලෙසින් තොස්
වන කියා කැඳවා ගියේ සබයට

230. සදෙව් ලොව දෙවඟන රිවි කිරණට හමුව
පසු කර රුවින් බබළන පිපි
පියුමන් සෙ නවමුව
සුරිඳුට පියඹ වන සක් දෙවිඳුට යොමුව
එසඳ සිත් නම් පවර
සුරඟන පසන් සුරසෙනග දැක පළමුව

231. විහිදෙන මිණි පබා දුරු කර නොදැන්මා
වතුරෙන් සබස කලඹා ලබමි මතු
සුර දැන්මා
දෙ පස උන් මහ බා පිහිටි නර දැන්මා
දෙ තිස් සුරිඳුන් ගෙ සිරි
නරඹා කිමෙක ගෙන්නු කරුණු දැන්මා

232. නොදැන මෙ සසර හිමි තෙලෙ සුරඟනෝ යැද
දහම් දත් සත කො තරම් ඇදුරු
තොපගේ වෙණ නද
මුස කරවන තරම් කිවුය ඇසියටි සඳ
බලා එසුරන්ගේ රුව මනරම් එයින්
ගෙන්නූයෙම් මෙ තොප අද

233. වල් විදුනා දැරු මින් වුව මනායා
සුර සෙන් සමඟ රුසිරූ අස්නෙක ඉඳ
මනායා
සක් දෙවිඳු පිළිරු තුටු කර මනායා
පෙනෙන රන් මිණි බිතින් සොඳුරු කියත
කරව යි ගායනායා

234. නොහැඳින පුරඳුරු හිමි සඳුනි සුර පති
වැන්දයි කියා පිළිරු ගඳඹ
ඇදුරන්ගේ නිති
වන බියෙනි නිසරු පවතිනා මෙ සිරිති
විමස-විමසා සි‍ටිති ඇඳුරු
නොමිලයේ ගියනා නොකෙරෙති

235. දුරැර ඔහු කුහුලී කරවන සිත පැහැදේ
මෙහෙයා නෙතිඳු මිණි ලී වෙණ
ගායනා මෙ ස‍ඳේ
පුරඳුරු මන කලී මෙතොප දොළ පසි‍ඳේ
සතුටු විය යුතු තෙපුල්
තෙපලී දෙමැ යි කී දෙවිඳු රිසි රිසි දේ

236. ඔහු කී බසු අසා මෙ සුරඹ පෙර දවස
නැමද බෝසත් සකසා කළ පින් කියත
තතු ලෙස
දෙන පඩුරක් ලෙසා කර අප සිත සතොස
මෙලෙස රස මුසු බසින් පවසා එම ය
මිලදීම නම් සහසැස

237. සුර රුපු යස පැහැය බෝසතුගෙ එ බසින්
පෙන්නූ තමා යස රැස සිත සිත
පිරුණු සතොසින්
සුර ඉසුරෙන් සිරස යුතු මඳ මඳ හසින්
සරණ තඹරින් සැරූ සහසැය
කිවුය සුර අඟනෝ ද මෙලෙසින්

238. අප කළ කුසල් පෙර උන් කළ පින් අසා
පසුව පවසමු සැක හැර සිතෙහි
සපිරැණු වෙසෙසා
කල් නොයවා ඇදුර උතුළෙව් දළ තොසා
දැන් ම වීණා ගායනා කර කීය
බෝසත් තෙපුල් මෙ ලෙසා

239. යන මේ බස් අසා දිවි සපල වූයේ
මුවෙන් නොබැණ ම ඉවසා ඊමකින් වැඩ
වූයේ
එබස එක් පෙදෙසා කනට සැප වූයේ
සුදුසු අස්නෙක්හි ඉඳ සතොසා අද ය වෙසෙසින්
පහන් වූයේ

240. මහ බෝසත් ඇදුරු මුන් දැයි සිය සකින්
සත් සර නඟන සුමියුරු
ඇසුයෙමි පින් නිදුකින්
සත් තතෙකින් සොඳුරු ඇඹෙයි මට මෙතෙකින්
සදා වීණාව ගෙන
විසිතුරු ගොසින් පින් රැස් කරමි ඉතිකින්

241. උන් සුර සෙන් සබා බෝසතුගෙ තෙපුල ට
එක එක සරින් කලඹා තුටුව
බරණැස් නුවර ට
දිව ගඳඹ පසු බා ඔහු ගෙන යන ලෙස ට
වැයි සතියක් ම බා නොතබා කීය
සක් දෙවිඳු මාතලි හට

242. වැලඳී සත් තත් විදු එස‍ඳෙහි මාතලී
වෙණ මේ කුළින් පිරිසුදු සුදු
සිඳු පෙළින් උඳුලී
සර වැසි වසිත රුදු දිව රතයෙන් බලී
සතොස් වතුරෙන් පිරිණි
සබසිඳු ඇදුරු සිය නුවරෙහි ම ඇරැලී

243. සුර සබ සකොබ කර ආවයි යනු අසා
වීණා වයා මනහර සිටි සිටි තැනින්
නොලසා
උන් ඇදුරුට පවර ඔහු දකිනා ලෙසා
සතුටු සුර අඟනෝ තමන් පෙර ඇවිත් රැස්
වූ දනෝ සහසා

244. සිල් රැක දන් දිදී නරන් නිසි පින් කර
කසුප් මුනි සමසේ දි ගොස්
ලබන සිරි සුර - පුර
පින් කළ රඟ යෙදී තොප දුටුවෙන් මෙ වර
කිවුය නෙ වෙනම සිතු
පැහැදි එදැන් කියවයි කිවුය ගෙන හැර

245. එස‍ඳෙහි තම ගොසින්
දුටු සුර පුරෙහි වෙසෙසින්
සිරි පවසන ලෙසින්
දෙසී නිසි දම් දෙසුම් මෙලෙසින්

246. සිය දහසක් දිව පහයෙන් කර සතොස දස
දහසක් යොදනෙක සැදි සුනෙර හිස
මිස
පසසක් පැවැසිය නොහැකි ඇති ලෙස
දිටියෙමි සක් පුරවර සිරි නොයෙක ලෙස

247. කිමෙක කියනු සුර පුර සිරි සර වෙසෙස
මෙලොව සියක් අවුරුදු එහි එක දයස

එවැනි එ සුර පුර සිරි සැප ලබන ලෙස
කරව කුසල් තෙපි මඳකුන් නොව අලස

248. ඇතෙක දෙතිස් කුඹු දළ සිව් සැටක් ඇති
ගෙයෙක යොදන ලද සුදු සිඳු දහස් ඇති
රියෙක යොදන ලද සුදු දහස් ඇති
එසක සැපත් පවසා කිම ඉමෙක් ඇති

249. ගෙයෙකු පැහැය ගව් දෙසියෙක දිසේ යා
මලෙක සුවඳ සිවු සිය ගව් ඇසේ යා
ගලෙක මෙළෙක උන් සක් නැබ වැසේ යා
නොයෙක එසග සැප පවසමි කෙසේ යා

250. ලොවැති සියලු විසිතුරු සිරි සර අසැකී
කැමැති වුවොත් එක ගසෙකින් ම ලද
හැකී
පැවැති මෙසෙවු සුර පුර සිරි සර නොයෙකී
කියති කවුරු සිතිනුත් නොම
සිතිය හැකී

251. රන් පැහැයෙන් එහි සත් සිය යොදුනුසය තුන් සිය
යොදුන් දිග ලෙළදෙන දද
රැසය
මන් තොස වඩන එහි සුරඟන සුවහසය
පින් කොට එකකු ලද සග සිරි මේ ලෙසය

252. මුනිඳු කිව ද නොගෙවෙන සග සිරි සැපත
සිරිඳු ඉසුරු දැන් පවසනු කිම අනත

පසිඳු නොවන එක දෙවියකු සිරි සැපත
දිළිඳු බවෙක මුළු දඹදිව රජ සැපත

253. උපන් දිනෙහි හන් සළු පැළැඳි දිව මලී
ඔවුන් මියෙන තෙක් පවතී ය දිලි
දිලී
මෙවන් එසග සිරි දෙන පින්කමට බලී
ලෙවන් ඉඳින රඟ බල නොකර ඇදැහිලී

254. මියඟ රැසින් එළි කර ලොව දස දිගත
සිතඟ ඉසුරු ලද දෙවියන් හට සතත
නිසඟ අනිටු අරමුණු පමණෙකුත් නැත
එසඟ සැපත් විඳිතොත් කරව පින් සත

255. පසඟ තුරන් නදයුරු මිණි කිකිණි ගොසේ
සමඟ රුවන් පහයෙන් යනෙන නුබ කුසේ

සිතඟ ලෙසින් කෙළි නළු විඳින නොකමසේ
එසග සුරන් සිරි නුබුදු ව කියමි කෙසේ

256. විහිදි සුවඳ හැම සඳ සැප පහස දෙන
පැළැඳි රුවන් බරණින් අඳුරු දුරැ ලන

මහිදි මහිම සුර සෙන් දිටිමි වෙසෙසින
නොවිඳි මෙවැනි සග සැප දද බැවින් දන

257. විසූ වද එ සග සිරි නොදැනෙයි තොපට
ඇසූ වයි කෙසේ දැනෙනු ද නියම කොට
තියූ සුරඹ වෙණ වැයුමට පඬුරු කොට
දෙසූ කුසල් පමණක් ඉන් අසව තු‍ට

258. එක් අඟනක් සිවුරට දුන් වතින් සොඳ
දක් වන මෙන් පින් පල සුරඟනන් මැද

සක් දෙවිඳුගෙ මන් පිනවන රුසිරු ලද
දුක් නොවිඳිනා පින් ම ය කළ මනා සොඳ

259. නිමල් සුමන මල් දමෙකින් පිදුවෙනි
ළකල් කුළඟනක් ගොස් සහ පිරිවරිනි

සියල් සිරිත් පැලඹෙයි දෙව් ලොව දෙවෙනි
එමල් පැළඳ ලද හැකි දෝ සැප මෙ වෙනි

260. සියසිතු පැහැද අඟනක් ඇඳින පින් කෙත
පියයුතු සුවඳ දි ගොස් පුරඳරා වෙත

තමසතු සුරඹ දහසක් පිරිවරා ගත
දියයුතු නොවන දෙය කිම සිතු සැදැහැ ඇත

261. එක් අඟනක් සඟනට පත් අතර මඟ
උක් රසයක් දුන් කුසලින් ඉපිද සග
සක් දෙවිඳුගෙ මන වඩමින් වෙසෙසි ළඟ
දුක් දුර ලන බල මහ පින් කමෙකැ රඟ

262. රන් දා ගැබක පෙර අඟනක් සැදැ යුතු
දුන් නී සුවඳ පසඟුල් පහදවා සිතු

පින් සර සුරඹ දහසක් පිරිවරා ගතු
ඉන් මුනි මය පිරිනිවිය ද පිදිය යුතු

263. පැහැද දිනෙක අටසිල් රැකි පිනින් එම
ඉපිද සුරිඳු පුර පසු බා සුරඹ හැම

නොමඳ ඉසුරු ලද අඟනක් දිටිමි මම
නිබඳ පොහොය සිල් රැකියොත් කියනු කිම

264. උන් සඟ දැක යෙහෙකැයි දිය ලදෝතිනි
දුන් අඟනෙක් බොන පැන් පමණ දෝතිනි

දැන් සුර පුර බබළයි රුසිරු දෝතිනි
පින් කෙත් ඇඳින දන් දෙව දන් දෙතෝතිනි

265. සරොසව පරුස තෙපලන නැඳි මයිලන්ටත
නිරොසව පැවති අඟනක් සක් දෙවිඳුන්ට
පියඹුව වෙසෙයි වැඩියෙන් සෙසු අඟනන්ට
නොකිපෙව එයින් මඳකුත් වැඩි සිටියන්ට

266. පෙර එක් දැසක් තම ලත් බත් බෙදා දී
ලැබගෙන නොයෙක් සුර සිරි පිරිවරාදී

කරවයි එසක් දෙවිඳුගෙ සිත් සමාදී
ලද එක් පිඬක් වත් වළඳව බෙදා දී

267. පෙර කිරි බතක් බික් සඟනට සිත පෑද
දන් දුන් කතක් සුර පුර රන් පරසාද

ලැබගතු තුනක් පිරිවර ඒ කෙ වනා ද
දන් ඉන් සිතක් ඇති මිනිසෙක් නොම දේ ද

268. උක් දඬු කඬක් සඟනට දී කෙලෙස් දෙවී
පිළිසිඳ ළඳක් සුර පහයෙකැ පිනින්
මැවී
ලැබගතු එසක් දෙවිඳුට මෙහෙසුන් පදෙවී
තම හට වැඩක් සිත තොත් දන් දෙනු
මැනැවී

269. තිඹිරි පකක් දුන් අඟනක් සඟන දැක
ඉතිරි සැපත් ලැබ ගෙන රන් විමානෙක

සපිරි එළඳ පිරිවර ලියො ම දාසෙක
ඉදිරි පිහිට පින් ම ය ඉන් නොවව් සැක

270. ලැදි ලියක් කැකිරක් දී එයින් පෙරා
සැදී රුවන් පායෙක පුරඳරා පුරා

විදී කැමැති සිරි සුරනිඳු සියෝ කරා
මෙදී කිමැයි නොකරව් සිත අනාදරා

271. ගිනි කබ ලක් දුන් අඟනක් කර අදරා
පිටි වහ ලක් කර එ ම ඉපද සුර පුරා

කෙළිනමලක් මෙන් වුව සක් දෙවිඳු කරා
බලකුසලක් දෙන රඟ සග ඉසුරු බරා

272. සැදැහැති ලියක් දන් දී මුල පලා අල
ලැබරුති රුසිරු පුර පිරිවර යසෝ බල

සුරපති සමඟ සිරි විඳ වඩවඩා ලොල
නොකරති මෙ සෙව් පල දෙන පින් තිරා කල

273. නැසී දිළිදු අඟනක් දි කොසඹ කොළ
නිසී තිදස පහයක වැස රුවනුදුළ
රසී රුවින් පුරවයි සුරනිඳුන් දොල
කුසී නොවව් පල දේ ම ය කුසල් කළ

274. දුන් අඟනක් පෙර සඟනට ඇඹුල් කැඳ
නන් සුර සිරි සර පායක ගොසිනිපිද
මන් පිනවන පිරිවර ලෙව් සරන් ලද
ඉන් දුන මනා දන් මැය සිල්වතුන් ලද

275. එකතල් වැටක් දුන් ලිය මුනි සුතක් හට
ඇමකල් පිපෙන මල් වතු විල් සැදු
වට
මනකල් සුරිඳු පුර පහයක වෙසෙයි තුට
නිරවුල් මෙ සෙව් දන් දුන මැනැවි හැම
විට

276. වහන් දෙකක් දුන් අඟනක් ඉසුරු පනා
යොදුන් උසැති පහයක ඉපිද පැහැ පතා

නුවන් යසස් තුටුවන තුරු රුසිරු පතා
මෙවන් සැපත් දෙයි පින් කරව නිති පතා

277. පින් පල අසා දි අඟනක් පත් කඩය
රන් පහයක ලෙළ රසු දැල් ගත් හඬය

මන් ලෙස වෙසෙයි සෙසු අඟනක් අත් මැඬය
පින් මිස අනෙක් කිම කරතොත් අත් වැඩය

278. සැකව මඳක් නොසිතව කියෙමි මෙ ති නී
තිදිව මෙ හැම සිරි දුටුයෙමි මගෙ
නෙති නී
තිරව එ සග සිරි සැප ලබතොත් සතිනී
කරව කුසල් නිතර ම පිරි සුදු සිති
නී

279. සුර පුර සිරි සියල් දෙරණ උඩු යටි කොට
පැවසූ තමන් මෙ තෙපුල් එහි
අමරසය කැටි කොට
රිවි කිරණින් නිමල් දෙන
මෙන් මුළු ලොවට
පුබුදු කරවිය දනන්
මන විල් නිවන් දෙන දම්දෙසන හැම විට

280. බුදු කෙනෙකුන් ලෙසා සග මොක් දෙන නිසී
නිති පර වැඩ ම උදෙසා එක
එක බසින් සුබැසී
පැවසූ බණ අසා තුටු කර එ නරසී
එකල මුළුලොවදනෝ මෙලෙසා ඇසූ බඹ
සුර නරන් එකසී

281. සුර සැපතෙහි ලැදී අටඟින් යුතු නදා
දස අකුසලෙහි නොයෙදී මියුරු බඹ
ගොස විහිදා
සිහි නුවණීන් යෙදී සිවු සස් සහ යොදා
නො මඳ පින් රැස් කළෝ
පැහැදී දෙසා නිම වී මෙ ගුත්තිලදා

282. සත වෙත පහළ මෙත් මුළු ලොව ව‍ැවේ වා
වෙර බැඳ ම වෙත මැදහත් දුබික්
දුක් දුරු වේ වා
අනුවණ මෙ දෙවිදත් සුසිරි ළඟ වේ වා
මෙ සේ නැසුණේ වේ ද
පළමත් රජුට දිය වැඩ මඟුල් වේ වා

Last Updated on Sunday, 07 August 2011 19:50
 
1.jpg

Download Toolbar

 
 

Most Popular Articles

Latest Articles

Copyright © 2005 - 2016 (ඉස්කෝලේ) eduLanka Online Education School of Sri Lanka