|
අධිකරණ අමාත්‍යාංශය - සංවර්ධන සහකාර තනතුර සඳහා බඳවා ගැනීම
අධිකරණ අමාත්‍යාංශයේ පුරප්පාඩුව පවතින සංවර්ධන සහකාර තනතුරු 01
ක් සඳහා උපාධිධාරින්ගෙන් අයදුම්පත් කැඳවනු ලැබේ.
01. අධ්‍යාපන සුදුසුකම් :- විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාව
විසින් පිළිගත් විශ්ව විද්‍යාලයක උපාධිධාරියකුවීම
02. වැටුප් පරිමාණය :- 15,215 - 10 ං 215 - 4 ං 240 - 7 ං 320 -15
ං 360 - රු.25,965 (ඵභ4* 2006 -්
03. වයස :- අයදුම්පත් භාර ගන්නා දිනට වයස අවුරුදු 18 ට නොඅඩු
සහ අවුරුදු 30 ට නොවැඩි විය යුතුය. දැනට රාජ්‍ය සේවයේ
නියුතු වූවන්ට උපරිම වයස් සීමාව අදාල නොවේ.
04. බඳවා ගැනීමේ ක‍්‍රමය :- සුදුසුකම් සපුරා ඇති අයදුම්කරුවන්
ව්‍යුහගත සම්මුඛ පරීක්ෂණයක ප‍්‍රතිඵල මත බඳවාගනු ලැබේ.
05. සේවයේ නියුක්ත කරවීමේ කොන්දේසි :-
1. මෙම තනතුර ස්ථිරය. විශ‍්‍රාම වැටුප් සහිතය.
2. ආයතන සංග‍්‍රහය, මුදල් රෙගුලාසි සහ රාජ්‍ය සේවයේ පොදු
කොන්දේසිවලට ද, මෙතෙක් නිකුත් කර ඇති හා කලින් කල
නිකුත් කරනු ලබන නියෝග, රෙගුලාසිවලට ද යටත් විය
යුතුය.
APPLICATION FORM AND DETAILS : http://www.dailynews.lk/2001/pix/GazetteS11-11-18.pdf
|