|
ජාතික උරුමයන් පිළිබඳ අමාත්‍යාංශය යටතේ ඇති පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහා ශ්‍රි ලංකා තාක්ෂණ සේවයේ කාර්මික නිලධාරී (සංරක්ෂණ සහකාර) /සැලසුම් ශිල්පී/පුරාවිද්‍යා ප්‍රතිරූපණ ශිල්පී තනතුරු වලට බඳවා ගැනීමේ විවෘත තරඟ විභාගය - 2012
1) පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ශ්‍රි ලංකා තාක්ෂණ සේවයේ කාර්මික නිලධාරී (සංරක්ෂණ සහකාර)/ සැලසුම් ශිල්පී/පුරාවිද්‍යා ප්‍රතිරූපණ ශිල්පී තනතුරු සඳහා මෙයින් ඉල්ලුම්පත්‍ර කැඳවනු ලැබේ. ඉල්ලුම් පත්‍ර පහත දක්වා ඇති ආකෘතියට අනුව පිළියෙල කොට 2012 දෙසැම්බර් මස 31 වැනි දින හෝ ඊට පෙර මාවෙත ලැබෙනසේ එවිය යුතුය.
2) වැටුප් පරිමාණ - III ශ්‍රේණිය (රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 06/2006 යටතේ MN-3-2006 A)
15,005 - 180 x 4 - 240 x 6 - 320 x 11 - 360 x 20 - 27,885/-
පුහුණු ශ්‍රේණිය - මාසික දීමනාව - රු. 12,920/-
3) සේවයේ නියුක්ත කරවීමේ කොන්දේසි
III ශ්‍රේණිය:- මෙම තනතුර ස්ථිරය. විශ්‍රාම වැටුප් හිමිය. පත්කිරීම කරනු ලබන්නේ අවුරුදු තුනක පරිවාස කාලයක් පිටය.
පුහුණු ශ්‍රේණිය :- පුහුණුලාභීන් දෙවසරක න්‍යායාත්මක හා ප්‍රායෝගික පුහුණුව නිම කිරීමෙන් පසු පැවැත්වෙන විභාගය සමත් වන්නන්ගෙන් ඉහළම ලකුණු ලබාගත් අනුපිලිවෙල මත පවත්නා පුරප්පාඩු සංඛ්‍යාව මත III ශ්‍රේණියට පත්කරනු ලැබේ.
4) අවශ්‍ය සුදුසුකම්
සෑම ඉල්ලුම්කරුවකුම තමා පහත සඳහන් සුදුකම් වලින් යුක්ත බවට සාක්ෂි ඉදිරිපත් කළ යුතුය:-
(අ) විශිෂ්ඨ චරිතයෙන් හා මනා ශරීර සෞඛ්‍යයෙන් යුක්ත බව.
(ආ) 2012.12.31 වැනි දිනට වයස අවුරුදු 18 ට නොඅඩු හා අවුරුදු 30 ට නොවැඩි බව.
( දැනටමත් රජයේ සේවයෙහි නියුක්ත අයට මෙම වයස් සීමාව අදාළ නො වේ.)
(ඇ) අධ්‍යාපන සුදුසුකම්
ඉහත සඳහන් සියලු තනතුරු වල III ශ්‍රේණියට සහ පුහුණු ශ්‍රේණියට බඳවා ගැනීම සඳහා පහත සඳහන් අධ්‍යාපන සුදුසුකම් සියල්ල සපුරා තිබිය යුතුය.
(i) ඉහත තනතුරු වලට බඳවා ගැනීමේ විවෘත තරඟ විභාගය සඳහා පහත සඳහන් සුදුසුකම්ලත් වයස අවුරුදු 18 ත් 30 ත් අතර (දැනට රාජ්‍ය සේවයේ හෝ පළාත් රාජ්‍ය සේවයේ නියුතු වුවන්ට උපරිම වයස් සීමාව අදාල නොවේ) ශ්‍රී ලංකා පුරවැසියන්ගෙන් අයඳුම්පත් කැඳවනු ලැබේ.
(ii) භාෂාව හෝ සාහිත්‍ය, ගණිතය, විද්‍යාව සහ තවත් එක් විෂයයකට සම්මාන සහිතව විෂයයන් 06 කින් අ.පො.ස(සා.පෙළ) විභාගය එකවර සමත්වීම , සහ
(iii) ශුද්ධ ගනිතය/ව්‍යවහාරික ගණිතය/සංයුක්ත ගණිතය සහ භෞතික විද්‍යාව යන විෂයයන්ගෙන් දෙකක්ද සහිතව අ.පො.ස (උ.පෙළ) විද්‍යා විෂයයන් 03 කින් එකවර සමත්වීම. සහ
(iv) පරිගනක වදන් සැකසුම/යතුරු ලියනය/ලඝුලේඛණය පිළිබඳ තෘතීයික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව විසින් පිළිගනු ලබන සහතික පත්‍ර පාඨමාලාවක් සමත්ව තිබීම.
(ඈ) III ශ්‍රේණියට අයදුම් කිරීම සඳහා වු වෘත්තීය සුදුසුකම්
කාර්මික නිලධාරී (සංරක්ෂණ සහකාර) සහ සැලසුම් ශිල්පී තනතුරු වල III ශ්‍රේණිය සඳහා වෘත්තීය සුදුසුකම්
කාර්මික නිලධාරී (සංරක්ෂණ සහකාර) සහ සැලසුම් ශිල්පී තනතුරු වල III ශ්‍රේණිය සඳහා මොරටුව විශ්ව විද්‍යාලය හෝ අම්පාරේ හාඩි ආයතනය/ ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරීමේ අධිකාරිය/ශ්‍රී ලංකා උසස් තාක්ෂණික ආයතනය/ ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලය/ ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනය විසින් පිරිනමනු ලබන ජාතික වෘත්තීය කුසලතා මට්ටම (NVQ) 05 ට නොඅඩු ජාතික තාක්ෂණික ඩිප්ලෝමාව හෝ ඉංජිනේරු ඩිප්ලෝමාව හෝ එම තාක්ෂණික සුදුසුකම් වලට සියලු අතින් සමාන යැයි ශ්‍රී ලංකා තාක්ෂණ සේවා මණ්ඩලය විසින් පිළිගනු ලබන වෙනත් සුදුසුකම්
පුරාවිද්‍යා ප්‍රතිරූපණ ශිල්පී තනතුර III ශ්‍රේණිය සඳහා වු වෘත්තීය සුදුසුකම්
පුරාවිද්‍යා ප්‍රතිරූපණ ශිල්පී තනතුර III ශ්‍රේණිය සඳහා අයදුම් කරන්නන් පිළිගත් විශ්ව විද්‍යාලයකින් හෝ රජය පිළිගත් වෘත්තීය ආයතනයකින් පිරිනමනු ලබන ජායාරූපකරණය පිළිබඳ ඩිප්ලෝමාව ලබා තිබිය යුතුය.
(ඉ) පුහුණු ශ්‍රේණියට අයදුම් කිරීම සඳහා වු වෘත්තීය සුදුසුකම්
කාර්මික නිලධාරී පුහුණු ශ්‍රේණිය සඳහා වු වෘත්තීය සුදුසුකම්
කාර්මික නිලධාරී සහ සැලසුම් ශිල්පී තනතුරු වල පුහුණු ශ්‍රේණිය සඳහා අයදුම් කරන්නන් රජයේ පිළිගත් කාර්මික විද්‍යාලයක රැකියා ක්ෂේත්‍රයට අදාල ජාතික වෘත්තීය කුසලතා මට්ටම (NVQ) 05 ට නොඅඩු ජාතික තාක්ෂණ සහතිකය (තුන් අවුරුදු අර්ධ කාලීන පුහුණු පාඨමාලාව) ලබා තිබීම.
සැලසුම් ශිල්පී පුහුණු ශ්‍රේණිය සඳහා වු වෘත්තීය සුදුසුකම්
රජයේ පිළිගත් වෘත්තීය අධ්‍යාපන ආයතනයක සැලසුම් ශිල්පය පිළිබද එක් අවුරුදු පුර්ණ කාලීන පාඨමාලාව සාර්ථකව සම්පුර්ණ කර අදාල සහතිකය ලබා තිබීම.
පුරාවිද්‍යා ප්‍රතිරූපණ ශිල්පී පුහුණු ශ්‍රේණිය සඳහා වු වෘත්තීය සුදුසුකම්
රජය පිළිගත් වෘත්තීය අධ්‍යාපන ආයතනයකින් පිරිනමනු ලබන ජායාරූපකරණය පිළිබඳ එක් අවුරුදු පුර්ණ කාලීන හෝ දෑ අවුරුදු අර්ධකාලීන වෘත්තීය පාඨමාලාවක් හදාරා සහතිකය ලබා තිබීම.
අයඳුම්පත් භාර ගැනීම 2012 දෙසැම්බර් මස 31 වන දිනෙන් අවසන් වේ. අයඳුම්කරන තනතුරේ නම කවරයේ වම්පස ඉහල කෙලවරේ පැහැදිලිව සඳහන් කර ලියාපදිංචි තැපෑලෙන් පහත සඳහන් ලිපිනයට එවිය යුතුය.
වැඩි විස්තර - http://www.archaeology.gov.lk/web/index.php?option=com_content&view=article&id=187&Itemid=107&lang=si
|